වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුනි 23 සිකුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 22, 2023
ඉර උදාව - 05.57
ඉර බැසීම - 06.28
රාහු කාලය - උදේ 10.38 - 12.13 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන දිනයකි. වරින් වර නීති පිහිට පැතීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. අමතර වියදම් බහුල කරයි.
වෘෂභ
පැවැති ගැටලුකාරී බවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදාකරන බවක් පෙන්වයි. තීරණ ගැනීමේ දී වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. විදෙස් ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික පිහිට පතන කාලයකි.
මිථුන
ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි. එහෙත් පවුලේ කෙනකු වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවෙයි. රාත්‍රී ගමන් බහුලවන බවක් පෙන්වයි. දරුවකුගේ හිතුවක්කාරකමක් හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි.
කටක
ලැබීම් අතින් යහපත් සතියකි. දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. ඥාතියකුගේ අසනීපයක් හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි. අලුත් හිතවතකු දැන හඳුනාගැනීමට කටයුතු උදාකරයි. ප්‍රධානීන්ගේ ආධාර උපකාර හිමිවන දිනයකි.
සිංහ
ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. ගමන් බිමන් අධිකවීමෙන් සිතේ චංචලබවක් ඇති කරයි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායකයි. අඹුසැමි සිත් තැවුලක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.
කන්‍යා
වගකීම් බහුල කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති අතර, ජලය සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න.
තුලා
විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. එහෙත් ඉක්මන් කේන්ති ගතියක් ඇතිකරන දිනයක් වන අතර හුදකලාව කටයුතු කිරීමටද බලනු ඇත.
වෘශ්චික
පවුලේ සතුට සමාදානය හේතු සැලසෙන දිනයකි. දරුවකුගේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර දුර ගමන් යෙදෙන බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට උත්සාහ ගන්නා කාලයකි.
ධනු
සැලසුම් කීපයක් සර්ථක කරගැනීමට කටයුතු උදාකරයි. සහෝදරයකු සමඟ ඇතිවන සිත් නොහොඳමක් දුරදිග යයි. අලුත් හිතමිතුරන් දැන හඳුනාගැනීමට කටයුතු උදාකරන දිනයකි. වෙනදාට අතමිට මුදල් ගැවසෙන කාලයකි.
මකර
හදිසි ලැබීමක් හේතුවෙන් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා කටයුතු කරන්න.
කුම්භ
අවිවේකී ලෙස දවස ආරම්භ කරයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන අතර, ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කරන දිනයකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
මීන
පැවැති ගැටලුදායක බවකින් නිදහස්වීමට කටයුතු උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගයමේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගව්යාපාර කටයුතු දියුණු වේ. ධන...
2020-01-16 18:30:00
මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි...
2020-01-16 18:30:00
ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020...
2020-01-09 18:30:00
මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි්රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට...
2020-01-09 18:30:00
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2...
2020-01-09 18:30:00
ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.විශේෂයෙන් කර්ම සංඝාත,...
2020-01-02 18:30:00
අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල...
2019-12-26 18:30:00
ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම...
2019-12-26 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ...
2019-12-26 18:30:00
උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට...
2019-12-19 18:30:00
වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග2019...
2019-12-19 18:30:00
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසාජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණාවර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස...
2019-12-12 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරු දින රාත්‍රි 10.13 ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍ය , සාමය, සමාජගත , සාධාරණත්වය තුළින්...
2019-12-12 18:30:00
තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ, ගමන් බිමන්, නඩුහබ, නිර්නාමික තොරතුරු මර්ධනයට, නිදන්ගත රෝගාබාධක සඳහා ඖෂධ නිෂ්පාදනයට, අධ්‍යාපනික කටයුතුවලට මෙන්ම කාර්මික ,...
2019-12-05 18:30:00