කිරි එරෙන ගුණ යුතු අගනා ඔසුව කිරිබදු

මාර්තු 23, 2019

අප අවට දක්නට ලැබෙන තුරුලතා අතුරින් කිරිබදු යනු ඔසු ගුණයෙන් පිරිපුන් ලතා විශේෂයකි. මෙය ඛණ්ඩිකා ලෙස බෙදුණු පත්‍ර සහ රතු දම් සිට රෝස පැහැය දක්වා වෙනස් වන වර්ණයන්ගෙන් යුතු පුනීලාකාර මල් හටගන්නා මංජරී සහිත දික්ව වැඩෙන කිරි සහිත වැලකි. මෙහි අලය කැපූ විට කපන ලද තැන් වලින් කිරි වෑහෙන අතර අලය ඇතුළත සුදු පැහැයෙන් යුක්ත නිසා ‘කිරිබදු’ නාමය යෙදෙන අතර මව්වරුන්ගේ කිරි වැඩීමටද උපකාරීවන බවටද වෛද්‍ය මතයක් ඇති බව පෙනේ.

මෙහි රසායනික සහ වාජීකරණ ශක්තියද ඇති නිසා පෝෂ්‍ය පදාර්ථ සහිත අල විශේෂයක් ලෙසද හැඳින්විය හැකිය. ආයුර්වේද ඖෂධ යෝගයක් ලෙස ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද බොහෝ සෙයින් භාවිතා කරනු ලබන කිරිබදු වැලෙහි අල සහ ලොකු ප්‍රමාණයේ මුල්ද ඖෂධ සඳහා යොදා ගනු ලබයි. තවද කිරිබදු යනු වැල්, පස්, මුල් වල එක් වර්ගයක් ලෙසඳ හඳුන්වනු ලබයි.

කිරිබදු වැවෙන ප්‍රදේශ

ත විදේශීය වශයෙන්

බෙංගාල් ,ඇසෑම් ආදී උෂ්ණ සහිත ඉන්දියානු ප්‍රදේශවල හොඳින් වැවේ.

ත දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ අධික ශීතල නොවන සියලුම ප්‍රදේශවල හොඳින් වැවේ.

විශේෂයෙන් පහතරට වනාන්තරවල ගංගා ආශි‍්‍රත කැලෑ වල පඳුරුමය ඉඩම් වල, වගාබිම් මායිම් වල ආදියේ දක්නට ලැබේ.

කිරිබදුවල ස්වරූපය

මෙය අඩි 6-7 අතර දිගට වැවෙන වැලකි. මෙහි මුල් මහත්වී (ආකන්ද) අල සෑදේ. කඳන් දිගය. ශක්තිමත්ය ,සිනිඳුය. කිසියම් ආධාරකයක් වටේ එතී ඉහළ නගියි. මෙහි පත්‍ර අඟල් 4-6 පමණ දිගය. පත්‍ර තලය කොටස් 5-7 අතර සංඛ්‍යාවක් බෙදී ඇත. පත්‍ර නටුව පත්‍රය තරම් දිගය. මල් ලොකුය. ලා දම් පැහැතිය. මෙම මල් පිපෙන්නේ වැඩි වශයෙන්ම අපේ‍්‍රල් සහ මැයි මාසවලය. මල්වල මුකුටය පුනීලාකාරය. කිරිබදුවල ඵලය ස්ඵෝටිකාවකි. එය මාංසල මණිපත්‍ර වලින් වැසී ඇත. දුඹුරුපාට පුළුන් වැනි කේශර වලින් බීජ වැසී තිබේ. මෙය බහු වාර්ෂික ශාකයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.