වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අද දවස ඔබට....2023 මැයි 08 සඳුදා ලග්න පලාපල
මැයි 7, 2023
ඉර උදාව - පෙරවරු 5.55
රාහු කාලය - (පෙරවරු සහ පස්වරු) 7.25 සිට 8.55 දක්වා
මේෂ ලග්නය
ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක් වන අතර වැඩිහිටි අයගෙන් උදවු උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇති විය හැකි අතර අද දවස තුළ සතෙකු නිදහස් කිරීමෙන් ඔබට නිරෝගී බව ලැබෙනු ඇත.
වෘෂභ ලග්නය
ඉවසීමෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයක් වන අතර සැප පහසුව ඇති සුව නින්දක් ලැබෙනු ඇත. විවාහ ජීවිතයේ ගැටලු ඇති වන දිනයක් බැවින් සහකාරිය හෝ සහකරු සමඟ කරන කටයුතුවලදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. මූත්‍රා ආබාධ, උදර රෝගවලට හේතු විය හැකි දිනයකි.
මිථුන ලග්නය
වස්තු ලාභ ලැබෙන දිනයක් වන අතර බලාපොරොත්තුව සිටි යම් දෙයක් ඉටුවන දිනයකි. හොඳ ආහාර පාන වර්ග ලැබෙන දිනයක් වුවත් ආහාර ජීර්ණයේ අපහසුතාවන් ඇති වනු ඇත.
කටක ලග්නය
හිත් පීඩා කේන්ති ගති ඇතිවන දිනයක් වන අතර හිතේ චංචල බව නිසා සිත එක් අරමුණක තබාගෙන කටයුතු කිරීමට අපහසු වනු ඇත. කම් සැපට බාධා ඇතිවන දිනයක් වන අතර අජීර්ණ රෝග නිසා පීඩා විඳීමට සිදු විය හැකි දිනයකි.
සිංහ ලග්නය
නින්දට බාධා මෙන්ම නින්ද නොයෑමට ඉඩ ඇති අතර අධික වියදම් ද යෙදෙනු ඇත. කරන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවන අතර ගෙදර දොර අපිළිවෙළතාවක් ද ඇතිවනු ඇත. පපුවේ සෙම් ගතිය ඇති දිනයකි.
කන්‍යා ලග්නය
වියදම් වැඩි දවසක් වන අතර කලකින් හමු නොවූ අයකු හමු වීම මත හිතට සතුටක් දැනෙනු ඇත. ස්ත්‍රී සැප අඩු දිනයක් වන අතර මිලමුදල් ලැබේද නොලැබේද යන්න පිළිබඳ සැකයක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. අද දින ඇඳ ඇතිරිලි වැනි දෑ පරිත්‍යාග කිරීම යහපත් වනු ඇත.
තුලා ලග්නය
මුදල් වියදම් කිරීමට යම් කරුණක් යෙදෙන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. උත්සාහයෙන් වැඩ කළ යුතු දිනයකි වන අතර විවාහක අයගේ තම බිරිඳට හෝ සැමියාට සුළු හෝ ආබාධයක් ඇති වන දිනයකි.
වෘශ්චික ලග්නය
අදහස්වල දැඩි බවක් පෙන්නුම් කරන අතර පෞද්ගලික කටයුතුවලට සිත ඇදී යයි. තරමක අත්මාර්ථකාමී ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. සෙම් අමාරු ගතියක් මෙන්ම ශරීරයට අධික වෙහෙසකර ගතියක් දැනෙනු ඇත.
ධනු ලග්නය
සුළු තුවාල ඇතිවිය හැකි දිනයක් මෙන්ම අවුල් වියවුල්වලට මැදිවීමටද ඉඩ තිබේ. කරගෙන යන කටයුතු අඩාළවීමට හෝ ප්‍රමාද වීමට කරුණු යෙදෙන අතර අන් අය සමඟ ආශ්‍රය කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. කෘමි සතුන්ගෙන් පීඩා විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
මකර ලග්නය
මුදල් ලාභ ලැබෙන වාසනාවන්ත දිනයක් වන අතර සම වයසේ ස්ත්‍රී අයගේ ඇසුරට අවස්ථාව ලැබේ. ඥාතියකු හෝ මිත්‍රයකු තමාව සොයාගෙන එනවා ඇත. ලෞකික දෙයට ළැදි වේ.
කුම්භ ලග්නය
මිථ්‍යා දෘෂ්ටික කටයුතු කෙරෙහි සිත යොමු වන දිනයක් වන අතර ශරීර සනීපයට යහපත් දිනයකි. අන්‍යයන් ගරු සැලකිලි දක්වන දිනයක් වන අතර රැකියා කටයුතුවලට යම් යම් බාධක ගෙන එනු ඇත. විශේෂයෙන් මවගේ උපකාර ලැබෙනු ඇත.
මීන ලග්නය
ශරීරයෙහි දුර්වල ගති ඇතිවන අතර කරදර සහිත දවසකි. ඇඳුම් පැලඳුම්වල ඉක්මනින් කුණු තැවරෙන අතර ඉරී යාමට හෝ නැති වී යාමට හෝ තම වස්ත්‍රයක් වෙනත් කෙනෙකු පාවිච්චි කිරීමට ඉඩ ඇති දිනයකි.
ගීතානි සමරසේකර
෴ සබැඳි ලිපි ෴
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගයමේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගව්යාපාර කටයුතු දියුණු වේ. ධන...
2020-01-16 18:30:00
මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි...
2020-01-16 18:30:00
ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020...
2020-01-09 18:30:00
මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි්රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට...
2020-01-09 18:30:00
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2...
2020-01-09 18:30:00
ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.විශේෂයෙන් කර්ම සංඝාත,...
2020-01-02 18:30:00
අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල...
2019-12-26 18:30:00
ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම...
2019-12-26 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ...
2019-12-26 18:30:00
උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට...
2019-12-19 18:30:00
වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග2019...
2019-12-19 18:30:00
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසාජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණාවර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස...
2019-12-12 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරු දින රාත්‍රි 10.13 ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍ය , සාමය, සමාජගත , සාධාරණත්වය තුළින්...
2019-12-12 18:30:00
තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ, ගමන් බිමන්, නඩුහබ, නිර්නාමික තොරතුරු මර්ධනයට, නිදන්ගත රෝගාබාධක සඳහා ඖෂධ නිෂ්පාදනයට, අධ්‍යාපනික කටයුතුවලට මෙන්ම කාර්මික ,...
2019-12-05 18:30:00