අර්බුදයට මුල හා රටේ ඉදිරි අනාගතය

මැයි 31, 2019

ශ්‍රී ලංකාව තුළ සිදුවූ අනතුරු, අර්බුධ, විපත්තීන් ගැන අනාවැකි රැසක් පළකර ඇති ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී දේශබන්දු වික්‍රමාරච්චි මහතා සුබසෙතට මෙසේ කීය.

කොහොම වුවත් මේ වසර හරිම අසුභ වසරක් බව ඡ්‍යොතිෂය ගැන දන්නා කවුරුත් දන්නා කරුණක්. විපත්තීන් රැසක් වන්නට තියනවා.

මේ වෙසක් සමයේ රෑ එළිවෙනතුරු ලංකාවේ සෑම විහාරස්ථානයකම මුළු ගමටම ඇහෙන්න මහපිරිත සජ්ඣායනය කළොත් අඩු ගානේ පිරිත් කැසට් පටයක්වත් දාලා තිබ්බොත් සිදුවන හානියෙන් 75% පමණ වළක්වා ගන්න පුළුවන්. ඒත් ජාතියේ අවාසනාවට මෙය හරියාකාරව සිදුවන්නෙ නැහැ.

2019-2020 මැයි වසරක කාලය තුළ කැළණි ගඟ,මහවැලි ගඟ උතුරා යන්නේ නොකඩවා ඇදහැලෙන වැස්ස නිසයි. ගංවතුර නාය යාම් ඇතිවෙනවා. ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගිනිකන්දක් පුපුරා දේශීය , විදේශීය ගුවන් යානා අනතුරට ලක්වෙනවා. මේ වසර තුළ බෝවන රෝග බහුලව හඳුනා නොගත් බෝවන රෝග, පාදවල තුවාල, කුෂ්ඨ රෝගීන්ගෙන් රෝහල් පිරී යනවා. ඉඩ පහසුකම් මදිවන තරමට රෝග බිය ඇතිවෙනවා. බාල අපරාධ වැඩිවන අතර ගැහැණු ළමයින් පමණක් නොව පිරිමි ළමුන්ද, අපයෝජනයට ලක්වෙනවා. අක්ෂි රෝග බහුල වෙනවා.

දකුණ, බස්නාහිර ,උතුරුමැද පළාත විශේෂයි. පාසල් දරුවන්ට වුවත් විශාල ජයග්‍රහණ ලැබෙන්නෙ නෑ. ලොකු සාර්ථකත්වයක් නැහැ. මේ කාලේ ජීවත්වන අයගෙන් බහුතරයක් එකම අකුසල කර්මවල කොටස්කරුවන්. ඒ නිසා හැමෝටම වගේ සමාන දුක් කම්කටොලුවලට මුහුණපාන්න සිදුවෙලා.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

නිශානි හේරත් බන්නැහැක

සේයාරූ –

රංජිත් අසංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.