සුකුමාල සිකුරුගේ ග්‍රහ බල වැඩිකර ගනිමු

අගෝස්තු 23, 2019

ග්‍රහ ලොව රූපරාජණිය ලෙස විරුදාවලි ලත් ශුක්‍ර හෙවත් සිකුරු ඔබගේ ජන්ම පත්‍රයේ නවග්‍රහයන් අතරින් ඉතාම සුබ ග්‍රහයෙකි. අප ඉරබටු තරුව ලෙසින් හඳුන්වන අපගේ පියවි ඇසට පවා දර්ශනය වන සිකුරු ග්‍රහයා අප ඡ්‍යොතිෂයේදී අතිශය සුබ ස්ත්‍රී ග්‍රහයෙකු ලෙස හඳුන්වනු ලබනවා. ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට පසුව සිටින ඉතාම සුබවාදී සිකුරු ග්‍රහයා විවාහයට අධිපති ලෙසද සලකනු ලබනවා. සැපයට අධිපති සිකුරු ජන්ම පත්‍රයේ සුබව සිටි කල යානවාහන ගෙවල්,දොරවල් වාසනාවද උදා කරනු ලබනවා. සිකුරු ග්‍රහයා ජන්ම පත්‍රයේ නීච, සතුරු ලෙස හෝ පාප පීඩිතව හෝ නැතහොත් 22 වන දෙර්කාණාධිපතිව දුර්වල වූ විට එය ජන්මියාගේ සිකුරු වෙතින් නියෝජනය වන කාර්යයන් සඳහා දැඩිව බලපානු ලබයි.

තුලා හා වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා සිකුරු ග්‍රහයා වන අතර සංගීතයට, වාදනයට. නර්තනයට, ගායනයට , චිත්‍ර කලාවට , නාට්‍ය ටෙලි නාට්‍ය , චිත්‍රපටය , පවා කාරකත්වය හිමි වන්නේ ය. ආදරය, පේ‍්‍රමය , විවාහය පිළිබඳ බලපාන්නේ සිකුරුය.

සිකුරු මහ දසාව වර්ෂ 20 ක් පවතින අතර මහ දසා කෙරෙන් දීර්ඝ කාලයක් පවතින්නේද සිකුරුය. බොහෝ විට සිකුරු මහ දසාවක් ලැබීම වාසනාවකි. සැප සම්පත්. සතුට, විනෝදය, ලස්සනට ඇඳීම.පැළැඳීම, ශරීරයේ ප්‍රභාව පැහැය, විවාහය පවා සිකුරු මහ දසාවේදි සිදුවේ. ජන්ම කේන්දරයක සිකුරු 2,3,4,5,7,9,11 ස්ථානවල පිහිටා තිබීම සුබ ඵල දෙන්නක් . මෙවැනි, රාශි තුළ සිකුරු පිහිටා ඇත්නම් පවුලේ පී‍්‍රතිය, දියුණුව, වාසනාව, ඥාතීන්ගේ උදවු, උතුමන්ගේ ඇසුර ලබා ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.