වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
“ධර්ම කර්මාධිපති” යෝගයේ බලය නියම ලෙසට ඵලදීම
අප්‍රේල් 19, 2019
“ධර්ම – කර්ම” යනු භාග්‍යස්ථානය හා කර්මස්ථානයට (9-10) හිමි ග්‍රහ එකතුවකි. තවත් ලෙසකට ප්‍රකාශ කළොත් උගත් බවේ හෝ දැනුවත් කමේ භාග්‍ය මත රැකියා දියුණුවට සම්බන්ධ බලයක් ලැබීමයි. එසේම ජීවිතයේ පැවැත්මට, කරන කර්මාංශ කටයුතුවලට එසේත් නොවේ නම් රැකියා බලයට කරන ශුභ /අශුභ බලපෑම් මෙම යෝගය තුළ ගැබ්ව පවතී.
ධර්ම හා කර්ම ස්ථාන එක් කොට තැනෙන බලයක්, ගමන් මගක් ශක්තිමත් පාලමක් මෙන් මෙම බලය ජන්මියාට ක්‍රියා වනු ඇත.
කාලීන වශයෙන් බලවත්වීමකට අවශ්‍යම වන යෝගයක් සේම, සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේද, සංකීර්ණ රැකියාව හෝ කර්මාංශ බලය ට බෙහෙවින්ම බලපෑම්වලට ලක් කළ හැකි බලයක්ද වේ. අපට මතුපිටින් පෙනෙන මෙම ග්‍රහ බලය පෙනෙන ආකාරය හෝ ඵලදෙන ආකාරය කෙසේ දැයි යම් දෘෂ්ටියකට හේතු වුවත්, මෙම යෝගය ශුභඵල දෙන ආකාරයටම කෙනෙකුට පිහිටන්නේ පෙර භවයේ කරන ලද කුසලා කුසල කර්ම අනුව බොහෝ ජන්මීන්ට “ධර්ම – කර්ම” බලය ඇතිවිය හැකිය. එහෙත් නිරන්තර ලෙස ඵලදෙන ආකාරයට පිහිටන්නේ අතලොස්සක් දෙනාට පමණි. මන්ද, උපතේ දී ජන්මියාට 9-10 හිමිකම අනුව පවතින ග්‍රහ තත්ව මත වේ. සමස්තයෙන් බැලූවිට මෙම යෝගය ධනු ලග්න හිමි අයට රාශි 12 කුමන රාශියකට යෙදුනත් අශුභඵල අවම කර ශුභඵල අධිකව යෙදෙන බවට පෙන්වා දී ඇත. එසේ වන්නේ නව වැන්න වන ධර්මස්ථානයම එක ම දීප්ති ග්‍රහයා වන රවිට හිමිවීමත්, කර්මස්ථානය බුධට හිමිකමත් මතය. එසේ වූ විට 9 හා 10 වැන්නේම දෙදෙනා වෙත්නම් බලවත්ම ඵල නියත ලෙසටම යෙදේ. රවි – බුධ ග්‍රහ දෙපළ එකටම ගමන් ඇති ග්‍රහයෝය. එසේම රවි – බුධ යෝගය නිරන්තරයෙන්ම එක රාශියේම වේ. නිතරම බුධගේ වක්‍ර, අස්ත, නිවෘත වීම් ආදිය රවිගේ රශ්මියට අවනතව යෙදේ. සිංහ, කන්‍යා රාශිවලදීද බුධගේ බලයද අවම වීමක් නැත.
උපතට, ලග්නය, දෙර්කාණ බලය, බාධක බල ආදී සියල්ලම අදාළ කරගෙන බලන විට, මේෂ ලග්නයට දෙවැනි දෙර්කාණය, 22 වැනි දෙර්කාණ (බාධක) බලය ගුරුට හිමිවේ. ඔහු 9 අධිපතියාය. බාධක ග්‍රහයා චර රාශිවලදී බාධක බලය 11 අධිපති ශනිට හිමි වේ. මෙහිදී ධනු,මකර, 9-10 වුවත්. බාධක කම හිමියා ශනි වීම නිසා ද ධ්ධ් දෙර්කාණ බලය ගුරුට හිමිවීමත් අනුව “ධර්ම කර්මාධිපති” බලය යෙදුණද ඵලදීමක් ඇති නොවේ.
ඉහත යෝගය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට රැකියාව, බලවත්වීමට හේතුයි. සිතුවත්, මේෂ ලග්නයට ඵලදීමක් ඇති නොවේ. එහෙත් රවි – ගුරු ( 22 වැනි දෙර්කාණ බලට ගුරුට හිමි නොවුන විට ) එම යෝගය ඉතාම යහපත් ඵලදීමක් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
එස්.එච්. වංසාද සිල්වා
මාදින්නාගොඩ
෴ සබැඳි ලිපි ෴
විවාහය යන්නට නොයෙක් අර්ථකථනයන් ඇතැත් නීතිමය බන්ධනය අත්ලෙහි සටහන් නොවන අතර, අත්ලෙහි විවාහ රේඛාවලින් පෙන්නුම් කරන්නේ තෝරාගත් අයකු සමඟ දෙදෙනාගේ කැමැත්ත...
2024-03-21 18:30:00
අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ආන්දෝලනාත්මක නමක් සහ අංකයක් සම්බන්ධ කතා බහට ලක් වූ නැඟී එන ඉන්දීය ක්‍රීඩකයකු ඔබට මතකද? ඔහු ඉන්දියානු...
2024-03-21 18:30:00
අමෙරිකානු ජානාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජන්ම දින ග්‍රහසටහන අංක 50 දරන රූපසටහනෙහි දක්වා ඇත. ඔහු උපත ලැබුවේ 1946.06.14 වෙනි දිනය.1) ගුරුගේ...
2024-03-21 18:30:00
සුබසෙත පින්වත් පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන මේ පහත සදහන් උතුම් ‘අන්තරාය’ නිවාරණ පිරිත අදටත් බුරුම රටේ වැසියන් ඉතාමත් ගෞරවයෙන් නිති පතා භාවිත කර...
2024-03-21 18:30:00
මාර්තු 26 වැනිදා අලුයම 03.09ට ඥානකාරක බුධ අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. මෙය මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාදය ආශ්‍රිතව...
2024-03-21 18:30:00
ජිවන රේඛාවට සමාන්තරව මහපට ඇගිල්ල පැත්තෙන් විහිදෙන රේඛාව කුජ රේඛාව ලෙස හදුනාගත හැකිය. ජීවන රේඛාවට පාර්ශ්වික රේඛාවක් වශයෙන් පිහිටන මේ රේඛා සමහර...
2024-03-14 18:30:00
ඔබත් මාත් පියවි ඇසින් දකින මේ පෘථිවිය හා මෙහි වෙසෙන මිනිසුන් ඇතුළු ජීවී කොට්ඨාස වලට වඩා අපට නොපෙනෙන තවත් බොහෝ ජීවී කොට්ඨාස ඇති බව බොහෝ ආගම්වල ඇති...
2024-03-14 18:30:00
අප ලොව්තුරා සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ අගසව් තනතුරින් පිදුම් ලත් පින්වන්ත උතුම් මහා රහතන් වහන්සේ නමකි. සරියුත් මහ රහතන් වහන්සේ මහා ධාරණ ශක්තියක්...
2024-03-14 18:30:00
අංක විද්‍යාව පිළිබඳ හැදෑරීමේදී නොම්මර 4ට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයක්. ඔබ ජීවිතයේ විශාල වෙනස්කම් සඳහා සූදානමින් සිටින අවස්ථාවක නිරන්තර ඔබට අංක 4...
2024-03-14 18:30:00
ලොව පුරා කොතැනක හෝ විවිධ කාලවලදී පාලකයන් ජනිත වෙයි. ඔවුන් ගම්, නගර, පළාත්, කුඩා රාජ්‍ය, විශාල රාජ්‍ය, ආදිය පාලනය කරනු දැකිය හැකිය. විශාල...
2024-03-14 18:30:00
තුලාව යනු තරාදියයි. තරාදියක් අතින්ගත් පුරුෂයෙකුගේ රූපයකින් තුලා රාශිය නොහොත් තුලා ලග්නය සංකේතවත් කරයි. මේ නිසා තුලා රාශියෙන් සාධාරණත්වය, යුක්තිය,...
2024-03-14 18:30:00
අංක විද්‍යාත්මක කරුණු විග්‍රහයේදි සූර්යයා හෙවත් රවි ග්‍රහයා මාර්තු මාසයේ ගමන් කරන්නේ මීන රාශියේ වන බවත් මාර්තු මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි...
2024-03-14 18:30:00
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි දිගු තීරයක දිගැටි හැඩයෙන් යුතු නිවාසයකි. යම් කාලයක් තිස්සේ මැනවින් නඩත්තු නොකිරීමෙන් පිටතින්...
2024-03-14 18:30:00
සමාජයේ නොයෙක් අවස්ථාවන්හි පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථාවන් අපට අහන්න දකින්න ලැබෙන අතර, එසේ ඔවුන්ට සියදිවි හානිකර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගැටලු...
2024-03-07 18:30:00
සමාජයේ නොයෙක් අවස්ථාවන්හි පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථාවන් අපට අහන්න දකින්න ලැබෙන අතර, එසේ ඔවුන්ට සියදිවි හානිකර ගැනීම සඳහා විවිධ ආකාරයේ ගැටලු...
2024-03-07 18:30:00
ලොවට ජනිත වන සියලුම දෙනා බහ තෝරන වියේ සිටම සතියකින් කුණුගොඩට විසි කරන සෙල්ලම් බඩුවේ සිටම මිය යන තෙක්ම භෞතික සම්පත් එකතු කර ගැනීමට මහත් උත්සාහයක් දරති...
2024-03-07 18:30:00