නිල උද්දීපනය කර ඔබව ආකර්ෂණය කරන මාතාංගේෂ්වරිය

ජුනි 9, 2023

 

ඕනෑම ගුරුකමක් කරන කොට අවශ්‍ය දිෂ්ටි මන්ත්‍ර, ජප මන්ත්‍ර කරන කොට කුමක් හෝ සලකුණක් පෙනෙනවා. ඒ දිෂ්ටිය පැමිණීමේ සංකේතය. ඒකට බය වන්න එපා. උදාහරණයක් වශයෙන් සෙනසුරු ප්‍රධාන බල ගුරුකමක් නම් මධ්‍යම රාත්‍රිය වන විට ඉදිඹුවකුගේ දර්ශනයක් පෙනේවි. රාහු ග්‍රහයා මුල් කරගෙන නම් සූකර දර්ශනයක් නැතහොත් ඌරකුගේ දර්ශනයක් පෙනේවි.

 

අපි නිවැරැදිව මතුරනවා නම් මේ දර්ශන බලාපොරොත්තු වන්ට ඕනෑ. නොපෙනුණොත් තමයි ගැටලුව. නමුත් මතාංගේෂ්වරි යන්ත්‍රය මතුරනකොට එහෙම රූප දර්ශන දකින්න බැහැ. තද රුක්අත්තන මල් සුවඳක් තමයි දැනෙන්නේ. සාමාන්‍යයෙන් ඒ සුවඳ මාතාංගේෂ්වරි යන්ත්‍රයට ආවේණිකයි. අභිසම්භිධානය මතුරනකොට ගසක් කැපුවාම එන හුමාලය දැනෙනවා. එක එක ගුරුකමට එක් එක් සලකුණු ලැබෙනවා.

යන්ත්‍ර පුරන කොට ඒ ඒ යන්ත්‍රයට ආවේණික වූ උපදෙස් තිබුණත් පොදු උපදෙස් තමයි යන්ත්‍රයේ දිග, පළල 2ය5, 2ය8, 2ය18 අරගන්නේ නැහැ. මේ දිග පළල අරගෙන කොච්චර හොඳට මැතුරුවත් අගුණයක් මයි දෙන්නේ. සමහර යන්ත්‍ර, ගංගාවලින් එතෙරට මුහුදින් එතෙරට බලය හිටින්නෙ නැහැ. නමුත් මේ මන්ත්‍ර කාණ්ඩය විශේෂයෙන් එහෙම නැහැ. මුහුදින් එතෙර ජීවත්වන අයටත් එකසේ බලය දෙනවා. ප්‍රතිඵල නියමයි. විශේෂයෙන් මාතාංගේෂ්වරි යන්ත්‍රය පැලැදීමෙන් ශරීරයේ කාම නිල උද්දීපනය වීමෙන් ඔබව අනුන්ට වශීකරණයක් කරනවා. මෙහි පොදු මන්ත්‍රය තමයි “අයිං කලිං සෞං ඕං ශ්‍රී භගවතී ශ්‍රී මාතාංගේෂ්වරි සර්ව යතා වසංකරි සර්වදේව වසංකරි. සර්ව සභා වසංකරි. සර්ව සත්ව මුග වසංකරි. සර්ව ධන ධාන්‍ය වසංකරි. සර්ව රෝග හරංකරි අමුකම්බේ වසමනාය (නම්) නාම රාජම්” කියලා නමට මැතිරීම. මේ යන්ත්‍රය කෙනකුට මතුරලා වෙනත් කෙනකුට පලඳින්න බැහැ. අනික තමයි මතුරනකොට ළිංතොටේ, පැන්තොටේ, පාලු,සොහොන් පිටියේ, සයුරු තෙරේ, ගං ඉවුරු කෙරේ තහංචි කහංචි ඒස්වහඞ

කියලා තහංචි කඩනවා. ඒක නිසාම පිටරට පවා වෙසෙන අයට නොවෙනස්ව එකසේ ගුණ දෙනවා. මේ වගේ සර්ව වශී යන්ත්‍ර හැම දේකටම යහපත් ප්‍රතිඵල දෙනවා. හැම දෙයම හරියන කොට හිත පිරිසුදු වන නිසා ජන්මියා ලස්සන වනවා.

යන්ත්‍ර කාණ්ඩ කීපයක් තිබුණත් මේ යන්ත්‍රය වශීකරණ යන්ත්‍ර කාණ්ඩයට අහුවෙනවා. මේ වගේ බලගතු යන්ත්‍ර නිවැරැදිව කරල පැලැන්දුවාම හිතා ගන්නවත් බැරි ප්‍රතිඵල ලැබෙනවා. මේ මාතාංග අඳුනට එලවරා, පල්මානික්කම් – විෂ්ණු ක්‍රාන්ති, කස්තුරි ගෝරෝචන, කොකුම් වැනි දුර්ලභ ගනයේ ඖෂධ පිනිදියෙන් අඹරා අඳුන හදාගන්න ඕනෑ. මෙම යන්ත්‍රය මතුරන කොට විශේෂයෙන් ඇදුරුතුමා මස්,මාලු, කරවල ආදි හැම දෙයින්ම වැළැකී එළවළු විතරක් ආහාරයට ගත යුතු වනවා. මෙය මතුරන කොට විශේෂ කරුණක් තමයි මේ කාලය තුළ ස්ත්‍රියක් පිසින කෑමක් වත් කෑම තහනම්. පංචෝපකාර පූජාවන් එනම් මල් වර්ග 5, පලතුරු 5, කැවිලි, සුවඳ දුම් තබා නොඅඩුව පේ කිරීම කළ යුතු වනවා. සියලුම දේ නිවැරැදිව සකස්කර මැතිරීම සුබ නැකතට ඇරැඹීම අත්‍යාවශ්‍යම වනවා.

පන්හිඳට වැඳ යන්ත්‍රය පිරීම පටන් ගත යුතු වනවා. එක් ඇදුරෙකුට එක එල්ලේ මැතිරීම අපහසු නම් දෙදෙනකු විසින් යන්ත්‍රය පිරීම වරදක් නොවන බව යන්ත්‍ර පොතේ සඳහන් වනවා. නමුත් යන්ත්‍රය පිරීම ආරම්භ කළ කෙනාම අවසන් කළ යුතුම වනවා. මන්ත්‍ර නීතිය එයයි.

ඉතා බලගතු වශී යන්ත්‍රයක් වන මාතාංගේෂ්වරිය සැම දෙනාටම ජය, ප්‍රසාදය, සතුට, ගෙන දෙන යන්ත්‍රයක් බව ඍෂි මතයයි. විශේෂයෙන් මේ මන්ත්‍රය, පිරිමේදී කිසිදු බියක් සැකක් නැතිව කරගෙන යා හැකි යන්ත්‍රයකි. නිවැරැදිව වාර ගණන සම්පූර්ණ කර එළිවෙන ජාමයට යන්ත්‍ර පිරීම නවතා ප්‍රාණ පලිප්පු ස්ඵුඨ කර යන්ත්‍රය ජීව නූලෙන් සුළුවශයෙන් ඔතා සුරය සමඟින් තැබිය යුතුය.

රත්රන් ආලේප, මන්ත්‍ර ජපයෙන් සම්පූර්ණ වූ මාතාංගේෂ්වරිය පසු දින අවශ්‍ය ආතුරයාගේ ගෙලට පැලැදීමේදී පොදු මාතාංග මන්ත්‍රයෙන් අවසන් කළ යුතුය. මාතාංගේෂ්වරි යන්ත්‍රය පලදා දින 14 කට පෙර සුබඵල අත්විඳීම ඒකාන්තය. එය මෙම වශී යන්ත්‍රයේ බලයයි.

 

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ජ්‍යෝතීර්වේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.