ඔබ උපන් නැකැතට අනුව මේ වසරේ සුබාසුබ

ජනවාරි 3, 2025

 

අස්විද

මනා චින්තන ශක්තියකින් අනාගතය සැලසුම් කරන වසරකි. ගන්නා වූ තීරණ නිරවුල් වේ. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ එම කටයුතු සාර්ථක ලෙස ඉටුවන වසරක් වෙයි. අන් අයගේ ආදර ගෞරවයටද පාත්‍ර වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යහපත් වන අතර මෙතෙක් පැවති බාධක තත්ත්වයන් මැඩගෙන තම අරමුණු කරා ගමන් කිරීමට හැකි වනු ඇත. නිධන්ගත රෝග මතුවිය හැකි අතර සෙම් අමාරු නිසාද පීඩා ඇති වනු ඇත.

බෙරණ

ප්‍රභූවරුන්ගේ ඇසුරට ලක්වේ. සමාජයේ කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමටද හැකිවනු ඇත. ආර්ථිකය යහපත් වන අතර බලාපොරොත්තු නොවූ ආදර උපකාර හිතමිතුරන්ගෙන් ලැබෙනු ඇත. ගෞරවය නම්බු නාම ලැබෙන වසරකි. විවාහ ප්‍රමාද වීම් පැවතියේ නම් ඒවා මඟහැරී විවාහය සාර්ථක කරගත හැකිවන වසරක් වෙයි. දරුවන්ගේ දියුණුවටද යම් යම් කරුණු ඇති වේ. ප්‍රමාද වූ අධ්‍යාපන කටයුතු වුවත් සාර්ථකව අවසන් කර ගත හැකි වේ. නිරෝගී වසරක් වුවත් මහලු අය හා රක්තවාද රෝග උරහිස් බාහු ආශ්‍රිත රෝගවලින් පෙළෙන අය ප්‍රවේසම් විය යුතුය.

කැති

දුරදිග නොබලා කටයුතු කිරීම නිසා කරදර ඇතිවනු ඇත. වියදම් අධික වන අතර මිල මුදල් පිළිබඳ ප්‍රශ්න පැටලිලි ඇති වේ. ආර්ථිකමය කටයුතු කිරීමේදී ප්‍රවේසම් විය යුතුය. ගෘහ ජීවිතයේද විවිධ ගැටලු මතුවිය හැකි අතර කලබලකාරී බව තුළින් බොහෝ දේ අහිමි කරයි. ආවේගයන්ගෙන් පීඩනයන්ගෙන් ගැටලුවලට උත්තර නොසෙවිය යුතුය. මතක ශක්තිය අඩුවීම හිතේ චංචල බව, හිස බෙල්ල ප්‍රදේශය අතර කැක්කුම් ඇතිවීමේ මේ අවදානමක්ද පවතී.

රෙහෙන

නායකත්වයක් ගෙන කටයුතු කිරීමට හැකිවන අතර දේශපාලන කටයුතුවල නිරත වීමට අවස්ථාව සැලසෙනු ඇත. දේපළ වත්කම් වැඩි කර ගැනීමටද හැකි වනු ඇත ඉගෙනීමේ කටයුතුවල නිරත වන අයට සාර්ථක මානසිකත්වයකින් යුතුව කටයුතු කිරීමට හැකිවේ. විදේශ අධ්‍යාපන කටයුතුවල නිරත වීමටද මග පෑදෙනු ඇත. උෂ්ණ රෝග නිසා පීඩා ඇතිවේ.

මුව සිරස

අයවැය සමබරව පවත්වාගෙන කටයුතු කළ හැකි කාලයකි. ණයට හෝ හිතවත්කමට ගනුදෙනු නොකළ යුතුය. කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමෙන් ආදායම් ලැබිය හැකිය. ව්‍යාපාර කටයුතු කෙරෙහි යොමු වීමේදී මූල්‍යමය වශයෙන් ශක්තිමත් විය යුතුය. බාධක මැද අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකිය. රෝගාබාධ මතුවිය හැකිය.

අද

වාසනාවන්ත කාලයක් වේ. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර ඒවා මිලදී ගැනීමට බලාපොරොත්තුව සිටියේ නම් ඒවා ඉටුවේ. ශරීරයේ ආකර්ෂණය වැඩිවේ. අන් අය අතර පිළිගැනීමටද ලක්වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වනු ඇත. බලාපොරොත්තු නොවූ අයුරින් වෘත්තීයමය සුදුසුකම් ගොඩනැගෙනු ඇත. සෙම ආශ්‍රිත රෝග ඇති වේ.

පුනාවස

යහපත් වූ ආර්ථික තත්ත්වයක් ඇතිවන අතර උසස්වීම් බලාපොරොත්තු වන්නේ නම් ඒවා ඉටුවනු ඇත. අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධා ඇති වුවත් ඒවා මැඩ පවත්වාගෙන ඉදිරියට යාමටද පුළුවන. විදේශගත වීමට හෝ විදෙස් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අදහස් කරන්නේ නම් ඒවා සාර්ථක වේ. සෙම රෝග කකුල්වල අමාරු ඇතිවනු ඇත.

පුෂ

ආර්ථික තත්ත්වය තරමක් දුරට පහත වැටෙනු ඇත. උත්සාහයෙන් යුතුවම තම කටයුතු සාර්ථක කර ගැනීමට සිදුවන කාලයකි. මනසේ නොසන්සුන් බවක් ද ඇති වනු ඇත. අන් අයගේ විපතේදී පිහිට වීමට යෑමෙන් නරක නාම පවා ඇසීමට සිදුවේ. ණය ගනුදෙනුවලින් සිත් රිදීම් ඇතිවිය හැකි බැවින් ඒවායින් වැළකී සිටිය යුතුය. නිධන්ගත රෝගවලට ඉඩ ඇත.

අස්ලිස

නව සැලසුම් සාර්ථක කරගෙන යාමට හැකිවන වසරක් වන අතර දියුණුවට හේතුවන යම් වැඩපිළිවෙලක් ද ඇතිවනු ඇත. ප්‍රේම සම්බන්ධතා නිසා සිත් පීඩා ගෙන දෙන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවනු ඇත. විදේශගත වීමට භාග්‍ය හිමිවන කාලයකි. සෞඛ්‍ය තත්ත්වය වරින් වර අයහපත් වනු ඇත.

මා

ආර්ථික තත්ත්වය යහපත් නොවන අතර මිල මුදල් පිළිබඳ ගැටලු මතුවේ. අන් අය හා කරන ගනුදෙනුවලදී ප්‍රවේශම් විය යුතුය. රැවටිලිවලට අසුවීමට පවා ඉඩ ඇත. පවුලේ ප්‍රශ්න ද මතු වනු ඇත. නොකළ වැරදිවලට චෝදනා එල්ල වේ. කළමනාකරණය මැනවින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වෙයි. දණහිස හා වැලමිට ආශ්‍රිත වේදනා ඇතිවිය හැකිය.

පුවපල්

ශුභ කාලයකි. අන් අයගේ උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. රැකියාවේ බාධක අවම වන අතර විදේශගතවීම්වල නිරත වීමටද හැකිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති බොහෝ කටයුතු මේ වසර තුළදී බාධකයකින් තොරව ඉටුකර ගැනීමට හැකිවනු ඇත. සෞඛ්‍යයට ද යහපත් වේ.

උත්‍රපල්

ආර්ථික ලාභ මෙන්ම පාඩු ද ඇති වන කාලයකි. දුර දිග නොබලා ඉක්මන්කමින් ගන්නා තීන්දු තීරණ නිසා කරදර ඇති වනු ඇත. මිල මුදල් ගනුදෙනු කටයුතුවලදී ඇපවීම්වලට අත්සන් නොකළ යුතු කාලයකි. තරමක් කාර්යබහුල කාලයක් වනු ඇත.අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහවන්තව කටයුතු කළ යුතු කාලයකි. ආහාර නොදරවීමේ රෝග නිසා නිතර පීඩා ගෙන දෙනු ඇත.

හත

වසරේ මුලට වඩා මැද කාලයේ යහපත් වනු ඇත. රැකියා උසස් වීම් වැටුප් ඉහළ යාම් හිමිවේ. සෘජු තීරණ ගන්නා වසරකි. ආදර බැඳීම් ශක්තිමත් වෙයි. තම දුර්වලකම් මගහැර කටයුතු කිරීමටද හැකි වනු ඇත. ආගම දහම කෙරෙහි වැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරයි. ආත්ම ශක්තිය වර්ධනය වනු ඇත. සෙම රෝග නිසා වරින් වර පීඩා ඇතිවේ.

සිත

දියුණුවට යම් යම් කරුණු ගෙන දෙනු ඇත. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් හොඳ ආදායමක් ලැබිය හැකි වාසනාවන්ත වසරක් වන අතර දරු සම්පත් ප්‍රමාද වූ අයට දරු සම්පත් ලැබෙයි. ගෞරවාන්විත වසරක් මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථාවන් සපල වීම නිසා සතුටු විය හැකි කාලයක් ද වෙයි. ප්‍රිය සම්භාෂණවලට සහභාගි වීමට අවස්ථාව උදාවනු ඇත. සෞඛ්‍යමය තත්ත්වය යහපත් වනු ඇත.

සා

තරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කරන කාලයක් වන අතර එම නිසා ම තම කටයුතුවලට විවිධ බාධා ප්‍රමාද වීම් ගෙන දෙනු ඇත.

හවුලේ කරන කටයුතුවලින් ඇතිවන පාඩු නිසා සිත් අමනාපකම් ද ඇතිවනු ඇත. ආර්ථික පීඩනය දැඩිව එල්ල වන කාලයක් වන බැවින් ප්‍රවේශම්ව කටයුතු කරන්න. ප්‍රේම සම්බන්ධතාවලට ගැටලු මතුවන අතර ක්ෂණික අතපසුවීම් අමතක වීම් නිසාද මනසට පීඩා ඇති වනු ඇත. රුධිර පීඩනය මානසික ආතතිය පපුව ආශ්‍රිත වේදනා ඇතිවිය හැකිය.

විසා

ඉඩකඩම් දේපළ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතු විය හැකි අතර අන් අය හා කරන කතාබහේදී වැරදීම් ඇතිවීම මත චෝදනා එල්ල වනු ඇත. දුෂ්කරතා බාධක මැදින් ඉදිරියට යාමට සිදුවන වසරක් බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වේ. කොන්දේ අත් පාවල වේදනා ගෙන දෙන කාලයකි.

 

අනුර

සමාජයේ ඉහළ තත්ත්වයකින් යුතුව කටයුතු කිරීමට හැකි වනු ඇත. රැකියාවේ වෙනසක් හෝ පදිංචි ස්ථානයේ වෙනසක් ඇති වනු ඇත. දුර ගමන් බිමන් යෙදෙන අතර දේපළ වර්ධනය වීමට ද හේතු ඇතිවේ. දැඩි ආත්ම ශක්තියකින් යුතුව කටයුතු කරන වසරකි. ඉගෙනීම් කටයුතුවල නිරත වන අයටද ඒවා සාර්ථක කර ගැනීමට හැකිවේ. සෞඛ්‍ය තත්ත්වය ද යහපත් වේ.

 

දෙට

ඉහළ ආර්ථික ලාභ හිමිවන කාලයක් වන අතර බලාපොරොත්තු ඉටු කර ගැනීමටද හැකිවනු ඇත. ආදායම් තත්ත්වය යහපත් වුවත් වියදම් අධික වීම මත ඉතිරි කිරීමට අපහසු වෙයි. මවුපිය උරුම ද හිමි වනු ඇත. තම අරමුණු කරා ගමන් කිරීමට හැකිවන වර්ෂයකි. වෘත්තීමය ක්ෂේත්‍රයන් කෙරෙහි නුවණ යොදා කටයුතු කරයි. ව්‍යායාම හා නිවැරදි සෞඛ්‍ය රටාවකට කටයුතු කරයි.

මුල

මේ වසර තුළදී උද්යෝගිමත් බවක් නොපෙන්වන අතර කම්මැළි අලස බව ඉහළ යනු ඇත. විවිධ චෝදනා ආර්ථික බිඳවැටීම් ඇතිවනු ඇත. හුදකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කල්පනා කරමින් සිටීමටද පෙළඹෙනු ඇත. අලසකම නිසාම වැදගත් වැඩ මගහැරී යයි. දුරදිග සිතා බලා කටයුතු කළ යුතු කාලයකි හදිසි අනතුරුවලට ලක් වීමට ද පුළුවන.

 

පුවසල

සමාජයේ කැපී පෙනෙන කාලයක් වන අතර වාසනාවන්ත කාලයක් වනු ඇත ප්‍රමාදව පැවති කටයුතු රැසක් සාර්ථක වේ. ඉහළ තනතුරු උසස් වීම් ලැබෙනු ඇත. විනෝදයෙන් ප්‍රීතියෙන් කාලය ගත කරයි. නිතර ගමන් බිමන්ද යෙදෙනු ඇත. ලේඛන කලාව වැනි ක්ෂේත්‍රයන්හි නිරත වන්නන් හට ඉතා යහපත් වසරකි. සෙම්පිත් ඉහළ යන අතර වෙනත් රෝගාබාධ අවම වනු ඇත.

උත්‍රසල

නිවැරැදිව ක්‍රමවත්ව ධනය උපයන වසරකි. ආදායම් තත්ත්වය යහපත් කරයි. ආර්ථික දියුණුවට අවස්ථා රැසක් හිමිවේ. කාර්ය බහුලත්වය නිසා වැඩ කටයුතු අතපසු විය හැකිය. දරුවන් බලාපොරොත්තු වන්නේ නම් උසස්වන්නා වූ දරුවකු ලැබේ. ඉගෙනීමේ කටයුතුවලට යහපත් වන අතර උෂ්ණාධික රෝග ඇති වනු ඇත.

සුවණ

වැරැදි තීන්දු තීරණ ගෙන කටයුතු කිරීම නිසා සිත් පීඩා අලාභ හානි ඇති වනු ඇත. නිවැරැදි ඉපැයීම් ක්‍රමයක් මඟින් ආර්ථිකය ගොඩනගා ගැනීම යහපත් වනු ඇත. නෛතික ප්‍රශ්නවලට පවා මැදිවිය හැකි වසරක් බැවින් ප්‍රවේසම් විය යුතුය. පවුලේ අය අතර පවා මත ගැටුම් ඇති වේ. සෙම හා වාත රක්ත රෝග නිසා පීඩා ඇති වනු ඇත.

 

දෙනට

ආර්ථික තත්ත්වය යහපත් වනු ඇත. නොසිතූ අයගෙන් උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගත හැකි කාලයකි. හවුලේ කරන කටයුතුවලින් ඉහළ ලාභ ලැබිය හැකිය. මෙතෙක් විවාහය පමා වෙමින් පැවති අයගේ විවාහ කටයුතු සාර්ථක වන වසරකි. ආගම දහමට ළැදිව කටයුතු කරනු ඇත. කලා ක්ෂේත්‍රයේ නියුතු අයට යහපත් වසරක් වන අතර ලේඛන කලාවේ ප්‍රසිද්ධ නිර්මාණ බිහිකිරීමට අවස්ථාව උදාවේ. උෂ්ණ රෝග පපුවසම්බන්ධ පීඩා ආමාශගත රෝග ඇතිවි හැකිය.

සියාවස

වසරේ මුල් කාලය එතරම් යහපත් නොවන අතර සැලසුම්කර පැවැති කටයුතු කීපයක් වෙනස් කිරීමට පවා සිදුවිය හැකිය. කරදර බාධා ගෙන දෙන අතර විවාහ ජීවිතයේ ද යම් යම් ආරවුල් මතභේද ඇති වනු ඇත. වසරේ මුල් මාස කීපය මනසට පීඩා ගෙන දෙන කාලයක් බැවින් අධ්‍යාපන කටයුතුවලටද බාධා ගෙන දෙනු ඇත. වසරේ අග කාලය යහපත් වේ. ස්නායු නහර පිළිබඳ පීඩා උෂ්ණ රෝග ඇති වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර කටයුතු කිරීම යහපත් වේ.

 

පුවපුටුප

අන් අය අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවන අතර කුමන හෝ කටයුත්තක ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට හැකිවේ. ආර්ථික තත්ත්වය යහපත් වන අතර රැකියා කටයුතුවලින් තමාට ලැබිය යුතු නියම තත්ත්වයන් ලැබෙනු ඇත. පැවති අවහිරතා මඟ හැරී සාර්ථක කාලයක් උදාවෙනු ඇත. දණහිස්වල උරහිස් බාහු ආශ්‍රිත වේදනා කැක්කුම් නිසා ප්‍රතිකාර ගැනීමටද සිදුවිය හැකිය.

 

උත්‍රපුටුප

නිවැරදි තීරණ ගැනීම හේතුවෙන් සිතට සහනයක් ලැබෙන කාලයකි. සමාජයේ ඉහළ තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට හැකි වනු ඇත. ආදායම් තත්ත්වය යහපත් වුවත් වියදම් පක්‍ෂය ඉහළ යාම නිසා වරින් වර මිල මුදල් පිළිබඳව ගැටලු මතුවනු ඇත. ආගම දහමට නැඹුරුව කටයුතු කරනු ඇත. ප්‍රමාද වෙමින් පැවැති බොහෝ කටයුතු සාර්ථක අයුරින් ඉටුකර ගැනීමට හැකි වනු ඇත. රක්තවාත රෝග, ආහාර නොදිරවීමේ රෝගවලින් පීඩා ගෙන දෙන වසරකි.

 

රේවතී

පසුගිය වසරට වඩා දියුණුවට කටයුතු සැලසෙන වසරකි. බලාපොරොත්තු ඉටු කර ගැනීමටද හැකි වනු ඇත. අන් අයගේ ආදර ගෞරවයටද පාත්‍ර වනු ඇත. තරග විභාග වැනි දේට ඉදිරිපත් වන දුවා දරුවන්ගේ එම කටයුතුවල සාර්ථක බවක් ඇති වේ. විදේශගතවීම්වලට පවා මඟ පැහැදෙනු ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් වරින් වර ඇති වන උදරයේ අමාරු නිසා පීඩා ඇති වනු ඇත.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.