2025 වසරේ සැමට සුබසෙත සැලසේවා!

නීච භංග රාජ යෝගයෙන් ලග්න නවයකට අවුරුද්දම සුබයි
ජනවාරි 3, 2025

මේෂ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්නවලට මහත් සුබ පලද වෘෂභ, කටක, සිංහ ලග්නවලට මිශ්‍රපල ද උදා කරමින් ජනවාරි 04 ශනි දින දහවල් 12.06ට ඥානකාරක බුධග්‍රහයා ගුරු හිමි ධනු රාශියට සංක්‍රමණය වන්නේ, එළැඹුණු 2025 නව වසරෙහි පළමුවැනි ග්‍රහමාරුව ලෙසිනි.

මේ අතර පංච මහා පුරුෂ යෝගවලින් සස යෝගබලය කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරෙහි ජන්මලාභීන්ටද වර්තමානයේ උත්පත්තිය ලබන දරු දැරියන්ටද භාග්‍යය, වාසනාව ගලා එන පිහිටීමකි. කටක, තුලා, මකර, මේෂ ලග්න ජන්මලාභීන්ට මෙන්ම උත්පත්තිය ලබන දරුදැරියනටද ‘රුචක’ නම් මහායෝග බලය ද බුධ මාරුව ආශි‍්‍රතව උදා වන්නේය.

එමඟින් දැනුම, අවබෝධය දියුණුකර ගැනීමට මෙන්ම බුධ ආධිත්‍ය නම්වූ යෝගයද නීචභංග රාජයෝග බලයද සුචරිතවාදී ආත්ම දමනයෙන් යුතු සුබ ග්‍රහ පිහිටීමක් ලෙස සියලු සම්පත් ලැබීම කෙරෙහි බලපානු ඇත.

නීචභංග රාජයෝගය උදාව පවතින අතර, ආලෝක ග්‍රහයන් තිදෙනාම ප්‍රබලව බුධ සංක්‍රමණය තුළ විද්‍යමානවීම 2025 නව වසර පුරා ශ්‍රී ලාංකේය සිංහ ජනරජ කේන්දර රාශි සටහනට විජයශ්‍රීය උදාකරවමින් ජවබල සම්පන්නව විරාජමාන වීමකි.

කෘෂිකාර්මික, කාර්මික, කම්කරු ඇතුළු පොදුජනතාවට සහනදායී කාලයක් මෙන්ම වාසනාව උදාවනු පෙනෙයි. ප්‍රචාරක ක්ෂේත්‍රය , ජන සන්නිවේදනය, ලේඛන කලාව වේගවත් වර්ධනයක් පෙන්වයි. බොළඳ ක්‍රියාකාරකම් දුරස්ථ කෙරෙන අතර, දැනුම, අවබෝධය දියුණු වෙයි. සැනසුම සතුට උදාකෙරෙයි. එහෙත් හිස, මුහුණ, උරහිස්, උදරය , යටබඩ, මළමූත්‍ර ආශි‍්‍රත වකුගඩු, පාද, ආශි‍්‍රත වරින්වර දැවිලි, පිච්චිලි, රෝගාබාධ මතුවීමට ඉඩකඩ ඇත. චිත්‍රපට, ක්‍රීඩා ,ගායන, රංගන, වාදන ක්ෂේත්‍ර සක්‍රීය වෙයි.

කලාත්මක ආකර්ෂණීය මෙවලම් ඇතුළු ඇඳුම් පැලඳුම් හා සංස්කෘතික දියුණුවට තුඩුදෙයි. අසිරිමත් සිදුවීම් රැල්ලක බලපෑම ලොව පුරා ඇතිවිය හැකිය. හදිසි තීන්දුවලින් දුරස්ථව දෛනික ජීවිත ගතකිරීම ඉතා ශුභවාදී වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.