ගුණ දැන කමු බොමු කමු බොමු මේ රස දේ

සැප්තැම්බර් 27, 2024

රස වගේම ගුණ සම්බන්ධ වන්නා වූ ආහාර රාශියකි. ආහාර වර්ග විස්මිත නිර්මාණයක් වනවා සේම ජීවිතයට ඉතාමත් අවැසි පෝෂක කාණ්ඩයක් ද වෙයි. එයින් අප රස නහර සේම සියලුම පද්ධතියන් කෙරෙහිද මොළයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධවද ආයු වර්ධනය, බලය සඳහා වන මෙහෙය අතිවිශිෂ්ටය. එසේම අප ගන්නා ආහාරවල ගුණ විමසීම මෙන්ම ආහාරයේ ඇති පෝෂණ තත්ත්වය මෙසේ දක්වයි.

තැඹිලි පානය

මේදය නොමැති රසවත් පානයක් ලෙස හැඳින්විය හැකිය. එසේම ජීවානුහරිත පානයකි. එම නිසා විෂබීජ ශරීරගතවීම සිදු නොවේ. මෙය අප ඉතිහාස පුවත්හි පවා සඳහන් වනුයේ දුර්වල අවස්ථාවක රෝගියෙකුට දීම මඟින් ශාරීරික බලය මෙන්ම ශක්තියද, රුචියද ඇතිකරවා මළ මුත්‍රා ද පිරිසුදු කරනා බවය. ලෝකයේ එදා යුද පසුබිම පැවති රටවල තුවාල ලැබූ සෙබළුන් සඳහා තැඹිලි හා මීපැණි දීම මඟින් බොහෝ රෝගීන් මරණයෙන් ගළවාගෙන ඇති බවට තොරතුරු ද ඇත. තැඹිලි වතුර ස්වභාවික Lcotonic Beverage  පානයකි. එහි අන්තර්ගතය අප සිරුරේ පවත්නා Lcotonic සංයුතියට බෙහෙවින් සමාන ය.

මෙහි කැලරි ප්‍රමාණය අඩුය. එසේම මව්කිරිවල පවත්නා ලෝරික් අම්ලය තැඹිලි වතුරවලද පවතී. පොටෑසියම් ද බහුල වේ. සෝඩියම් අඩුවෙන් පැවතීම සේම ක්ලෝරයිඩ් විශාල ප්‍රමාණයක් පවතී. ස්වභාවික සීනි අගයක් ද පවතී. විශේෂයෙන් බොහෝ උදරීය රෝග සඳහා මෙන්ම රෝගී තත්ත්වයන් සුවවීමේ දී සෙම බහුල රෝගීන් නොවන කාණ්ඩයට ඉතාමත් ගුණ වේ. එසේම රූපලාවණ්‍ය සඳහා තැඹිලි ගුණ පානයක් වේ. තවද බොහෝ රෝගයන්හි විශේෂයෙන් පාචනය වැනි තත්ත්වයන්හිදී ශාරීරික විජලනය සඳහා තැඹිලි ගුණ වේ. චර්මාබාධ විශේෂයන්හිදී ද හොඳයි. ආතතිය වැනි අවස්ථාවන්ට තැඹිලි ගුණ වේ. තවද ඕනෑම වයසක අයට ගත හැකි ස්වභාවික පානයක් වේ.

උණුවතුර පානය

බොහෝ අය ශීතල වතුර බීමට පුරුදු වී සිටිති. උණුවතුර බීමෙහි අගය විද්‍යා මතය අනුව බොහෝ ගුණ පානයක් වනුයේ එහි ක්‍රියාත්මක භාවය ශීතල වතුරට වඩා බොහෝ අගයක් ගන්නා නිසාම ය.

1. ස්නායු පද්ධතිය නීරෝගි කෙරේ. මේ මඟින් ලේ ගමනාගමනය වර්ධනය වී සිරුරේ ඇති උෂ්ණත්වය වැඩි වී දහදිය මඟින් හා මුත්‍රා මඟින් ශරීරයේ පවත්නා විෂ පිට කිරීම සිදුවීම මඟින්.

2. බර අඩුවීම සඳහා විශේෂතාවක් වනුයේ සිරුරේ මේදය අඩු කිරීම නිසා ය.

3. අකලට වයස්ගත වීම වැළැක්වීම විශේෂයෙන් උණුවතුරවලින් හමේ නම්‍යතාව වැඩිකරනා සෛල වැඩිවී, හම නීරෝගි කෙරේ.

4. හිසකෙස්වල වැඩීමට හා පෝෂණයට උපකාර වේ.

5. උගුරේ සහ නාසයේ අපහසුතාවය සිරවීම ඉවත් කිරීම සඳහා උණුවතුර මඟින් සෙම ඉබේම ඉවත් වීම මඟින් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ පවත්නා ආසාදන තත්ත්වයන්ට ද ගුණදායක වේ.

6. කුරුලෑ ඉවත් කිරීම, පවත්නා මේදය අඩුකිරීම මඟින්

7. සියලු වේදනාව අඩු කෙරේ. උදරයේ මාංශපේශි ලිහිල්වීම නිසා වේදනාව අඩුවේ.

8. හිස්හොරි වැළැක්වීම සඳහා ද ගුණදායක වේ.

චොක්ලට් ගුණ

රසපිරි පි‍්‍රයතම රසකැවිල්ලක් ලෙස මෙය හැඳින්විය හැකිය. වයස් භේදයකින් තොරව රස ආහාරයක් ලෙස මෙය ගත හැකිය. නවතම පර්යේෂණවල මත අනුව චොක්ලට්වල අඩංගු ශාක ස්ටේරෝල් Plant Sterols හා කොකෝවා ෆේලවනෝල්ස්Cocoa Flavanols  අඩංගු පෝෂණීය තත්ත්වයන් ඉතාමත් ඉහළ අගයක් ගන්නා බවට ඔප්පු වී ඇත.

එසේම යම් යම් දුර්මත බැහැර හරිමින් චොක්ලට් ගුණ සම්බන්ධ වූ වටිනාකම මෙය අධික මේදතාවට මෙන්ම වියපත් අයගේ ස්මරණ ශක්තිය දියුණු කරවන බවටත් හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙහි කළ පර්යේෂණයකදී හෙළි වී ඇත. එසේම වියපත් අයට පවා චොක්ලට් ගුණ හඳුන්වා දී ඇත්තේ මතකයට මෙන්ම ඔවුන්ගේ රෝග නිවාරණයටද මෙය හිතකර බවට ය. එසේම විදෙස් රටවල කළ මෑතකාලීන පර්යේෂණ අනුව හෘදයාබාධ ඇතිවීම වැළැක්වීම තුනෙන් පංගුවක් අඩුවන බවටත් හෘත් හා පරිවෘතිය රෝග රැසකින් අපව මුදාගන්නා ආහාරයක් ලෙසත් ගත හැකිය. කැනේඩියානු අධ්‍යයනයකට අනුව අංශභාගයට ගොදුරුවීමේ අවදානම 22%කින් පහත හෙළනා නිසා චොක්ලට් අතිශයින් මිහිරි රසයකින් යුතු ගුණවත් රසකැවිල්ලකි.

රණවරා

Cassia Auricalate

ඖෂධ පිණිස පංචාංගයම යොදන මේ ශාකයේ පොතුවල රසායනික ගුණ ලෙස ටැනින් හා භස්ම අන්තර්ගත වී එසේම විටමින් සහ යකඩ අඩංගුයි. විසිවැදෑරුම් ප්‍රමේහ රෝගයට මෙන්ම දියවැඩියාව මර්දනය කරනප ප්‍රධාන ඖෂධ යෝගයකි.

කතුරුමුරුංගා

Sesbania Grandfiora

ප්‍රභේද රාශියකි. ඖෂධ පිණිස කොළ, පොතු, මුල්, මල් හා ඇට සහ මැලියම් ගනී. රසායනික ගුණ ලෙස පොත්තේ ටැනින් සහ මැලියම් අන්තර්ගත වේ. විටමින් සී සහ කැල්සියම් බහුල ආහාරයක් වේ. බොහෝ ඌනතා රෝග සඳහා යෙදිය හැකි ය.

මැල්ල කොළ

පිළිකා නාශක ගුණවලින් සපිරි වේ. විටමින් ඒ සහ යකඩ සහිත බව දැක්වේ. මැල්ල කොළවල රණවරා කොළවලට වඩා 10%කට වඩා මිලෝනික සංඝටක අඩංගු වේ.

වැල්දොඩම්

අධික රුධිර පීඩනය හා ක්ලාන්තයට හොඳයි. විටමින් ඒ සහ සී මෙන්ම තන්තු අඩංගු වේ. වැල්දොඩම්වල, ගොටුකොළවලට වඩා විසිගුණයකින් වැඩි සී විටමින් ප්‍රමාණයක් ඇති බවටද, එසේම පිළිකා රෝග සඳහා මෙන්ම පිළිකා රෝග වැළැක්වීමටද සුදුසු බීමක් හා මැල්ලුමක් ලෙස මෙය පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇත. තවද මේ මඟින් අධි රුධිර පීඩනය, ආඝාතය, අංශභාගය සඳහාද සම වියළී යාමද මෙන්ම පිළිකා රෝග නාශක ගුණ මේ නමින් වූ පළා වර්ග 5ම පිළිකා රෝග සමනයට සුදුසු බව කළා වූ පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත. මේ සියලුම පළා වර්ගවල රෝග නාශක සංඝටක පවතිනා බැවින් ඉතාමත් වැදගත් වේ. එසේම සෛලවලට හානි කරන මුක්තකාණ්ඩ අඩපණ කරනා සුවිශේෂී බලයක් මේ පළා වර්ගවල අඩංගු වේ.

කිරි අඟුණ කොළ

Dregea Volubilis Benth
 

සම්පූර්ණ ශාකයම ඖෂධ පිණිස භාවිත කෙරේ. බුද්ධරාජ ආදී කල්ක සඳහා වටිකාවන්ගේ අනුනායම් හි මිශි‍්‍රත උපදානයක් සඳහා යෙදේ. එසේම දේශීය වෙදකමේ පරම්පරාවන්හි බොහෝ ප්‍රතිකාර සඳහා භාවිත කෙරේ. තවද ගලගණ්ඩය සඳහා ආලේපන සකස් කිරීමේ දී කිරි අඟුණ ශාකය යොදාගනී. එසේම නවතම පර්යේෂණවලදී හඳුනාගෙන ඇත්තේ පිළිකා රෝග සඳහා වන විශිෂ්ටතම ආහාරයක් ලෙස භාවිත කළ හැකි බවට ය.

විශේෂයක් වනුයේ මේ මැල්ලුම් පස් වර්ගයම පිළිකා රෝග සුවය සඳහාත් සෑදුණු පසු සුවය සඳහාත් වන ඖෂධීය ගුණැති මහඟුම ආහාරයක් ලෙස දිනපතා ආහාරයට එක්කර ගැනීමට අපට නීරෝගීව ජීවත්වීමට හැකියාව ලබාදීමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.