පිළිකා මඬින වයිරස් දුරුකරන පොල්තෙල් ගුණ

මාර්තු 5, 2021

පොල්තෙල් භාවිතයට අද බොහෝ අය බියවනුයේ තෙල් සම්බන්ධ වන ගැටලු නිසාමයි. හෘදය වස්තුවේ රෝග වලට පොල්තෙල් අගුණ බවත්, එසේම අධිමේදතාවය වැනි රෝග බහුල වන බවටත් මත රාශියකි. නමුත් පොල් වලින් නිසියාකාරව තෙල් නිෂ්පාදනය කෙරේද, ඒවා අගුණ නොවන බවට මත මුළු මහත් ලෝකයම අද පිළිගනී. එසේම මිනිසාට පෝෂණීය ගුණය ලබාදෙනු සමඟම යහපත් මේද සහිත පොල්තෙල් භාවිතයට බිය යුතු නොවේ. ඒ සඳහා ෆාම් තෙල් නොව පිරිසුදු පොල්තෙල් වීමද වැදගත් වේ.

 

ඇමෙරිකාවේ පෝෂණවේදීන් ද ශ්‍රී ලංකාවේ නිහාල් මෙන්ඩිස් මහතාද , පිලිපීන ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් පොල් හා පොල්තෙල් නිතර ආහාරයට ගන්නා බැවින් කළ පර්යේෂණ අනුව ඔවුන් සනාථ කර තිබුණේ,

පිළිකා මර්දනය කිරීමේ හැකියාව

පියයුරු පිළිකා මර්දනයට ද

පොල්තෙල්වල 49%ක් පමණ පවතින ලෝරික් අම්ලය ඇසුරින් උපදින මොනොලොරින් ර්ධදධතචභපඪදඥ රසායන ප්‍රබල විෂබීජ නාශකයක් ද වනු බව ද

ඒ මඟින් වයිරස සෛල දියකර හැරීමේ හැකියාව ඇති බවත්, එයින් සරම්ප , හර්පීස් යන වයිරස විනාශ කරන ලද බවත්ය.

පොල්තෙල් වල අඩංගු ග්ලිසරින් මඟින් එය ඉතා හොඳ ශක්ති ජනක ආහාරයක් ලෙස ගත හැක. එය අන්ත්‍රවල ඇති ජීර්ණක ස්‍රාවයන් සමඟ මිශ්‍රවන නිසා පහසුවෙන් දිරවීමේ හැකියාවද ලබාදෙනු ඇත.

පොල්තෙල් වල අඩංගුව ඇති කැප්රිලින් අම්ලය නිසා නිෂ්පාදනය වන මොනොකැප්රිලින් ර්ධදධජචනපඪතඪදඥ මිනිස් සිරුරට ඇතුළුවන රෝග

කාරක විෂබීජ නැසීමේ හැකියාවෙන් ද යුක්ත වේ.

පොල්තෙල් වල ඇති අසංතෘප්ත මේදයන්

ලෝරික් අම්ලය - 44% - 51%

මිරිප්ටික් අම්ලය - 13% - 18%

පල්මිටික් අම්ලය - 07% - 10%

ස්ටියරික් අම්ලය - 01% - 03%

කැප්රිලික් අම්ලය - 5.4% - 9.5%

 

මේවා ඇත්තේ නිදහස් මේද අම්ල ලෙස නොව ත්‍රිත්ව ග්ලිසරයිඩ ලෙසින්ය.

පොල්තෙල් වල අසංතෘප්ත මේද අම්ල ප්‍රතිශතය

ඔලික් අම්ලය - 5% - 8%

ලිනොලෙසික් අම්ලය - 1% - 3% දක්වා

තවද නූතන වෛද්‍ය පර්යේෂණ මතය අනුව පොල්තෙල් වල සතු සංතෘප්ත මේදය මඟින් රුධිරවාහිණී අවහිර නොකරන බවට දැනට සනාථ කොට ඇත. පොල්තෙල් වල ඇති මධ්‍යද්‍රාම මේද අම්ල මෙය ශරීරයට ඉතා ආරක්ෂාකාරි පරිවෘත්තීය ක්‍රියාවලියකට ලක්වන බවට සොයාගෙන ඇත. මෙහිදී ආහාර ජීර්ණ පද්ධතියෙන් පසුව මධ්‍යද්‍රාම මේද අම්ල අක්මාවට පරිවහනය වේ. අනතුරුව ඉන් කොටසක් කිටෝනදේහ නම් සංඝටක උත්පාදනයට ද ඉවහල් වේ. ඉන්පසු ශරීරයේ ශක්ති අවශ්‍යතාවයන්ට උපයෝගිවීම මේ මඟින් සිදුවේ.

පොල්තෙල් බොහෝ භාවිතාකරන ජන කොට්ඨාස ගෙන කළ පර්යේෂණ අනුව ඔවුන් අතර හෘදයාබාධ අවම වීමත් නිරෝගිභාවය අතින් ද ඉහළවීමක් දක්නට ඇත. දකුණු ආසියාවේ අපද නිරතුරු පොල් හා තෙල් දෙකම භාවිතා කිරීම විශේෂයක් වේ.

පොල්තෙල් වල ඇති මධ්‍යද්‍රාම මේද අම්ල ශරීරයේ මේද දහනයට විශාල ලෙස උපකාර කරන අතර, එය පොල්තෙල් වල විශේෂ ගුණයකි.

පොල්තෙල් වල ඇති ලෝරික් අම්ලක ජීවානු නාශකයක් වන බැවින් දිලීර රෝග මැඬීමේද හැකියාවක් පවතී.

පොල්තෙල් වලට කුසගින්න ප්‍රමාද කිරීමේ ගුණය පැවතීම ද විශේෂයකි. කළ පර්යේෂණ අනුව මධ්‍යද්‍රාම මුයිග්ලිසරයිඩ ලබාගත් අය දවසට ගත් ආහාර ප්‍රමාණය කැලරි 256කින් පමණ අඩුවීම ද විශේෂයක් වෙනවා.

පොල්තෙල් අයත් වන්නේ මධ්‍යද්‍රාම මුයිග්ලිසරයිඩ කාණ්ඩයටය.

(ර්ඛ්ඊ) මෙම මධ්‍යමද්‍රාම ඇති ස්වභාවික තෙල් කාණ්ඩයක් වනුයේ පොල්තෙල් හා ෆාම් තෙල්ය. එසේම පොල්තෙල් භාවිතයන් ආශ්‍රයෙන් කළ පර්යේෂණ අනුව එහි ප්‍රතිඵල බ්ධභපදචත ධට ව්භබපඪබඪධද සඟරාවේ පළකර තිබුණේ මෙසේය. එය අනුව පොල්තෙල් අයත් වනුයේ ර්ඛ්ඊ කාණ්ඩයේ

මේදවල ගණයන්ටය. එහි ගුණය දක්වා තිබුණේ,

ශක්තිය වැඩිකරයි

ශරීර පරිවෘත්තිය ඉහළ නංවයි

කැලරි දහනය ඉහළ නංවයි.

ආහාර පරිභෝජනය සීමා කරයි.

ශරීරයේ මේද ස්කන්ධය අඩුකරයි.

ශරීරයේ බර අඩුකරයි.

 

ලෝකයේ අඩුම කැලරි ප්‍රමාණයක් අඩංගු තෙල් පොල්තෙල් වීම විශේෂයකි.

පොල්තෙල් ව්‍යාංජන රසවත් කර ගැනීමට මෙන්ම එම ආහාර ගුණයන් වැඩීකිරීමටත් එදා සිට භාවිතා කොට ඇත. තෙලෙන් බදින ව්‍යාංජන ගැන ඉතිහාස පුවත් දක්වනුයේ දුමන යන නමින්ය. එය දුම්දීම හෙවත් තෙම්පරාදු කිරීම යැයිද මතයක් පවතී. 12 වන ශත වර්ෂයට පෙරද

සිංහලයන් විසින් ව්‍යාංජන දුන්තෙලින් දුමාකරන ලද බවට විශ්වාසයක් වෙති.

බෞද්ධ මතය අනුව පොල්තෙල් සත්තාහ කාලීන ආහාර වර්ගයන්ට අයත් වේ. මේ අනුව දක්වනුයේ සත් දිනක් තබාගෙන කාලයේදීත් , විකාලයේදීත් ඒවා පරිභෝජනයට ගත හැකි වීම නිසාය. ආයුර්වේදයේ හිත භෝජන උදෙසා තෙල් වර්ග ද අයත්වන බවත් ඉන් පොල්තෙල් වැදගත් තැනක් ගන්නා බවත් සඳහන් වේ.

වේ.

 

වෛද්‍ය

නිරූපා සංජීවනී රත්නායක

බදුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.