වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්‍යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
2020 පෙබරවාරි 8 සෙනසුරාදා අලුයම 3.52 ට ධනු ලග්නයෙන් සිංහ නවාංශකය උදාවෙද්දී ශනි හිමි පුෂ නැකතේ ප්‍රථම පාදයෙන් සිකුරු හෝරාවෙන් සෙනසුරු පංචම කාල...
2020-01-23 18:30:00
සත්කලත්‍ර , රුචක , වෙශී, වොශී, උභයකාරි අනථා අම්ල, යෝග බලැතිව ධනු ,මීන, මකර, කුම්භ, කටක, මේෂ, වෘශ්චික, රාශි හිමියනට ශුභඵල ප්රදානය කරවමින් කුම්භ රාශිය...
2020-01-23 18:30:00
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගයමේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගව්යාපාර කටයුතු දියුණු වේ. ධන...
2020-01-16 18:30:00
මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි...
2020-01-16 18:30:00
ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020...
2020-01-09 18:30:00
මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි්රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට...
2020-01-09 18:30:00
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2...
2020-01-09 18:30:00
ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.විශේෂයෙන් කර්ම සංඝාත,...
2020-01-02 18:30:00
අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල...
2019-12-26 18:30:00
ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම...
2019-12-26 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ...
2019-12-26 18:30:00
උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට...
2019-12-19 18:30:00
වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග2019...
2019-12-19 18:30:00
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසාජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණාවර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස...
2019-12-12 18:30:00