රෝග පීඩා පෙන්නුම් කරන ග්‍රහයෝ

අගෝස්තු 18, 2023

මිනිසාට නොයෙකුත් රෝග පිඩා ඇතිවේ, කේන්ද්‍රයේ ලග්න භාවයේ සෙමින් ගමන් කරන ග්‍රහයෙක් සිටී නම් ඔහුට අසනීපයක් ඇතිවීනම් එය සුව වීමට කල් පසුවේ,මෙය බලවත් ග්‍රහයින් සඳහා අදාල නොවේ, නීච, සතුරු තත්ත්වේ සිටින ග්‍රහයෙක් විය යුතුයි.

කේන්ද්‍රයක 6 වැන්නාධිපති රෝග කාරක ග්‍රහයා වේ,නමුත් 6 වැන්නාධිපතිම රෝග ගෙන නොදේ, එක් ග්‍රහයකුට පමණක් කේන්ද්‍රයක සියලු බලතල හිමි නොවේ. ඒ බැවින් තනි ග්‍රහයෙක්ට ජන්මියාට පිඩා කිරීමට නොහැකිය.

කර්ම රෝග :- ලග්නාධිපතී සමග 6 වැන්නාධිපති යෝග වීම.

1,6,9 අධිපති ග්‍රහයින් යෝග වීම. ලග්නාධිපති 6 වැන්නේ ද 6 අධිපති ලග්නයේ ද රාශිය පරිවර්තනය කර සිටීම. 9 අධිපති 8 වැන්නේ සිටීම. ස½ඳුගෙන් 6 වැන්නේ රෝග කාරක ග්‍රහයා සිටීම. සඳුගෙන් 6 වැන්නාධිපති ග්‍රහයා සඳුගෙන් 9 වැන්නාධිපති සමඟ යෝගව සිටීම.

9 අධිපති දුර්වල වී නම් ජන්මියා මානසික පසුබෑමක් පවතින අයෙක් වේ,එසේ දුර්වල සිටියදී කේන්ද්‍රයේ පාපී ග්‍රහයින් විසින් 9 වැන්නාධිපති දැකීම තවත් ඔහුගේ මානසික ව්‍යාකූල භාවය වර්ධනය වීමකී.

ඕනෑම කේන්ද්‍රයක 9 වැන්නාධිපති දුර්වල නම් ඔහු නිතර කල්පනා කරයි. වක්‍ර නම් එකම දේ කිපවරක් කල්පනා කරමින් කොතරම් පිළිතුරු ලැබුණත් සෑහීමකට පත් නොවේ.(6,8,12 තැන්පත් නම් ඒ ග්‍රහයා දුර්වලයි)

කටක රාශියේ කේතු ද ලග්නයේ සෙනසුරුද සිටී නම් මානසික රෝගයක් දක්වා දුර යා හැකිය. රවි කටක,මකර යන රාශියක සිට කුජගෙන් පිඩා ලබයි නම් හෘදයාබාධ ඇතිවීමට ඉඩ තිබේ.කුජ 22 දෙර්කාණධිපති නම් සැත්කමක් දක්වා දුර යෑමට ඉඩ පවතී. ලග්නාධිපති නිචව හෝ පාප කර්තාරීව සිටියදී ඔහුට 9 වැන්නාධිපති දැකීමට හැකිනම් ජන්මියා ඔහුගේ ජිවිතේට ඔහුම හානී කර ගනී.

සෙනසුරු ලග්න භාවයේ සිට අසුබ ග්‍රහයින් හට පෙනීම සහා 6 වැන්නාධිපති 6 වැන්නේම වක්‍රව සිටීනම් ජන්මියා නිතර ඖෂධ පාවිච්චි කරන අයෙකු වේ,එසේ සිටින සෙනසුරු සහා 6 වැන්නාධිපති වක්‍රව තැන්පත්ව සිටීනම් නිතර අසනිප ඇතිවිය හැකී. සෙනසුරු වාතය නියෝජනය කරන බැවින් ජන්මියාගේ නිතර ශරිරයෙන් කැක්කුම් හට ගනී.(හන්දිපත් රුදා ඇතිවේ)

රෝග කාරක වන්නේ 6 වැන්නාධිපති පමනක් නොවේ,46 වෙනි නවාංශකාධිපති ද,සඳුගේන් 6 වැන්නාධිපති සහා චන්ද්‍ර ස්ඵුටය අනුව එන 46 වැනි නවාංශකාධිපති රෝග කාරක වේ,එසේම 6 න් 6 වැන්න 11 වැන්නාධිපති ද රෝග සඳහා මුදල් වියදම් කිරීමට මාර්ගය සපයා දෙනු ලැබේ,11 වැන්නාධිපති දුර්වල නම් ජන්මියා අසනිප නිසා බොහෝ පිඩාවට පත්වේ. දුෂ්කරතා ඇති වේ.

පෙර භවයේ අකුසල් මේ භවයේදී රෝගියකු වී ගෙවා දැමීමට සිදුවේ. කේන්ද්‍රයේ 4 වැනි භාවයේ ශනි,කුජ සිටීමෙන් පපුවේ අසනිප ඇතිවේ.

4 වැන්නේ ශනි සහා කේතු සිටීනම් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ, ඇදුම, වියළි කැස්ස, පෙනහැල්ලේ දුර්වලතා ඇතිවේ.

සඳු 4 වැන්නට දිග්බල නමුත් සිකුරු සමග සිටීනම් සෙම් රොග ඇතිවේ, ග්‍රහයින් දෙදෙනා සිටින තත්වේ අනුව අසනිප අඩු වැඩිවේ.

කුජ රාහු එකට සිටීනම් ජන්මියාගේ රුධිර ගත අසනිප ඇතිවිය හැකියි. සඳුගෙන් 8 වැන්නේ නම් එය මාරකයි,ඇඟේ ලේ ඇඩුවේ.

කෙසේ වෙතත් යම් යෝගයක් තිබුණ පමණින් රෝග මතු නොවේ,ජන්මියාගේ අශුභ කාලයක් උදා විය යුතුයි.

කේන්ද්‍රයේ බාධක ග්‍රහයාගේ දශාවක් , 6 වැන්නාධිපති ග්‍රහයාගේ දශාවක්, 46 වෙනි නවාංශකාධිපතිගේ දශාවක්, සඳුගෙන් 6 වැන්නාධිපතිගේ දශාවක්, 22 දෙර්කාණධිපතිගේ දශාවක්, රෝග කාරක ග්‍රහයා දකින ග්‍රහයාගේ දශාවක් ජන්මියා ගෙවිය යුතුයි. අදාළ කාරක ග්‍රහයාගේ බලතල නොමැතිනම් එසේ රෝග හට නොගනී.

අශුභ ග්‍රහයෙකුගේ අතුරු දශාවක් හෝ ගෙවිය යුතුයි. ඒ වගේම ලග්න ඒරාෂ්ඨක,ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක,ජන්ම ඒරාෂ්ඨක,චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨක ගෙවයි නම් ජන්මියා දුර්වල ග්‍රහයෙකුගේ දශාවක් ගෙවයිද ඒ මහා දශාධිපති ඉහත රෝගකාරකයන් මතින් ගෝචර වීද ජන්මියාගේ රෝග පිඩා මතුවීමට ආරම්භ වීමට පටන් ගනී.

බාධක ග්‍රහයා,22 දෙර්කාණධිපති,46 වැනි නවාංශකාධිපති යන ග්‍රහයෙක් ලග්නය මතින්,ගෙවන මහා දශාධිපති මතින්,අතුරු දශාධිපති මතින්,6 වැන්න මතින් ගෝචර වීම අසනිප ඇතිවිමට හේතු ක්‍රියාත්මක වේ.

22 දෙර්කාණධිපති 6 වැන්නාධිපති සමඟ ජන්ම කේන්ද්‍රයේ සිටිම මාරක තරම් අශුභ රෝග ගෙනදේ,

46 වැනි නවාංශකාධිපති 6 වැන්නාධිපති 22 දෙර්කාණාධි පති යෝගය ඉතාමත් අශුභ පිහිටීමකී.

අශුභ යෝගය පිහිටි භාවය දුර්වල වීම එම භාවයට අදාළ රාශියට හිමි ශරීර ඉන්ද්‍රියන් වලට පිඩා කරනු ලැබේ,රෝගය එතැනින් ආරම්භ වේ.

ඉදිරියේදී උදාහරණ කේන්ද්‍රයක් ඇසුරින් රෝගය කුමක්ද කියා පෙන්වා දීමට නැවත දිනක හමුවෙමු.

 

ඡ්‍යොතිෂ විද්‍යා ප්‍රභාෂ්වර ශාස්ත්‍ර ශූරි

ගමගේ රොෂේන් දිලිප් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.