වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී තමාට වඩාත්ම දියුණුව ඇත්තේ මෙරට ජීවත් වීමෙන්ද නැතහොත් විදේශගත වීමෙන්ද යන්න නිසියාකාරව දැන හඳුනාගෙන ඒ සඳහා කටයුතු කිරීමෙන්...
2019-05-09 18:30:00
* යුරේනස් සමග ග්‍රහ යුදයෙන් බුධ හා සිකුරු පරාජයට* ගුරු හා ශනි වක්‍ර අසුබ ගමනක* රටට දැනෙන සිදුවීම් රැසක්වත්මන් ග්‍රහ ගෝචරය අනුව ග්‍රහ ලොව සෙන්පති...
2019-05-09 18:30:00
2019 මැයි මස 8 වන බුධ දින රාත්‍රී 7.54 ට යුරේනස් හා බුධ අතර යුද සංග්‍රාමයක්ද 2019 මැයි මස 18 වන ශනි දින රාත්‍රී 9.48 ට යුරේනස් හා සිකුරු අතර යුද සංග්...
2019-05-09 18:30:00
ඡ්‍යොතිෂයේ දැක්වෙන සෑම ලග්නයකටම යෝග කාරක ග්‍රහයෙක් සිටී. එනිසා සෑම ජන්මියකුටම යෝගකාරක ග්‍රහයකුගේ බලය ලැබේ. එසේ නමුත් වෘශ්චික ලග්නයෙන් උපත ලැබූ...
2019-05-02 18:30:00
වර්තමානයේ ඇසූ පමණින් ම යම් චකිතයකට පත්වන මෙම විසි දෙවැනි දෙර්කාණාධිපති පිළිබඳ සැළකීමේ දී මෙම ග්‍රහයා සර්ව අශුභ ඵල දෙන්නේ යයි ද ලෙඩ රෝග, අනතුරු, මාරක...
2019-04-18 18:30:00
ශ.ව. 1941ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරී චන්ද්‍ර දේවාධිපති ‘විකාරි’ නම්...
2019-04-11 18:30:00
අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීමබෞද්ධ සම්ප්රදාය අනුව දින ක්‍රමය සකස් වන්නේ චන්ද්‍රයාගේ ගමන අනුවය. චන්ද්‍රයා දින 25 ක ගමන් කාලය තුළ පූර්ණත්වයට පත්වේ....
2019-04-11 18:30:00
ශ්‍රී ලාංකීය සමාජය තුළ ජීවත්වන අය තමන්ගේ ජීවිතයේ වැදගත් ශූභ කටයුතු ආරම්භ කිරීම සඳහා එයට සුදුසු යහපත් වේලාවක් හෙවත් සුබ මුහුර්තයක් ඡ්‍යොතිෂවේදියෙකු...
2019-04-04 18:30:00
බල හීන වූ චන්ද්‍රයා දොළොස්වැන්නේ සිටියදී ලග්නයෙන් අටවැන්නේ පාපයන් සිටියදී කේන්ද්‍රයේ ශුභ ග්‍රහයෝ නොසිටියේ නම් එම ජන්මියා ටික කලකින් මිය යනු ඇත....
2019-04-04 18:30:00
සැමියන් මෙන්ම බිරියන්ද අනියම් සහ අසම්මත ප්‍රේම සබඳතා ඇතිකරගැනීමට හේතුවන කරුණු සෙවීම සඳහා බටහිර රටවල මෙන්ම පෙරදිග රටවලද විවිධ සමාජ විද්‍යාත්මක,...
2019-04-04 18:30:00
මෙලොව එළිය දකින සෑම පුද්ගලයකු ම සමාජ සබඳතා ඇතිකර ගනිමින් ජීවිතය ගෙන යයි. එයට හේතුව කිසිදු පුද්ගලයකුට හුදෙකලා ජීවිතයක් ගතකිරීමට නොහැකි වීම යි. කෙසේ හෝ...
2019-03-21 18:30:00
අත්ල බලා පලාපල ප්‍රකාශ කිරීමේදී අත්ලේ ඇති රේඛාවල පිහිටීම මෙන්ම ග්‍රහ මණ්ඩලවල ප්‍රබලතාවය හා දුබලතාවය පිළිබඳවද පරික්ෂා කිරීම වැදගත් වෙයි. එහිදී එම ග්...
2019-03-21 18:30:00
යමෙක් උපදිනකොට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය ලග්නය කියල දැනටමත් ඔබ සැම දන්නවා. ලග්නය වටා භ්‍රමණය වන ග්‍රහලෝක 9 යි. ප්‍රධාන වශයෙන්. අපි නවග්රහයෝ...
2019-03-21 18:30:00
නීච යනුවෙන් අදහස්කරන්නේ පහත් හෙවත් නින්දිත යන තත්ත්වයයි. එබැවින් ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී ග්‍රහයන් නීච වීමෙන් බොහෝ දෙනෙකු අතර පවතින්නේ අනියත බියකි. එසේ...
2019-03-21 18:30:00
ජන්මියෙකුගේ කේන්දරයක් නැත්නම් ජන්මපත්රයක් කිව්වේ ඒ ජන්මියා උපදින අවස්ථාවේ නැගෙනහිර ස්තිජයෙන් මතු වූ රාශිය ලග්නය ලෙසත්, විශ්වය පුරා විහිදී ඇති ග්...
2019-03-14 18:30:00
නැකත් පිළිබඳව අපි විස්තරාත්මකව බලන විට හැඩතලය, වර්ණය, හැසිරීම හා ප්‍රතිඵල පිළිබඳව විවිධාකාරයි. නැකත් පාද 108 රාශි 12 බෙදී යන්නේ කෙසේද? යන්න ගැන...
2019-03-07 18:30:00