වාස්තු ලෝලී මට්ටකුණ්ඩලීලා

දෙසැම්බර් 6, 2024

වාස්තු ශිල්පයේ නියැළෙන්නකුට එක්රැස් වන අත්දැකීම් යම් අයකුගේ වාස්තු ක්ෂේත්‍රයේ දැනුම පුළුල් කර ගැනීමට අතිශයින් වැදගත් වේ. එහිදී ලැබෙන නව දැනුම ජීවිතයේ කිසියම් මොහොතක තමන් රැවටීමකට පත්වීම වළකා ගැනීම කෙරෙහි බලපානු ඇත. එහිදී වාස්තු ශිල්පීය අත්දැකීම් මේ අයුරින් හෝ මතුකර පෙන්වීමට වෑයම් කරන්නේ මේ අනුව ය.

මාස කීපයකට පෙර එකම දුරකතක අංකයකින් විවිධ වාස්තු ප්‍රශ්න මතු කරමින් ඇමතුම් ගණනාවක් ලැබිණි. ඒ ඇමතුම් කිසිවකදී පෙර ඇමතුම් කිසිවක් නොදක්වා අලුතින් කරුණු විමසීම් සිදු වන බව පෙනිණි. එහිදී වාස්තු දැනුම පුළුල් කර ගැනීමට අවශ්‍යම කරුණු විමසනු ලදුව අප විසින්ද මහත් ප්‍රහර්ෂයකින් පිළිතුරු දක්වනු ලැබූ බවද කිය යුතුයි.

මේ පිළිබඳ යළි සිහිපත් කරමින් මේ අත්දැකීම වටහා ගැනීමට වෑයම් කිරීමේදී අවබෝධ වූයේ වාස්තු ශිල්පියකු පෙන්වා ගෙන ඒ සේවාව විධිමත්ව ලබාගනු වෙනුවට අසා විමසා ලත් දැනුමෙන් සිය වාස්තු ගැටලු විසඳා ගැනීමට උත්සාහ කරන බවයි. එය එතරම් සාර්ථක වෑයමක් නොවන බව අපට නිරන්තරයන් පසක් වී තිබේ. මෙය තවදුරටත් විග්‍රහ කිරීමට අවශ්‍ය යැයි හැඟෙනුයේ නියමිත සේවාව ලබා ගැනීමේ ප්‍රයෝජනය දැක්වීමටයි.

මෙහිදී උක්ත සත්‍යය නිදසුනම ගෙන බැලීම වඩා උචිත වනු ඇත. පළමුව අපගෙන් කළ විමසීම වූයේ ඊශාන දිශාවෙන් යම් අඩුවක් පැවතීම පිළිබඳවයි. එහිදී නිරිතෙන් කොටසක් ඉවත්වීම ඊශානයටත් වඩා අයහපත් බව හේතු සහිතව පහදා දුන් පසු වාස්තු පරීක්ෂාවට අය කරන ප්‍රමාණයද විමසා දමා ගන්නා ලදි.

සතියකට පමණ පසු ඉඩමේ මධ්‍යයට වැටෙන තැනෙහි ඇති වටිනාකම පිළිබඳව අපගෙන් කරුණු විමසන ලදී. ඉදිකිරීමේ කයිරු බැම්ම අවසන් කර ඇති බවත් එහි එක මුල්ලක් ඉඩමේ මධ්‍යයට වැටී ඇති බවත් කියමින් එයින් විය හැකි දුර්විපාක පිළිබඳව අපගෙන් විමසනු ලැබීය. එහිදී අප කියා සිටියේ මේ තත්ත්වය සත්‍ය වශයෙන් නිශ්චිතව කීමට නම් ඉඩමේ හා නිවෙසේ මධ්‍යය නිවරැදි ලෙස සොයා එහිලා පදනම් කොට ගෙන දිශා සටහන් කොට වාස්තු තත්ත්වය නිසි පරිදි අවබෝධ කර ගත යුතු බවයි.

එහිදී මධ්‍යය සොයා ගන්නේ ඉඩමේ හෝ ඉදිකිරීමේ (නිවෙසේ) කොන් යා කරමින් නොව ඒවායේ අඳින ලද සැලසුම් කපා ඉවත් කර එහි බර තුලනය වන තැන සියුම්ව මැන ලබා ගැනීමෙන් බව අපගෙන් විමසන භවතුනට අවබෝධ කර දුන් බව මෙහිලා සිහිපත් වේ.

මෙහිදී භාවිත වන සංකීර්ණ ගණිත කර්ම හා ශිල්ප ක්‍රම සියල්ල දුරකතනයෙන් දෙන පිළිතුරු ඇසුරින් අවබෝධ කර ගනිමින් තමන් විසින්ම ඒ සියලු වාස්තු ප්‍රතිකර්ම සිදුකර ගැනීමට අසීමිත අපහසු වෑයමක් දරනු එහිදී අපට අවබෝධ විය. මේ ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් නොවන බව අපට නිරන්තරයෙන් අවබෝධව තිබුණද සේවාලාභියාගේ අවශ්‍යතාව ඉක්මවා යෑමට අපට නොහැකි බැවින් නිහඬ වීමු.

අවසානයේදී අප විසින් සිදුකරනු ලැබුයේ කාටත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙනු ලබන ප්‍රතිකාර ආදිය ගැන නව පැහැදිලි කිරීමක් සිදු කිරීම පමණි. ඒවායෙන් ඉතා සාර්ථක විසඳුමක් ලැබුවද ප්‍රායෝගික නිශ්චිත විසඳුම් ලබා දිය නොහැකි බව එහිදී පැහැදිලි කර දීමට ද අපි උත්සාහ කළෙමු.

මෙහිදී අලුතින් මැන ඉදිකිරීමේ වත්මන් තත්ත්වය සැලසුමෙහි ඇඳ ඇති ප්‍රමාණයනට වඩා ඉතා වෙනස් විය හැකි බැවින් නිගමනයන් වෙනස්වී යා හැකියි. මෙයට අමතරව විවිධ නූතන විද්‍යාත්මක මෙවලම් භාවිත කරමින් අදාළ පරිශ්‍රයේ එක් එක් තැන පවත්නා අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව (Cosmic Energy Entensity)  මැන විමසා දැන ගැනීම ද ප්‍රයෝජනවත් බව පහදා දුනිමු.

අද දින අප විසින් වාස්තු ශිල්පයට එතරම් ඍජු ලෙස අදාළ යැයි නොසිතෙන කරුණූු මෙසේ ඉදිරිපත් කරනු ලැබුයේ තමන් පත්ව ඇති වාස්තුමය ගැටලුවක් විසඳා ගත යුතු සාර්ථක ක්‍රමය වෙත වාස්තු සේවාලාභීන් යොමු කරළීමටයි. නොඑසේම කෙටි සරල දෝෂ සහිත ක්‍රම ඔස්සේ ගනු ලබන නිගමන හා තීරණ හේතුකොට බරපතළ පාඩු සිදුකර ගැනීමෙන් ඔවුන් බේරා ගැනීමද අපගේ වෑයමේ වැදගත් අරමුණක් වෙයි.

නිවැරැදි නිරන්තරයෙන් සැලසුම් ඇඳීමට යොදා ගන්නා අඟලකින් අඩි අටක් නිරූපණය වන පරිමාණය අනුව ගත්තද අඳින ලද සැලසුමේ මධ්‍ය ලක්ෂ්‍යය අඟලකින් අටෙන් පංගුවක් ( 1/8 ක්) වෙනස් වුවත් සත්‍ය ලෙස නිවෙසේ මධ්‍යය අඩියකින් වෙනස් වන බැවින් බොහෝ වැරදි අවබෝධයන් ඇති විය හැකි බවද මෙහිදී සැලකිය යුතුයි.

සියල්ල එසේ වුවත් තමන් විසින්ම හෝ නිවෙසේදීම තනා ගත් පිරමිඩ ගණනාවක් නිවෙස මැද තැබීමෙන් පවා යම් සාර්ථකත්වයක් අත්දැකිය හැකි බවත් අසුබ අයහපත් ශක්තීන් ක්‍රියා කරනු ඇතැයි සිතෙන තැන් ලුණු වතුරෙන් සෝදා හැරීමද යම් සාර්ථකත්වයක් ළඟා කර දිය හැකි බවද අපගේ සෛද්ධාන්තයක් ළඟා කර දිය හැකි බවද අපගේ සෛද්ධාන්තික හා ප්‍රායෝගික අවබෝධයයි.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.