වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 04 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජුනි 4, 2023
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - පෙ.ව. 07.27 සිට 09.03 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
සිත් තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර උසස් අයගෙන් හෝ වැඩිහිටි අයගෙන් කරදරයක් ඇතිවිය හැකියි. සිතට අමුතු අදහස් පහළ වන දිනයකි. තම ගෞරවය නම්බුව නැතිවීමට කරුණු යෙදෙන අතර අන් අයගේ තැන්වල වාසය කිරීමටද සිදුවනු ඇත. පූජ්‍ය පක්ෂයේ අය හා කටයුතු කිරීමට හැකිවන අතර, අද දින ඔබට සිවුරු, අටපිරිකර හෝ කහපාට වස්ත්‍ර පූජා කිරීමෙන් දවස ශුභදායක කර ගැනීමට හැකිවේ.
වෘෂභ
නිශ්ඵල ගමන් බිමන්වල නිරත වීමට මෙන්ම අධික වියදම් යන කටයුතු ද ඇතිවන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිකරයි. ශුභ වැඩට බැසීමට අශුභ දිනයක් වන අතර ආහාර නොදිරවීමේ රෝග, සර්ප පීඩා දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුම් ඇතිවිය හැකිය.
මිථුන
වෙනදාට වඩා හොඳට සැපට නිදා ගැනීමට හැකිවන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් බිමන් ගරු සැලකිලි ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදීයන දිනයක් වන අතර රාගාධික ගතිද ඇති කරවනු ඇත.
කටක
මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවන අතර, කරදර පැවතියේ නම් ඒවා බිඳ වැටෙනු ඇත. තම අදහස් කෙසේ හෝ ක්‍රියාත්මක කර ගැනීමට හැකිවන දිනයක් වන අතර ඥාතියකු හා කරන කටයුත්තක් නිසි අයුරින් ඉටුකර ගැනීමට අපහසුවීම මත දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදුවනු ඇත.
සිංහ
සිතේ පී‍්‍රතිය අඩුව යන අතර බලාපොරොත්තු කඩව යන කාලයක් ද වනු ඇත. ආදර බන්ධනවලින් සිත්තැවුල් ඇතිවන අතර බාහිර කරදර ඇතිවනු ඇත. මුත්‍රා අමාරු, අජීර්ණ රෝග ඇතිවිය හැකිය. විවාහය නිසා හෝ රාග සම්බන්ධකම් නිසා ඇතිවන බලාපොරොත්තු සුන්වීම නිසා සිත්තැවුල් ඇතිවේ.
කන්‍යා
අන් අය ගැන සැකයෙන් යුතුව කටයුතු කරන කාලයක් වන අතර මිල මුදල් හානියක් හෝ අධික වියදමක් ඇතිවේ. ඥාති මිත්‍රාදීන් සමඟ අවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු ය.
තුලා
කථාබහ නිසා සතුරන් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් පරිස්සම් විය යුතු අතර දියුණුව පිළිබඳ කථාවක් හෝ අදහසක් ද ඇතිවිය හැකිය. තමා ගැන වර්ණනාවක් අන් අයකුගෙන් ඇසීමට සිදුවන අතර ශරීර සනීපයටද යහපත් දිනයකි.
වෘශ්චික
වියදම් වැඩි දිනයක් වන අතර වැඩ ප්‍රමාද කරයි. උත්සාහයෙන් කටයුතු කළයුතු දිනයක් වන අතර තම තත්ත්වයට නොගැළපෙන කතා ඇසීමට ද සිදුවනු ඇත. තමා සතු යම් දෙයක් කැඩී බිඳී යාමට හෝ නැතිවීමට ද ඉඩ ඇත.
ධනු
මිහිරි ආහාරපාන ලැබෙන දිනයක් වන අතර කෑමක් බීමක් පිළිබඳ අමුත්තක් සිදුවනු ඇත. පෞද්ගලික කටයුතු කෙරෙහි හිත ඇදීයන අතර සෙම් රෝග නිසා පීඩාගෙන දෙන අතර කාටත් ආදර කරුණාව දක්වන දවසක් වේ.
මකර
නොතේරුම්කමින් හෝ වැරදි මෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි අතර කල්පනාකාරීව ක්‍රියාකළයුතු දිනයකි. ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරදීම් මුලාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. හදිසි කැපුම් කෙටුම් වැටීම් ආදියෙන් සුළුවෙන් හෝ අනතුරු ඇතිවිය හැකිය.
කුම්භ
වාසනාවන්ත දවසක් වන අතර කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබේ. ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එන දවසක් වන අතර මුදල් ලැබීමට ද යහපත් වේ. ලොතරැයි වාසනාව උරගා බැලීමට යහපත් දිනයකි.
මීන
යහපත් දවසක් වන අතර රැකී රක්ෂා කටයුතුවලට යහපත්වේ. අන් අයගේ උදව් උපකාර ලැබෙන දිනයක් වන අතර සුලු සුලු වස්තු ලාභ ද ලැබීමට පුළුවන. බර වැඩ කිරීමට සිත් දෙන අතර කම්මමැලි ගති නැතිවේ. නමුත් ශරීරයට අධික වෙහෙසක් දැනෙනවා ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
2020 පෙබරවාරි 8 සෙනසුරාදා අලුයම 3.52 ට ධනු ලග්නයෙන් සිංහ නවාංශකය උදාවෙද්දී ශනි හිමි පුෂ නැකතේ ප්‍රථම පාදයෙන් සිකුරු හෝරාවෙන් සෙනසුරු පංචම කාල...
2020-01-23 18:30:00
සත්කලත්‍ර , රුචක , වෙශී, වොශී, උභයකාරි අනථා අම්ල, යෝග බලැතිව ධනු ,මීන, මකර, කුම්භ, කටක, මේෂ, වෘශ්චික, රාශි හිමියනට ශුභඵල ප්රදානය කරවමින් කුම්භ රාශිය...
2020-01-23 18:30:00
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගයමේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගව්යාපාර කටයුතු දියුණු වේ. ධන...
2020-01-16 18:30:00
මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි...
2020-01-16 18:30:00
ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020...
2020-01-09 18:30:00
මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි්රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට...
2020-01-09 18:30:00
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2...
2020-01-09 18:30:00
ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.විශේෂයෙන් කර්ම සංඝාත,...
2020-01-02 18:30:00
අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල...
2019-12-26 18:30:00
ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම...
2019-12-26 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ...
2019-12-26 18:30:00
උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට...
2019-12-19 18:30:00
වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග2019...
2019-12-19 18:30:00
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසාජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණාවර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස...
2019-12-12 18:30:00