ලියුුකේමියාවට ඇඟේ ලේ වතුර වීම කියන්නේ ඇයි?

ඇඟේ ලේ වතුර වුණා කියලා කතාවට කිව්වාට ඇත්තටම ඇඟේ ලේ වතුර වුණොත් මොකද කරන්නේ?
නොවැම්බර් 27, 2020

මිනිස් සිරුරේ රුධිරය සුදු රුධිරාණු, රතු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්ම යන කොටස් වලින් නිර්මාණය වෙයි. මේ අතරින් සිරුරේ ඉන්ද්‍රියයන් වෙනුවෙන් ඔක්සිජන් පරිවහනය කරනු ලබන්නේ රතු රුධිරාණු මඟිනි.

මිනිස් සිරුර විෂබීජ වලින් ආරක්ෂා කිරීමට පෙරමුණ ගන්නේ සුදු රුධිරාණුය. ශරීරය තුළ අනවශ්‍ය රුධිරය ගැලීම් පාලනය කරන්නේ රුධිර පට්ටිකාය. රුධිර පට්ටිකා සහ රුධිර සෛල නිපදවන්නේ අපගේ අස්ථි වල මැද තිබෙන “ඇට මිදුළු” වලිනි.

ඇට මිදුළු මුලින්ම නිර්මාණය වන්නේ නොමේරූ රුධිර සෛල වලිනි. මේවා ක්‍රමයෙන් පරිණත සෛල බවට පත් වෙයි. එහෙත් සමහර විට මෙම නොමේරූ සෛල “සාමාන්‍ය පරිණත සෛල” බවට පත් නොවී “අසාමාන්‍ය සෛල” බවට පත් වීමට හැකිය. එලෙස නිර්මාණය වන අසාමාන්‍ය සෛල රුධිරයට එක් වීමෙන් ලියුකේමියා රෝගය ඇති වේ. අසාමාන්‍ය සෛල වැඩි වීම ජීවිතයේ පැවැත්ම අවම කරයි. මෙලෙස ඇතිවන ලියුකේමියා රෝගය ග්‍රාමීය බසින් “ඇඟේ ලේ වතුර වීම” ලෙස හඳුන්වයි. ශරීරයේ සියලු ඉන්ද්‍රියයන්ගේ පැවැත්මට රුධිරය හිඟ වීමෙන් ඔක්සිජන් ද, විෂබීජ වලින් ලැබෙන ආරක්ෂාව ද, රුධිර පට්ටකා වලින් ලැබෙන ආරක්ෂාවද නැති වී ගිය කල කෙනෙකුට අත් වන්නේ ක්ෂණික මරණයකි. මේ නිසා මූලිකවම ලියුකේමියා රෝගය පිළිබඳව දැනුවත් වී සිටීම අපට ප්‍රයෝජනවත්ය.

ලියුකේමියා රෝග ලක්ෂණ.

ලියුකේමියා රෝග ලක්ෂණ ඇති වීම ආකාර දෙකකි. ඒ ‘ඉතා වේගයෙන් වර්ධනය වන ලියුකේමියා’ සහ ‘ඉතා සෙමින් වර්ධනය වන ලියුකේමියා’රෝග ලක්ෂණ වශයෙනි. ඉක්මණින් වර්ධනය වන ලියුකේමියා රෝග ලක්ෂණ දින ගණනක් පවතින උණ රෝගී තත්ත්වය.

බෙල්ලේ, කිහිල්ලේ හා ඉකිලියේ කුද්දැටි ඉදිමීම.

සිරුර සුදුමැලි වීම.

සන්ධිවල හා අස්ථිවල වේදනාවක් ඇති වීම.

හුස්ම ගැනීමේ අපහසුතාවය.

මුඛය වණ වීම.

අධික වෙහෙසෙක් දැනීම.

එක දිගටම විවිධ රෝගාබාධයන්ට ලක්වීම.

සීරිම් හා සිරුරේ ලේ පැල්ලම් ඇති වීම හා විදුරුමසින් ලේ ගැලීම. නාසයෙන් නිතර ලේ ගැලීම.

මෙම අවසන් හේතු තුනට බලපාන්නේ සිරුරේ ඉතා අවම රුධිර පට්ටිකා ප්‍රමාණයක්

පැවතීමයි. සෙමෙන් වර්ධනය වන ලියුකේමියා රෝග ලක්ෂණ. මෙහිදී මතුවන රෝග ලක්ෂණ වසර දෙක තුනක් ගත වනතුරු රෝගියාගෙන් පැහැදිලිව දැකගත නොහැකි වේ. වෙනත් අතුරු රෝගාබාධයකදී රෝගීන් පරීක්ෂා කරන විට මෙවන් රෝගීන් හඳුනාගත හැකියි. වැඩිහිටි පුද්ගලයන් අතර මෙබඳු තත්ත්වයන් ඇතිවන අතර කුඩා දරුවන් තුළ මෙවැනි තත්ත්වයන් පවතින්නේ ඉතාම කලාතුරකිනි. සෙමෙන් වර්ධනය වන ලියුකේමියා රෝගී තත්ත්වය ඇති වීමෙන් පසු දැකිය හැකි සමහර රෝග ලක්ෂණ මෙවැනිය.

අධික මහන්සිය (රක්තහීනතාවය නිසා) හන්දිපත් වේදනාව හා කුද්දැටි ඉදිමීම පැහැදිලි ලෙස බර අඩු වීම.

නිතරම විවිධ රෝග වලට ලක්වීම පරම්පරාගත රෝගයන් නොවුණද, ලියුකේමියාව පරම්පරාගතව ඇතිවන රෝගයක් නොවේ. පියාට හෝ මවට වැළඳුණු පමණින් දරුවන්ට එය නොවැළඳේ. එමෙන්ම පවුලේ එක් දරුවෙකුට ලියුකේමියාව වැළඳුණ ද පවුලේ අනෙක් දරුවන්ට රෝගය වැළඳෙන්නේ නැත. එහෙත් මවට හෝ පියාට වැළඳී නොතිබුණද දරුවෙකුට ලියුකේමියාව වැළ¼දීමට හැකිය. දරුවාගේ ආච්චිට හෝ සීයාට රෝගය වැළ¼දී නොතිබුණද දරුවාට වැළඳීය හැකිය.

ලියුකේමියාව හඳුනා ගන්නා පරීක්ෂණ.

පූර්ණ රුධිර පරීක්ෂාව ඇට මිඳුළු පරීක්ෂාව කුද්දැටි ඉදිමී ඇතිවිට ලබාගත් කොටස් පරීක්ෂාව ඕතධධඤ නඪජබභපඥ පරීක්ෂාව ප්‍රතිකාර වල ස්වභාවය නිශ්චිත ප්‍රතිකාර හා ආධාරක ප්‍රතිකාර වශයෙන් ලියුකේමියා ප්‍රතිකාර ක්‍රම දෙකකි.

ඉක්මණින් ඇතිවන ලියුකේමියා පිළිකා තත්ත්වයන් නිශ්චිතවම සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රමවේද වර්තමාන වෛද්‍ය ක්ෂේත්‍ර තුළ ඇත. දරුවන් ගැන මනා සැලකිල්ලෙන් පසුවන මව්පියන්ට දරුවා තුළ ඇතිවන ඉහතින් දැක්වූ රෝග ලක්ෂණ කීපයක් මුල් අවධියේදීම හඳුනා ගැනීමේ අවබෝධයක් ඇතිකර ගත හැකියි. සෑම මවක් පියෙක්ම තම දරුවන් පිළිබඳව මනා අවබෝධයක්, සැලකිල්ලක්, පරීක්ෂාකාරී බවක් දක්වනවා නම් රෝගය ඉන්මණින් හඳුනාගත හැකි අතර ඉක්මණින්ම දරුවා රෝහල් ගතකර ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් උසස් ප්‍රතිඵල අත්කරගත හැකිය. රජයේ ප්‍රධාන රෝහල් වල මේ සඳහා නිශ්චිත ප්‍රතිකාර පවතියි. නියමිත ඖෂධ භාවිත කිරීමෙන් අද බහුල වශයෙන් ලියුකේමියා රෝගයෙන් සුව වී යළි සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිය.

පිළිකා නාශක ඖෂධ මඟින් සුව වීමට නොහැකි රෝගීන්ට “ඇට මිඳුළු බද්ධ කිරීම” මඟින් සාර්ථකව සුවය ලැබිය හැකිය. එහෙත් ඇට මිඳුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා සැළකිය යුතු මුදලක් ඔබ විසින් වියදම් කළ යුතු වේ. ඇට මිඳුළු බද්ධ කිරීම ඉක්මණින් කිරීම තුළින් එම මුදල අවම කරගත හැකියි. මේ නිසා ඔබ ඔබේ දරුවන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වීම වඩාත් හිතකර බව අවධාරණයෙන්ම කිව යුතුය.

 

උපදෙස්, වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ, වෛද්‍යාචාරිනී

ධම්මිකා අමරසේකර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.