ව්‍යාපාරයේ ආදායම් අහිමි කරන අලුත් කොටස් ඈඳීම

මාර්තු 15, 2024

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි දිගු තීරයක දිගැටි හැඩයෙන් යුතු නිවාසයකි. යම් කාලයක් තිස්සේ මැනවින් නඩත්තු නොකිරීමෙන් පිටතින් පෙනෙන ගරාවැටීම එහි සාලයේ දක්නට නොලැබිණි. නිවෙස මැද සිට බැලීමේදී ප්‍රධාන මාර්ගය පිහිටා ඇත්තේ උතුරු දිශාවට වන්නට ය. නිවෙසට ඇතුළුවීම පිහිටුවා ඇත්තේ බිත්ති මායිමක වුවත් ඊශාන දිශාවට වන්නට ය. නැඟෙනහිරද විවෘතව පවතී. වාස්තු ඇහැකින් මේ නිවෙස දෙස බැලීමේදී අපට බරපතළ වාස්තු දෝෂයන් පවත්නා බවක් නොපෙනෙතත් නිවෙසේ නිමාව, මිදුලේ අක්‍රමවත් බව ආදිය සැලකිල්ලට ගැනීමේදී ඉතා අයහපත් අසාර්ථක ප්‍රතිඵල උදාව ඇති බවක් පෙනිණි.

ගෘහමූලික කාන්තාව ස්වයං අධ්‍යයනයෙන් වාස්තු විෂයය පිළිබඳව බොහෝ දේ දන්නා බව වැටහුණි. ඒ අනුව නිවෙසේ ඒ ඒ දිශාවන් පිළිබඳවත් එහි පවත්නා විශේෂ දෝෂ පිළිබඳවත් සැලකිය යුතු අවබෝධයක් ඔවුනට තිබිණි. එසේ වුවත් නිවෙසේ මධ්‍යය නිශ්චිත ලෙස සොයා ගැනීමට (බොහෝ වාස්තු ශිල්පීනටද නොහැකි පරිදි) අපොහොසත් වීමෙන් ඒ ඒ නිගමනයන්හි බලවත් වෙනස්කම්ද අපට හසුවිය.

නිවෙසක් හරි හතරැස් හැඩයක් ගත් විට ඉතා පහසුවෙන් නිවෙසේ මධ්‍යය හා අට දිශාව සොයා ගත හැකි වුවත් අක්‍රමවත් හැඩතල හා දිශාවන් නිවෙස සමඟ යම් ඇලයන් සහිතව පිහිටි නිවාසවල එසේ සරලව මධ්‍යය සෙවීම හෝ දිශාවන් හඳුනා ගැනීම කළ නොහැකියි.

කෙසේ වෙතත් බැලූ බැල්මටම මෙන්ම නිවැරදිව මැන බැලීමේදීත් නිරිත දිශාවට මුළුතැන්ගෙය පිහිටා ඇති බව පෙනිණි. එසේම නිරන්තරයෙන් දානමාන කටයුතු සිදු කරන නිවෙසක් නිසා නිරිතේ ගිනිදැල්වීම බලවත්ව සිදු වීම නිසා ඇතිවන අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්ති ඌණතාව නිවෙසේ අසාර්ථක ප්‍රතිඵල රැසකට බලපෑ හැකි බව ඉතා පැහැදිලිය.

ඒ කෙසේ වුවත් නිවෙසේ පැරණි අදියරේදී ඉතා සාර්ථකව ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඔවුන් අද වන විට නව ඉදිකිරීමක් ඈඳීමෙන් අසාර්ථක තත්ත්වයට ඇද වැටීම විග්‍රහ කර ගැනීම සරල නොවූවත් වැදගත් කරුණකි.

පූර්ව අදියරට අයත් නිවෙස පිහිටි භූමිය සමතල වූවකි. ඒ නිසාම ගොඩනැඟිල්ලක් සමතල ලෙස තනා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණි. පිටුපසින් තනනු ලැබු නව ඉදිකිරීම පිහිටි ඉඩම සැලකිය යුතු තරම් පහළින් තැබූ බැවින් ඉදිකිරීමද පෙර ඉදිකිරීමට වඩා පොළොව පහත් කොට තනා ඇති බව පෙනිණි. එසේම ඉඩම අසලින් වූ ප්‍රධාන මාර්ගය උතුරින් පිහිටා ඇතිවාසේම දෙවැනි අදියරේ කළ ඉදිකිරීම පහතින් දකුණට වන්නට පිහිටා තිබේ. මේ සියල්ලේ සරල අරුත වන්නේ භූමිය ඒ මත ගොඩනැඟූ සමස්ත ඉදිකිරීමත් උතුරෙන් දකුණට පහත් කොට තනා ඇති ඉදිකිරීමත් බව ඉතා පැහැදිලියි. මෙය බරපතළ බෑවුම් දෝෂයකි.

මෙකී බෑවුම් දෝෂය නිසා සිදු වන්නේ ඊශානයෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය මැනවින් භූගත නොවීමයි. එවිට භූ ශක්තිය දුර්වල වීමෙන් ලෞකික දියුණුව බරපතළ ලෙස බිඳ වැටෙන බව වටහා ගැනීම අසීරු නොවේ.

මේ සඳහා විසඳුම වන්නේ පහතින් ඉදිකර ඇති නව අදියරේ ඉදිකිරීමේ පොළොව පුරවා මට්ටම ඉහළ ගැනීමත් භූමියේත් ඒ කොටස පුරවා ඉහළට ගැනීමත්ය. එසේ වුවත් මෙසේ භෞතිකව මට්ටම් නිවරද කිරීම පහසු කාර්යයක් නොවේ. එවැනි අපහසුවකට පත් වූ අවස්ථාවකදී ගුණන පිරමිඩ 9ක් නිරිත දිශාවෙන් හා 9ක් ඊශාන දිශාවෙන් කිසියම් රටාවකට අනුව යොදා අන්තරීක්ෂ ශක්තිය මැනවින් කළමනාකරණයට කටයුතු යෙදිය හැකියි. එහිදී නිවෙසේ මධ්‍යයද පිරමිඩවලින් බලගැන්විය හැකි නම් ප්‍රතිඵලය වඩ වඩාත් සාර්ථක වනු නිසැකයි.

පෙරද දැක්වූ පරිදි උක්ත ඉඩම දිගු තීරුවක් බැවින් සමස්ත නිවෙස මැන බැලීමේදී පළල මෙන් දෙගුණයකටත් වඩා දිගු හැඩයක් සහිත බව පෙනේ. මෙකී දණ්ඩක ආකාරගත් ඉඩමක ශක්තිය ක්ෂය වීම ඉතා පහසුවෙන් සිදු වේ.

මෙසේ නිවෙසේ දකුණු – නිරිත ප්‍රදේශයන්හි ඉතා අඩු අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාවන් (Comic Energy Intensity පැවතීම යනු අක්‍රිය දුර්වල අභ්‍යන්තර නිවෙසක් ඇති කිරීම නිශ්චිත කරවන්නකි.

මෙයට අමතරව බස්නාහිර දිශාවේ මායිම නිවැරැදිව ලකුණු කර ඇතත් වැටක් හෝ භාවිත කොට සලකුණු කොට නැත. ගස් පෙළකින් හෝ බස්නාහිර ආවරණය කොට නැත. මෙබඳු තත්ත්ව යටතේ තවදුරටත් නැඟෙනහිර දිශාවෙන් ගලා එන අන්තරීක්ෂ ශක්ති සංරචකය (Component)  බස්නාහිරෙන් ඉවත්ව යමින් තවදුරටත් අභ්‍යන්තර ශක්තිය දුර්වල කරයි.

වැසිකිළිය නිවෙසට පිටතින් දකුණු දිශාවට වන්නට පිහිටීමෙන් එයින් කිසිදු දෝෂයක් ඇති නොවූවත් බෑවුම් දෝෂය හා නිවෙසේ හා ඉඩමේ හැඩය විසින් මෙවැනි බරපතළ දුර්භාග්‍යයන් හට ගත හැකි බව වටහා ගැනීම මෙහිදී අතිශයින්ම වැදගත් වේ.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.