වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේවන විට බ්‍රහස්පතිට අයත් ධනු රාශියෙහි වක්‍ර ගමනින් ගමන් කරන සෙනසුරු තම වක්‍ර ගමන් නවතා නැවත සුපුරුදු ගමනින් 2019 සැප්තැම්බර් මස 18 වන බුධ දින කිවිට...
2019-09-05 18:30:00
තුලා රාශිය, තුලා නවාංශකය, සිත 03 පාදය ආශි‍්‍රතව කන්‍යා රවි 13 භාග සැප්තැම්බර් 29 රිවිදින මධ්‍යාහ්න 12.56 ට ගුරු, ශුක්‍ර ෂඩ්කෝණ දෘෂ්ටියෙන්...
2019-09-05 18:30:00
අවුරුදු ගණන් පමා වූ චරිතාපදානය මාස තුනෙන් එළි දැක්වීමට කළුකොඳයාවේ නාහිමියන්ට අඹුවන්ගල මහතා දුන් විස්මිත නැකත‘‘මේ අවුරුද්ද මහානායක හාමුදුරුවන්...
2019-08-29 18:30:00
චන්ද්‍ර, බුධ, කුජ, ශනි, චන්ද්‍ර, ශුක්‍ර ත්‍රිකෝණ දෘෂ්ටියෙන් කන්‍යා රාශිය, මකර නවාංශකය, උතුරුපල නැකතේ දෙක පාදය පෙරදැරිව සිංහ රවි 26 භාග සැප්තැම්බර් 11...
2019-08-29 18:30:00
ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට නීචරාශි භංග වූ බුධට අයත් කන්‍යා රාශියට 2019 සැප්තැම්බර් 10 වන කුජ දින 01.42 ට පිවිස 2019 ඔක්තෝම්බර් 04 වන කිවිදින...
2019-08-29 18:30:00
ග්‍රහ ලොව රූපරාජණිය ලෙස විරුදාවලි ලත් ශුක්‍ර හෙවත් සිකුරු ඔබගේ ජන්ම පත්‍රයේ නවග්‍රහයන් අතරින් ඉතාම සුබ ග්‍රහයෙකි. අප ඉරබටු තරුව ලෙසින් හඳුන්වන අපගේ...
2019-08-22 18:30:00
කන්‍යා රවි 09 භාග බිනර මහේ අව එකොළොස්වක තිථිය ලත් සැප්තැම්බර් 25 වෙනි බුධ දින පෙරවරු 06.05 ට බුධ හිමි කන්‍යා රාශියෙන් බ්‍රහස්පතිට හිමි මීන නවාංශකයෙන්...
2019-08-22 18:30:00
ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයාත් සෙන්පති වූ අඟහරු ග්‍රහයාත් රවිට අයත් වූ සිංහ රාශියෙහි මා නැකතේ තුන්වන පාදයෙහි ගමන් කරමින් සිටියෙදී 2019 අගෝස්තු...
2019-08-22 18:30:00
අද වන විට සමාජයේ ඇති නැති පරතරය අහසටත් වඩා උස්වී ඇති අවදියක ඔබට ධනය ලැබෙන්නට වාසනාව ඇද්ද උත්සාහ කළත් ධනය ළඟට එන්නෙ නැද්ද? කරන තරමක් නරක කරන අයට පමණක්...
2019-08-15 18:30:00
අද නවීන පන්නයේ විවාහයන් සිදුකරන්නේ හෝටල් උත්සව ශාලාවන්හිය. හෝටල් අධිපතියා දෙන දිනයක් මත තම ජීවිතයේ වැදගත්ම අවස්ථාව තීරණය කිරිමේ කලාවක් දෝලනය වේ. එසේ...
2019-08-15 18:30:00
2019 ඔක්තෝබර් මාසයේ 04 දින සිට ඔක්තෝබර් 17 දක්වා යෙදෙන යෝග බලයකි. බුධ – ශුක්‍ර යෝගයක්. කන්‍යා ලග්නයෙන් උපනුන්ට පමණක් බලවත් වේ.කන්‍යා ලග්නයෙන් උපත ලබන...
2019-08-15 18:30:00
යම් භාවයක රවි බුධ මහා ඥානකාරක යෝගය හෙවත් බුධ ආදිත්‍ය යෝගය පිහිටා කේතු හා සඳුගේ දෘෂ්ඨියට ලක් වූ විට න්‍යාය ශාස්ත්රයේ හා ඉගෙනීමේ පරතෙරට ගිය විෂයයන්...
2019-08-15 18:30:00
ග්‍රහ මඩුල්ලේ ප්‍රධානී සිංහ රැසෙහි අදිපති රාජ්‍ය කාරක රවි තම මුල ත්‍රිකෝණ රාශිය වූ සිංහ රාශිගත වීම 2019 අගෝස්තු මස 17 වෙනි ශනි දින සිංහල පැය 17...
2019-08-15 18:30:00
අධ්‍යාපන කටයුතුවලට නව නීතිබලවත් යෝග බලයක් වූ පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍ර යෝග බලය 2019 සැප්තැම්බර් මස 11 වන බුධ දින පාන්දර 4.59 ට බුධ ග්‍රහයා තමාට...
2019-08-15 18:30:00
2019 අගෝස්තු මස 12 වන සඳු දින උදේ 07.10 ට නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යහපති. ඉතා සුබදායක පොකුරු යෝගයකි. මෙම නැකතට පොකුරු වශයෙන් ඵල හටගන්න, සියලු...
2019-08-08 18:30:00
දේශපාලනයේ නව මුහුණුවරක් ඔබේ ලග්නයට මෙතෙක් තිබූ පීඩා දුරුවීමක්අගෝස්තු 12 වෙනිදා බ්‍රහස්පති නිවෘත වී ධනුවට පැමිණීම ඇරඹේ. අගෝස්තු 17 රාජ්‍ය කාරක රවි...
2019-08-08 18:30:00