විවාහයට අහිතකර විවාහ දෝෂ

දෙසැම්බර් 23, 2022

විවාහපේක්ෂ දෙදෙනාම පවුලේ වැඩිමහල්වීම තුන් කුළුදුල් දෝෂය නම් වේ. දරුවා, පියා, මව සීයා තිදෙනාම වැඩිමහල්වීම නිසාත් මව පියා දරුවා තිදෙනාම වැඩිමහල්වීමත් තුන් කුළුදුල් දෝෂය වේ.

 

ජීවිතයට වැදගත් වන විවාහය පිළිබඳ විවිධ ග්‍රහදෝෂ ගැන සවිස්තරාත්මක විස්තරයක් පාඨකයින් වෙත ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතේ. දුවගේ හෝ පුතාගේ විවාහයට පොරොන්දම් පරීක්ෂාවට ගිය විට අතිශයින්ම වැදගත් වන මෙවන් විවාහ දෝෂ ගැන මනා අවබෝධයක් ඔබට තිබීම ඉතාම වැදගත් වේ. විවාහ දෝෂ 20ක් පමණ ඇත. අපි දැන් ඒවා ගැන විමසා බලමු.

 

අඟහරු කුජගේ භෞම දෝෂය

 

කේන්ද්‍රයේ 1, 2, 4, 8, 12 තැන කුජවීම අඟහරු කුජ දෝෂය වේ. එසේම චන්ද්‍රයාගෙන් 1, 2, 4, 8, 12 යන තැනක කුජවීම භෞම දෝෂය වේ. සිකුරුගෙන් 1, 2, 4, 8, 12 යන තැනක කුජ සිටීම කුජ දෝෂය වේ. කේන්ද්‍ර දෙකේම මෙම කුජ එකී තැන්වල සිටීමෙන් දෝෂය භංග වේ. තවද ගුරුගෙන් 7 වැන්නේ කුජට වැටීමෙන් භෞම දෝෂය බිඳේ. කුජ, ගුරු එක්වීමෙන් දෝෂය භංග වේ. රාහුගෙන්ද කුජ දෝෂය බිඳේ. ස්ත්‍රී පුරුෂ කේන්දර දෙකේම එකම රාශියක කුජ සිටීමෙන් දෝෂය භංග වේ.

කේමධ්‍රැම යෝගය

 

යම් රාශියක සඳු තනිව යෙදී ඇති විට දෙපස රාශි දෙකේ ග්‍රහයින් නැත්නම් පාළුවීනම් දුප්පත්කම ඇතිවේ. දුකට වැටේ. සඳුට ගුරු පෙනීම ලැබේනම් දෝෂය භංග වේ.

7-8 පරිවර්තන යෝගය

 

7 වැන්න අධිපති ග්‍රහයා 8 වැන්නේ වීම 8 වැන්න අධිපති ග්‍රහයා 7 වැන්නේ සිටීමෙන් පරිවර්තන යෝගය සෑදේ. පරිවර්තන යෝගය ඇත්නම් එම යෝගය ඇති කෙනකු සමඟ විවාහ විය යුතුයි.

විවාහ කාරකයා වූ සිකුරු 7 අධිපතියාත් 6, 8, 12 යන රාශියක සිටීමත් දෝෂයකි. අනියම් දෝෂ නිසා විවාහය බිඳ වැටේ.

 

ශනි මංගල යෝගය

 

ශනි + කුජ දෙදෙනා යම් කේන්ද්‍රයක වෙතොත් එය ශනි මංගල දෝෂය වේ. කේන්ද්‍ර දෙකේම මෙම යෝගය තිබේ නම් දෝෂය භංග වේ.

චන්ද්‍ර මංගල දෝෂය

 

සඳු + කුජ දෙදෙනාම යෝගවීම චන්ද්‍ර මංගල යෝගය වේ. විකෘති කාමයන්ට නැඹුරු කරයි.

කඩ හන්දි දෝෂය

 

දෙදෙනාගේම විවාහයෙන් පසු එකම වසරක් තුළ එකම දශාවක් ලැබීම කඩහන්දි දෝෂය වේ. මෙය ඉතාම අශුභයි.

වෛයවත් දෝෂය

 

කනවැන්දුම් යෝගය ලෙස නම්කර ඇත. ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මර යෝගත් පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මර යෝගත් වීම හරහා වෛධව්‍ය දෝෂ ඇතිවේ.

නාශාංශක දෝෂ

 

ජන්ම කේන්ද්‍රයේ ගුරු සිත නැකත වූ පුනාවස, පුවපුටුප, විසා යන නැකත් වල පළමු පාදයේ වීමත් උපතේ දී ශනි පුෂ, අනුර, උත්‍රපුටුප නැකතේ 2 පාදයේ වීමත් උපතේ දී සිකුරු, බෙරණ, පුවසල, පුවපල් නැකතක 3 වැනි පාදයේ වීමත් උපතේ දී රවි, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකතක 4 වැනි පාදයේ වීමත් නාශාංශක දෝෂය වේ. යම් කේන්ද්‍රයක නාශාංශක ග්‍රහයා 7 වැන්නේ වී නම් එය බහුවිවාහයකි.

 

අති ධාවන කාම යෝග

 

කේන්ද්‍රයේ කුජ, ශුක්‍ර හෝ සඳු සිකුරු යෝගය ඔවුන්ගේම නැකත්වල හෝ පාපී ග්‍රහයකුට අයත් නැකත්වල සිටීමෙන් එය අති ධාවන මහා කාම යෝගය වේ. ගුරු ලග්නයේ ඇත්නම් 7 පෙනීම නිසා දෝෂය භංග වේ.

පාප කර්තරී දෝෂය

 

ශුක්‍ර හෝ 7 අධිපතියා සිටි රාශිය දෙපස රවි + ශනි දෙදෙනාම පිහිටියේ නම් එම දෝෂය යෙදේ. මෙය අවිවාහකවීමකටද ඉඟියකි.

වඳ දෝෂ

 

5 අධිපතියා ශනි සමඟ යෝගවීම 5 වැන්නේ කුජ, ශනි, රාහු දුබලවීම ගුරු නීචවීම 5 වැන්නාධිපති 8 වැන්නේ සිටීම.

 

තුන්කුළුදුල් දෝෂය

 

විවාහපේක්ෂ දෙදෙනාම පවුලේ වැඩිමහල්වීම තුන් කුළුදුල් දෝෂය නම් වේ. දරුවා, පියා, මව සීයා තිදෙනාම වැඩිමහල්වීම නිසාත් මව පියා දරුවා තිදෙනාම වැඩිමහල්වීමත් තුන් කුළුදුල් දෝෂය වේ. පවුලේ වැඩිමලා වී දෙට නැකතේ ඉපදීමත් එසේ ය.

 

විෂ කන්‍යා යෝගය

 

ලග්නයේ ශනි, කුජ වීම මේෂ ලග්න කේන්ද්‍රයේ ශනි ලග්නයේත් කුජ කේතු 6 වීමත් මේෂ ලග්න දෙකේ කුජ ලග්නයේ රවි රාහු 6 සිටීම මේෂ ලග්නය කේන්ද්‍රයක රාහු ලග්නයේ කුජ ශනි 06 සිටීම සිංහ ලග්න කේන්ද්‍රයේ ශනි ලග්නයේත් රවි කේතු 6 සිටීමෙන් මේෂ ලග්න කේන්ද්‍රයේ රාහු ලග්නයේ රවි, ශනි 10 වීමත් විෂ කන්‍යා යෝගය සෑදේ. තවද විෂ කන්‍යා යෝගය බිඳෙන අවස්ථා ද තිබේ. මෙවැනි විවාහ දෝෂ කේන්ද්‍රවල පිහිටා තිබේ නම් ඒවා භංග වී නොමැති නම් විවාහ දිවියට ඇතුළු වීමේ දී බුද්ධිමත්ව ගැළපීම් ධනාත්මකව කිරීම අනිවාර්ය වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.