සිරුරේ ලප, කැළැල් දුරලන ඖෂධීය අබ

ජනවාරි 29, 2021

කුළුබඩුවක් ලෙසින් හා ඖෂධීය පැළයක් ලෙසින් අබ වගා කිරීමට ගොවීන් පෙළඹී තිබේ. මෙම ශාකයේ බීජවලින් ලබාගන්නා තෙල්වලට ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත.

1.කළු අබ 2.රතු අබ 3.සාමාන්‍ය අබ හෙවත් එළ අබ

මේ අතරින් කළු අබවලට වැඩි ඖෂධීය වටිනාකමක් හිමි වේ. මෙම ශාකයේ බීජවලින් නිස්සාරණය කරගනු ලබන තෙල්, ලිහිසිතෙල් ලෙසින් හෝ පහන් දැල්වීම සඳහා ද යොදා ගනී. සමහර අයට අබ තෙල් විෂ නැත. සමහර අයට අබ තෙල් විෂ වේ. මෙම තෙල් ඉතාම ස්වල්පයක් වෛද්‍ය උපදෙස් මත ලබා දුන්න ද අධික ලෙසින් ශරීරගත වුවහොත් ශරීරයට විෂවීම් ඇතිවන්නට පුළුවන. සමහර අයට තල තෙල් ස්වල්පයක් බීමේදී ආපදාවක් නොපෙන්වයි. සාමාන්‍ය තෙලක් ලෙස දැකිය හැකිය. නමුත් දීර්ඝ කාලයක් සිරුරේ ගැල්වීමේදී හම රතු වීම, හමේ පලු නැඟීමේ අවදානමක් පැවතිය හැකිය.

වසර දහස් ගණනකට පෙර සිටම ලෝකය පුරාම පෙර සිටම වගා කළ බෝගයක් ලෙසින් දකුණුූ ආසියාවේ ප්‍රසිද්ධ වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූටානය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, වියට්නාමය, චීනය, ජපානය, උතුරු ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ආසියානු රටවල, ප්‍රංශය, ජර්මනිය, සවානා වනාන්තරවල, දකුණු අපි‍්‍රකානු රටවල සරුවට වැඩී තිබෙනු දැකිය හැකිය.

මෙම ශාකය හොඳින් වැඩීම සඳහා හොඳින් ජලය බැසයන සැහැල්ලු පසක් අවශ්‍ය වේ. එහෙත් විවිධ පස් මාධ්‍ය තුළ වැඩීමේ හැකියාවක් පවතින අතර, ව්2 (නයිට්‍රජන්) අධික තෙත් පසක් අබ වගා කිරීමට සුදුසුය.

අබ වාර්ෂික පැළයකි. ඍජු කඳක් සහිතයි. මුල් කඳෙන් අතුවිහිදී වැඩේ. හොඳින් වැඩුණු ශාකයක උස මීටරයක් පමණ වේ. දැඩි සුළඟට නියඟයට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැත. තරමක් විශාල වූ පත්‍රවල දාරය දැති සහිතයි. මෙම පැළ විශේෂයෙන් වැඩෙන ශාකයකි. හටගන්නා මල් කහ පැහැයෙන් යුක්තය. අබ බීජ ලබා ගැනීමට බහුලව වගා කරනු ලැබේ. මෙම ශාකයේ කුඩා කරල් තුළ බීජ තිබේ. එක කරලක් තුළ බීජ 6-7 ක් පමණ වේ. කරල් පැසුණූු විගස නෙළාගත යුතු වේ. නැතහොත් කරල් විනාශවීමට පුළුවන. මෙම බීජ කහ හෝ දුඹුරු පැහැතිය.

මෙය බීජවලින් පහසුවෙන් බෝකර ගැනීමට පුළුවන. ඒ සඳහා උණුසුම් ජලයේ පැය 12 ක් පමණ කාලයක් බීජ පොඟවා තැබිය යුතුය. ඉන් පසු ලොකු පාත්ති සාදා අප බීජ වැපිරීම සිදු කළ යුතුය. බීජ රෝපණය කිරීම සඳහා තෙත් කරන ලද කඩදාසි උර කීපයක් පොඟවා තැබිය යුතුය.

අබ ඇට පමණක් නොව අබ කොළ, අබ තෙල් ද ආයුර්වේදය රෝග රැසකට ගුණ සලසන වටිනා ඖෂධීය තෛලයකි. සමේ එල්ලා වැටීම සම නිරෝගීව, ශක්තිමත්ව තබා ගැනීමටත්, අබ තෙල් උපයෝගී වේ. අබතෙල් භාවිත කොට ඉන්දියාවේ, ලංකාවේ, බහුතරයක් දෙනා අබතෙල් ශරීරයේ ආලේපකර සම්බාහනය කිරීමේ නිරත වේ. අබ, වදකහ, සහිඳ ලුණු සමව ගෙන එකට අඹරා උණු දිය මිශ්‍රකර සිරුරේ ආලේප කිරීමට පුළුවන. මුහුණේ දද, ලප, කැළැල්, කුරුලෑ නැති වේ. පැහැපත් සමක් ඔබට උරුම වේ.

අබ යනු බුදුන් වහන්සේගේ සමයේ පවා මාතෘකාවට භාජනය වූ කුළුබඩු වර්ගයකි. සිය කුඩා බිලිඳා මියගිය ශෝකය දරාගත නොහැකිව බුදුන් වහන්සේගේ පිළිසරණක් සොයා පැමිණි කිසාගෝතමියට කිසිවෙකුත් නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන පැමිණියහොත් සිය බිලිඳා සුවකර දෙන බවට බුදුන්වහන්සේ දේශනා කළ සේක.

‘අබ’ වටා වසර තුන්දහසක් පමණ දීර්ඝ ඉතිහාසයක් පවතින බව මේ කතාවෙන් දැක්වේ. ‘අබ’ පස්මල්වලින් එක් වර්ගයකි. විලඳ, අබ,ඊතණ,හුලු සහල් පංච ද්‍රව්‍යයන් ලද පස්මල් වේ. ඈත අතීතයේ පටන් පිරිත් සජ්ඣායනා සඳහා ද මංගල පෝරු සඳහා ද සෞභාග්‍යයේ සංකේතයක් බව දැන්වීමට අබ ඇට ද බෞද්ධ වැසියෝ භාවිත කළහ. සැබැවින්ම ‘අබ’ යනු ආයුර්වේද වෙදකමේදී ඖෂධ නිපදවීම සඳහා බහුල ලෙස භාවිත කරන ලද ඔසු ගුණයෙන් සපිරි කුළුබඩුවකි.

කාන්තාවන්ගේ සහ පුරුෂ පක්ෂයේ සමේ එල්ලා වැටීම නොවීම, නිරෝගීව , ශක්තිමත්ව පිරිසුදු තෙල් ගතිය, තබාගැනීමට අබ තෙල් උපයෝගී වේ. මේ අතර අබතෙල් භාවිත කොට සමෙහි පැහැපත් බවත් දීප්තිමත් බවත් ලබා ගැනීමට පුළුවන් වේ. බංග්ලාදේශයේ සමහර දෙනා, දකුණු ඉන්දියාවේ කාන්තාවන් අබ තෙල් ශරීරයේ ආලේප කර සම්බාහනය කිරීමේ නිරත වේ. එහි ප්‍රතිඵල ද ඔබත් සැපට භුක්ති විඳිති. අබ තෙල් හිසේ ආලේප කිරීමෙන් උකුණන්, ලේඬි, ඉස්හොරි වැනි පීඩාවන්ගෙන් මිදී ඔබට නිවැරදි වර්ණයක් කෙස් කළඹෙන් ලබා ගත හැකිවනු ඇත.

 

සෙවණගල කිරිඉබ්බන්ආර

ආයුර්වේද වෛද්‍ය

කමල් බන්දුල වීරප්පෙරුම

 

සංවාදය

ආර්.සනත් ලෙනෝරා

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.