මුෂ්ටි නැතිව බෙහෙත් වට්ටෝරු කියූ වෙද කවි

පෙබරවාරි 23, 2024



වත්මන් වෙදපරපුරට උරුමකර දායාද කර දීමට අපේ පැරැණි වෙද ඉසිවරුන් විසින් ඖෂධ වට්ටෝරු, තෙල් බෙහෙත් කෂාය අරිෂ්ඨ ආසව, ගුලි, කල්ක, පත්තු ඇතුළු බෙහෙත් වර්ග වෙදකවියෙන් වෙදගැට තුළින්, පුස්කොළ පොත්වලින්, මුද්‍රිත පොත්වලින් හා අතින් ලියන ලද පොත්වලින් ලබා දී ඇත.

අපේ දේශීය පාරම්පරික වෙද වෛද්‍ය වරුන් විසින් ඔවුන් සතු වෛද්‍ය පරපුරෙන් පැවත ආ මෙවැනි ඖෂධ වට්ටෝරු තෙල් බෙහෙත් සඟවාගෙන නොසිට මෙසේ හෙළිදරවු කිරීම කොතරම් අගනේද? වටින්නේද? එබැවින් අප අතරින් වෙන්වගිය ඒ වෙද ඉසිවරුන් මහත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබන්නේ පින් අනුමෝදන් කිරීමෙනි.


මහානාලිකෙර තෛලය


කසපැන් දිය සිවුනැලියක් එළකිරි එහි සමානව ද
තල තෙල් නැලියක් සමඟින් කසායෙහිම වත්කර සො ඳ
ඉසිවදනින් පැවසූ මේ කල්කෙට ඔසු ද නුනිවර ද
වැල් මී සඳුනුත් කොට්ටං ඉරමුසු කොකුමුත් අගිල් ද

තිකුළු තුවර මහනෙල් අල සතකුප් නාමල් රේ ණු
ජටාමාංශ මුහනාභිත් සාදික්කා සපුකුකුලි ණු
කපුරුත් එසොලුත් කටුකරොසිනි නොව හැර ණු
කිරිබදු අල හිරිවේරිය සුනුමල් තිපලුත් අරගණු

මෙ හැම සමඟ තුන් කළඳය ගනිමින් නිය මේ
අඹරා ඒ තෙල කලතා උඳුනෙහි මඳගිනි මේ
සමපාකය පදමට සිඳ තුන් දින පසුකර මේ
බා පෙරමින් අභ්‍යංගය කරණ සතට ගුණකිය මේ

සියලුම පිත් විකාරය ද කර්ණ රෝග නොයෙ කී
හිසරුජා ද නෙත් හැකුලුම් ඇගදායත් නැත සැණෙ කී
මෙකී රෝගි දුරුවීමට ඉසිවරයන් පෙර කී
තොසේ ලෙසට පැවසූ මහ නාලිකේර තෛලය නම් මෙ කී



ශි‍්‍රයා දේව තෛලය

එළු කිරි උක්පැණි සහ යුෂ මොනර කුඩුම්බිය කුමරි ක
මී මොරුත් තැඹිලි වතුර එම ලොඳ නැලි එකිනෙ ක
සිවු නැලියක් එළකිරි කහ නැලි නැලි තෛලය මදු ක
මෙ සැවොමත් දියනු මුසුව සුර කිව ලව මැටි බදනෙ ක

තුන් දවසක් ඌරුවෙන්ට තබා කල්ක ඉන්පසු ල න
චන්දන සක් කොලොන්දු(සීනි) දෙව්දර විසිවගපුල් දුරුගෙ න
සුන්විද රැකතත් හිරමුසු මදුක ජාතිපල උපුලි න
සුවඳ හොටත් ගන්ධිවන්නි හිරිවේරිය උක්සකුරි න

කෙසරානා හරන්කසා චෝරක තුන් තුන් කලන් ද
අඹරා ඔසු තෙලට යොදා තුන් දින ගිනිකර මනන ද
නොහැරා තෙල් කල්ක ලනුසෙ රන්වන් පාටින් දි ලෙ ද
එවරා දිය පිට බාතබා සිසිලවේය පදමට සො ඳ

ඉසේගෑම නස්නපාන ඇඟමඩබත් සහ බෝජ න
මෙසේ සෑම විදිකළහොත් මින්පසු මෙහි ගුණපවස න
ඇසේ හැම ලෙඩ ඉසරද වෙව්ළුම් නැත නර කළුව න
නසේ සැම දත්මුල් ලෙඩ ලේ සැරවද මස් කුණුව න

දිවේ ගෙඩිද අතුල් පතුල් ඇගසම් ඉගිලීයාම ද
පිත් අධිකව පපුව දැවිලි දියවැඩියා විසිමේහ ද
කෙසේ වැඩිදාය ඌස්න නැති කරවයි සැකය පසි ඳ
මෙකී ලෙඩ ද නැති කරවන ශි‍්‍රයා දේව තෛලය සො ඳ



කළුනිඹාදී චූර්ණය

කරපිංචා කොළ පොතු මුල් ගෙඩි මල් මේ පස රැගෙ නා
තිපල් ත්‍රිකටුකත් සමගින් රණවරා ද ඇට සොඳි නා
කළුදුරු කළුතලා සමඟ කාන්දම් ද සැම දෙයි නා
සම භාගව කිරා සොඳට වියළා සුනු කර රැගෙ නා

පිරිසුදු ලෙස තනා තිබා තුන්තුන් කලදින් ගන් නේ
උණුවතුරින් අනා උදය මේ සැටියට වළඳන් නේ
විසි මේහද දසට කුෂ්ට කාස ස්වාස ගුණා වෙන් නේ
මෙකී නොකී ලෙඩ ගැන වෙන කළු නිඹා චූර්ණය වන් නේ



දෙදුරු කල්කය

දුරු දෙක අසමොද තුන්වග සමගි න
ලසුනූත් ක්‍රිමිරුපු සුගුතිෂ් පිළිගෙ න
මෙසැම බරට උදුරුප ඇට බරකි න
ඒ සැම බරට නිවුනද මුල් බරගෙ න

එබරට ගෙන පිරිසුදු ජයපාල න
ගිතෙලින් අඹරා කල්කය ලෙසව න
සුරැකිව තබමින් වෙදදුරු සතොසි න
බිලිඳුන් අඩස්සි සන්නිත් උන ය න

ඇල්වතුරෙන් හෝ තනකිරි සමඟි න්
ඉඟුරු මිරිස් තම්බාගත් එදියෙ න්
ඊටම ලසුනුත් තනකිරි සමගි න්
එළඟිතෙල් ද සමකරගෙන දීප න්

තවත් දොඩම් ඇඹුලින් ගෙන දෙන් නේ
කොතඹුරු කසාය කරදීපන් නේ
බාල බිලිඳු හට උතුමැයි දන් නේ
දුරුදෙක කල්කය මේ දැනගන් නේ



මාන්දම් විරේක ගුලිය

දෙදුරු මෝද තෙවගත් තිස්පිලි සිවන් ගුරුත්ගෙන හි ගු
ඉඟුරු මෙරට මිරිස් සමඟ කිමි සතුරුත් ලසුනු තැන් ගු
ඇදුරු මෙ හැම සමබරකින් ජයපාලත් තිරාපන් ගු
එඬරු ඇට ද බේත් බරට බරක් කිරා නොව සුනන් ගු

එම සරක්කු බරට නිවුතමුල් දෙබරයක් කිරාගෙ නේ
සැම පොල්කිරි ලා අඹරා දිනක් පසුවයි සිදුල නේ
සමවන විලස මේ ගුලි මිරිසෑ ට ලෙසි නේ
සැම මාන්දම් දුරුවෙන්නට දෙනු පොල්කිරි මඩිමින් නේ

දෙවනුත් දෙනු තන කිරියෙන් යළි දෙව සියඹලා බොරෙ න්
උනටත් සියඹලා කොළහි යුෂයට ගුලිලා දෙනු ඉ න්
නැවතත් දෙනු අඬන හිරිය කොළ කඩකොට සැබු දියෙ න්
පසුවත් එළඟිතෙල්ලා දෙනු මාන්දමට දෙසි ඇඹුලි න්

ඉක්කාවට


රුක්මල් සඳුන් ලොත් සුඹුලුත් වැල් මී ය
මයිල මල් අරළු ඉරමුසු වම්මුතු ය
ඉරිවේරිය සුඹුළු වැටි සහ සිදපුදි ය
සීනි සමඟ දුන ඉක්කා නසාවි ය

පුසුල් අරලු සුවඳෙට අබරාලු වා
ගිතෙලින් දුම් බිවොත් ඉක්කා නසාලු වා
සිරියල් ගිතෙල් දෙකනම ගෙන දුම්බී වා
ඉක්කා නසයි යනු දැනගන් නියම උ වා


මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.