දිව්‍යමය ජය ලැබිය හැකි සංඛ්‍යා කේන්ද්‍රය

ජූලි 28, 2023

 

උපන්දා සිට මරණය දක්වාම අප සංඛ්‍යාත්මක ලෝකයක් තුළ ජීවත් වන්නෙමු. ඒ පිළිබඳ අපර දිගුවන්ගේ සටහන්, ඉගැන්වීම් බොහෝ ය. අප කතා කරනුයේ හිරණ්‍ය කඩිප්‍ර කාලමුනි, ආදීහු විසින් ප්‍රකාශ කරන ලද යාමල ග්‍රන්ථ ඇසුරු කරන තොරතුරුය. න්‍යාය වර්තමාන වර්ෂ සමඟ ගැළපීමෙන්ද ප්‍රතිඵල ලබාගත හැකි බවය.

කවුරුත් දන්නා දෛව අංකය හෝ වාසනාවන්ත අංකය සොයනුයේ උපන් වර්ෂය මාසය දිනය ක්‍රමයෙන් ලියා නවයෙන් බෙදීමෙන් ඉතිරි වන සංඛ්‍යාව අනුව බව පසුගිය සතියෙහි පවසන ලදී. සත්‍ය වශයෙන්ම ග්‍රහ හිමිකාරීත්වයෙහි වෙනසක් තිබුණේ මුදු අන්තර්ජාලයේ, විවිධ මුද්‍රිත ග්‍රන්ථයන්හි (ඒ අංක පිළිබඳව) දක්නට ලැබෙන තොරතුරු නිවැරැදි බව හැඟේ.

පෙරදිග ක්‍රමයට දවස, නැකැත සහ උපන් ලග්න රාශිය එකට එකතු කොට නවයෙන් බෙදා අදාළ දෛව අංකය ලබාගත හැකිය. ඉරිදා සිට සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන දවස්වලට ක්‍රමයෙන් 1 සිට 7 දක්වා අගයන් පැවරේ. ඔබ උපන්නේ මේෂ රාශියෙන් නම්, එයට අංක 1 හිමිය. මෙසේ වෘෂභ - 2, මිථුන - 3, කටක - 4, සිංහ - 5, කන්‍යා - 6, තුලා - 7, වෘශ්චික - 8, ධනු - 9, මකර - 10, කුම්භ - 11, මීන - 12 වේ. ඔබගේ කේන්ද්‍ර සටහනෙහි ඔබ උපන් නැකැත සටහන් වී තිබේ. එම නැකැතට අනුව හිමි අංක මෙසේ ය.

කැති - 1, රෙහෙණ - 2, මුවසිරස - 3, අද - 4, පුනාවස - 5, පුෂ - 6, අස්ලිස - 7, මා - 8, පුවපල් - 9, උත්‍රපල් -10, හත - 11, සිත -12, සා - 13, විසා - 14, අනුර - 15, දෙට - 16, මුල -17, පුවසල - 18, උත්‍රසල - 19, සුවණ - 20, දෙනට - 21, සියාවස - 22, පුවපුටුප - 23, උත්‍රපුටුප - 24, රේවතී - 25, අස්විද - 26, බෙරණ - 27 වශයෙනි.

ඔබ වෘෂභ ලග්නයෙන් මා නැකතින් බදාදා උපන්නා නම් (මේ තොරතුරු ඔබේ හඳහනෙහි සටහන් වේ.) වෘෂභ හිමි 2 මා නැකත හිමි 8 බදාදා හිමි 4 යන අංක එකට එක්කළ යුතුය. එවිට 14 ක් වේ. නවයෙන් බෙදූ කල 5ක් ශේෂ වේ. එය ඔබගේ වාසනාවන්ත අංකය වේ. ඔබට එය දිව්‍යමය අංකයක් කර ගැනීමට හැකියාව ඇත. ඔබට 555 සංඛ්‍යා තුනක සංඛ්‍යාවට වඩා 5555 විශේෂ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. මෙම සංඛ්‍යාව ඔබට රිසි සේ හැසිරවිය හැකිය. එහෙත් වඩාත් වේගවත් තීව්‍ර ප්‍රතිඵල සඳහා න්‍යාය අනුගමනය කළ යුතු ය. අංක 5 සම්බන්ධයෙන් ගතහොත් අංක 5 හිමියන් බෞද්ධ හෝ හින්දු බැතිමතුන් නම්, මල් වර්ග 5කින් ඔබේ ශාස්තෘන්වහන්සේට පිදිය හැකිය. එය වාර 15ක් සිදු කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. කෙටි කාලීන අරමුණක දී දවසකට වාර 3 බැගින් වාර 5ක් එසේ සිදු කළ හැකිය. රෝග සුවය, කෙටි කාලීන ධන අවශ්‍යතා ආදිය සඳහා එය ඔබට අත්හදා බැලිය හැකිය. බටහිර අංක විද්‍යාව අනුව අංක 5ට ඇති පලාපල විස්තර ඔබට ගැළපෙනු ද ඇති. ඒ පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන්ද විමසා දැනගත හැකි බැවින් එම තොරතුරු මෙහි නොලියමු.

ඔබගේ අවබෝධය සඳහා තවත් නිදසුනක් ගතහොත් ඉරිදාවක මේෂ ලග්නයෙන් උත්‍රපුටුප නැකතින් යමෙකු උපන්නේ නම්, ඉරිදාට 1, මේෂයට 1, උත්‍රපුටුප 24 සියල්ලේ එකතුව 26 නවයෙන් බෙදූ කල ඉතිරි 8 වේ. අංක 8 ඔබට වාසනාව ගෙන දෙනු ඇත. බොහෝ දෙනකු අටේ අංකය පිළිබඳ බියක් ද ඇති කරගෙන තිබේ. එහෙත් එය අනියත බියකි. අංක 8 හිමියන්ට 888 දිව්‍යමය අංකයක් සේ ඵලදායී වේ. දවස් 8ක දී වන්දනා කිරීම, මල් වර්ග 5ක් පූජා කිරීම වැනි උපක්‍රම ඔබට යොදාගත හැකිය. මෙසේ පෙරදිග සංඛ්‍යා ජයභූමි සංකල්පය බොහෝ විසල් පරාසයක විහිදී යනු ඇත. තවද නිදසුනකට 2023 ජූලි 28 උපන් අයකුගේ සංඛ්‍යා විද්‍යා හඳහන මෙසේ දැක්විය හැකිය.

මෙය සංඛ්‍යා විද්‍යාවට අනුව අංක 06 දෛව අංකය මුවකුගේය. ජන්මියා අංක හයෙන් කියැවෙන නෛසර්ගික ගුණ නිශේධනය කරවා රාහුගේ බල ඉස්මතු කරනු ඇත. එහෙත් තීක්ෂණ බුද්ධියකින් කටයුතු කරන වයස අවු. 4, 10 කාලයේ දැනුම ලබන වයස අවු. 4 දී සැප සම්පත් ද ලබන්නෙකි. ආවේගශීලි චරිතයකි. මානසික විඩාවෙන් නිතර පෙළෙන්නෙකි. ආත්ම පීඩා මෙන්ම පීතෘ ශාපවලට ලක්වූවකු විය හැකිය. මෙසේ සංඛ්‍යා විද්‍යා කේන්දරයක් ඔබේ උපන් දිනය අනුව නිර්මාණය වේ යැයි ඔබ සිතා සිටියා ද, දැන් අප පෙරදිග සංඛ්‍යා විද්‍යාවටම මුල්තැන දුන්නොත් එදා උදේ 7.00ට පමණ ඔහු හෝ ඇය උපන්නේ නම්, ලග්න රාශිය සිංහයය. අංකය 5, නැකත අනුරය, 15ය. සිකුරාදාව 5ය. මේ සියල්ලේ එකතුව 26ය. එයද අංක 8 හිමි අංකයකි. එකල්හි ඔහුගේ ජීවන බලය, ආත්ම බලය ශනි වෙත පවරාගනු ලැබේ. සැප සම්පත් පිළිබඳ කළකිරේ. දැන් මේ අදහස පෙර කී අදහස් සමඟ ගැටේ. එය එසේ ය. පෙර කියන ලද අදහස්වල ඵලය ගෙන දෙන අතරම මෙහි ඵලය ඊට අධිකව ක්‍රියාත්මක වේ. ඒවා සමබරව විමසිය යුතු ය.

ඉදින් සංඛ්‍යා විද්‍යාව ඉතා සංකීර්ණ එකකි. 2023 ජූලි 28 උපන් අය දෙස විමසීමේ දී ජූලි 28 උපදින බොහෝ දෙනකු හැම දෙයටම ආධිපත්‍ය දරනු ඇත. ඔවුන් සැබැවින්ම වාසනාවන්තයෝ ය. එහෙත් ජූලි 28 තනි අගයට ගත් කල්හි අංක 8 ලැබේ. එහෙත් ඔබ ඔබ ගැන විමසත්වා. ඔබ දන්නා අය ගැන විමසත්වා, උපන් තත්ත්වයට වඩා උසස් තත්ත්වයක ඒ ඇත්තෝ සිටින බව ඔබට දැකගත හැකි වනු ඇති. ඔබ මේවා විමසන විට පර්යේෂණාත්මක කෝණයකින් විමසිය යුතු බව අමුතුවෙන් කිවයුතු නොවනු ඇතැයි සිතමි.

තවදුරටත් පෙර කියන ලද සංඛ්‍යා කේන්ද්‍රය විමසන විට ඕනෑම වර්ෂයක සැප්තැම්බර් මාසයේ අග සතුට සෞභාග්‍ය ලැබෙනු ඇත. වයස අවුරුදු 36 සිට 40 දක්වා කාලය සතුට සෞභාග්‍ය ගෙන දෙනු ඇත. දැන් මෙය කියවන ශාස්ත්‍රාභිලාෂ තැනැත්තෝ සිතනුයේ මෙය කෙසේ පවසනු ඇති ද කියා ය. විරෝධාර්ථවාදීහු මෙහි වරද කොහේද විමසනු ඇත. මේ සංඛ්‍යා විද්‍යාවයි. ඉතා මැනැවින් සිතුවේ නම්, මේ සංඛ්‍යා කේන්ද්‍රය නිර්මාණය කරන ලද ආකාරය සිතා ගත හැකිය. ඉපැරැණි වූ භාරතීයන්ගේද මුදුන් මල්කඩක් වැනි වූ ද යාමල ග්‍රන්ථයන් සංඛ්‍යා විද්‍යාවට සාක්ෂි දරත්. එහෙත් එහි ක්‍රිස්තු වර්ෂ කතා නම් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. වර්ෂ, මාස, දිනය ව්‍යවහාරයයි. එය යුග වර්ෂයෙන්, ගුරු වර්ෂයෙන්, ශක වර්ෂයෙන් හෝ බුද්ධ වර්ෂයෙන් හෝ ගත හැකිය. වඩා විශේෂ වනුයේ ව්‍යවහාරයයි. ඔබ රුක්මල් බණ්ඩාරය. එහෙත් ඔබේ භාවිත නම ‘රුකී’ විය හැකිය. රුක්මල් බණ්ඩාරයන්ම ‘රුකී’ ලෙස පෙනී සිටිනු ඇත. ඉදින් එකල තොරතුරු තාක්ෂණය ගැන ග්‍රන්ථවල ලියැවී නැත. එහෙත් අඟහරු බ්‍රහස්පති සංයෝගය ගැන ලියැවී ඇත. මෙවැනි තොරතුරු කිහිපයක් මා විසින් ඉදිරිපත් කරන ලද්දේ ආධුනිකයා නොමඟ යාම වළකාලීම පිණිසය. ඉදින් තවදුරටත් ඉහත සඳහන් 2023 සංඛ්‍යා කේන්ද්‍රය ඇසුරින් යමක් පවසමි. වයස අවුරුදු 36 -40 කාලයේ සතුට සෞභාග්‍ය ලැබෙනුයේ වයඹ දිශාවෙනි. ඒ සඳහා ජන්මියා උමයංගනාව නමදින්නේ නම්, තවදුරටත් යහපත් ප්‍රතිඵල නෙළාගත හැකි වනු ඇත.

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.