වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබේ ලග්නය වෘෂභ නම්...
දෙසැම්බර් 2, 2022
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි.
ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරුපහකින් සැදුම්ලත් රෙහෙණ නැකතද මුව හිසකට සමානව පිහිටි තරු 03කින් සමන්විත වන මුවසිරස නැකතේ මුල්පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි. පඨවි හෙවත් තද ගුණයෙන් යුතු රාශියකි. ලග්නාධිපතිවනුයේ සිකුරු ය.
වෘෂභ ලග්නයෙන් උපන් අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝ ය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද පි‍්‍රය අයවෙති. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝ ය. සුළු සිද්ධියක දී පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත.
සිකුරු ග්‍රහ මඬුල්ලේ මනාලියයි. එහෙයින් වෘෂභ රාශියෙන් උපන් අය අලංකාරයට, ආදරයට මුල් තැනක් දෙයි. නිතරම පිරිසුදුවටත්, ලස්සනටත් සිටීමට ඔවුන් වඩා රුචිකත්වයක් දක්වති. මෙම ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරු ය. තොල පළල්ය. කන්දෙක තරමක් විශාල වන අතර නළල පළල් බවක් පෙන්නුම් කරයි. දත් පෙනෙන සේ හඬ නඟා සිනාසීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි.
අඟ පසඟ මනාව ලස්සනට පිහිටා ඇත. මහත් වූ බෙල්ලකට හිමිකම් කියන පිරුණ උරහිස් තලයකින් යුක්තය. කම්මුල් සහ මුඛය පිරුන බවක් පෙන්වයි. කළු හිසකෙස් සහ ඇස් ඇත්තේ වෙයි. කල්යෑමෙන් හිසකේ රැලි ගැසේ.
ගතිගුණ
වෘෂභ ලග්නයෙන් උපන් අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝ ය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද පි‍්‍රය අයවෙති. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරයෝ ය. සුළු සිද්ධියක දී පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. මොවුන් ඉතා ඥානවන්ත බැවින් ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමට සමත් ය. හොඳ හික්මීමක් ඇති නමුත් තරමක උඩඟු ගතියක් ද පෙන්නුම් කරයි. අන් අයට සංග්‍රහ කිරීමට වඩා කැමති වේ. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරන මොවුන් වස්තුව ධනය රැස් කිරීමට වඩා උනන්දුවක් දක්වති.
තමන්ගේ අදහසට අනුව කටයුතු කරනවා හැරෙන්නට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමට වෘෂභ ලග්න හිමියෝ අකැමැති ය. හැමවිටම තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතිවිලි ලෞකික පැත්තටම බරෙවේ. අනුන්ගේ මතයට ගරු නොකිරීම ඔවුන්ගේ දුර්වලකමකි.
රැකියා
දක්ෂ කථිකයන්, පණ්ඩිතයන්, පොත්පත් කතුවරුන්, ශිල්ප කලා හා මුද්‍රණ ශාලා හිමියන් ආචාර්ය පදවි ලබන්නෝ බොහෝ විට මෙම ලග්නයෙන් උපත ලැබූ අය වෙති. කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය, හෝටල් පරිපාලනය, නීතිය, සත්ත්ව විද්‍යාව, රසායන විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදියටද වෘෂභ ලග්න හිමියෝ විශේෂ කුසලතා දක්වති.
වෘෂභ ලග්නය හිමි කාන්තාවන් මනාලියන් හැඩගැන්වීම, මල්කලාව, ගෙතුම් ශිල්පය ආදියට දැඩි රුචිකත්වයක් දක්වති. සදාචාර සම්පන්නව හැදුන වෘෂභ ලග්න හිමියන් ඉතා හොඳ කල්‍යාණ මිත්‍රයෝ ය. ඇසුරට වඩා යෝග්‍ය අය වෙති. ස්ථිර අදහස්, උදහස් ඇති ඔවුන් නොසැලෙන ප්‍රතිපත්ති ගරුක උසස් අදහස් ඇත්තෝ ද වෙති.
වෘෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම වෙළෙඳාමට හා කෘෂිකර්මයටද දක්ෂතා පෙන්වන අතර හොඳ කාර්ය සංවිධානයන් වීමටත්, දේශපාලනඥයන්, පාලකයන්, නායකයන් බවට පත්වීමටද හොඳ පිහිටීමකි. දුර පෙනෙන සියුම් ඥානයකින් යුත් මෙවැන්නෝ, ගුප්ත ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර හැදෑරීමටත් මොවුහු කැමැති වෙති.
විවාහය
වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ විට කැමති වෙන්නේ ආදරය මුල් කරගත් විවාහයකට ය. සමහරු පාසල් යන සමයේ දී පවා පෙම්සබඳතා කීපයක පැටලීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. පාසලේ දී ඇතිකරගත් පෙම් සබඳතාවයක් බොහෝ විට විවාහයකින් කෙළවර වෙයි. විවාහයේ දී සිකුරු, කුජ, සඳු ප්‍රබල තැනක් ගනී. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් අධික කාමුක බවකින් යුක්තය. ලෝකෝත්තර සැපයට වඩා ඔවුන් ලෞකික සැපත අගය කරයි. යහපත් ග්‍රහයෝග පිහිටි වෘෂභ ලග්න හිමියන්ට මැති ඇමැති තනතුරු පවා ලබා ගැනීමට වාසනාව ඇත. වෘෂභ ලග්න හිමියන්ට විවාහයට වඩා සුදුසු වන්නේ වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලින් උපන් තරුණ, තරුණියන්ය. තමන්ට නොගැළපෙන සහකාරියක් ලැබුණොත් ඇයගෙන් වෙන් වීම ඔවුනට සාමාන්‍ය දෙයකි. ඒ පිළිබඳව පසුතැවීමක්ද නැත.
රෝග
වෘෂභ ලග්න හිමියන්ට වයස අවුරුදු 40 නන් පසු වායු, සෙම්, පිත එකසේ ශරීරයට බලපායි. අලුයම සහ සවස භාගයේ ස්නානය කිරීම හේතුවෙන් සෙම් රෝග ඉස්මතු වේ. නිරාවරණ හිසින් යුතු තද අව්වේ යෑම ඔවුනට සුදුසු නොවේ. එසේ කිරීමෙන් සෙම කිපීමට මෙන්ම, හිසකෙස් හැලීමට ද හේතුවෙයි. හිසේ රෝග, බෙල්ලේ රෝග, ඇදුම, පපුවේ රෝග ආදිය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන් වැලඳීමට පුළුවන.
මරණය
වෘෂභ ලග්න හිමියන්ට ප්‍රධාන බාධක ග්‍රහයන් වනුයේ සඳු, සිකුරු සහ ගුරු ය. මෙම ග්‍රහයන්ගේ පිහිටීම අනුව ආයුෂ තීරණය වේ. ප්‍රධාන බාධක ග්‍රහයා වන්නේ ගුරු ය. ගුරු මහ දශාවේ දී හෝ අතුරු දශාවේ දී මාරක අනතුරු සිදු වීමට හැකියි. අපල උපද්‍රව සඳහා ආරක්ෂ මන්ත්‍රවලින් ජප කරනන ලද දියමන්ති, මැණික් ගලක් පැලඳීම ඉතා සුදුසු ය.
හිඹුටානේ
පියතිලක ද අල්විස්
෴ සබැඳි ලිපි ෴
ඔබේ ජන්ම පත්‍රයෙත් යෝග ඇති බව මට විශ්වාසයි. එහෙනම් ජන්ම පත්‍රයක් ඇති හැමදෙනාම ඡ්‍යොතිෂ්‍ය විශ්වාස කරන හැම කෙනෙක්ම යෝග ගැන සාමාන්‍ය දැනුමක්...
2020-10-08 18:30:00
විවාහය පිළිබඳ 07න් කියැවෙයි. 07 වැන්න හිමි ග්‍රහයාත් එම ග්‍රහයා සිටින රාශියත්, 07 වැන්නේ සිටින සහ දකින ග්‍රහයන් ගැනත් සලකා බලා විවාහය ගැන තීරණය කළ...
2020-10-08 18:30:00
අතක් බලා ඉතා නිවැරදි පලාපල කිව හැකි වන්නේ ශාස්ත්රවන්තයාගේ පරිණතභාවය නිසයි. හස්තරේඛා විද්‍යාව ඉතා ගැඹුරුවූත් නිවැරදිවූත් ශාස්ත්‍ර ක්රමයකි. මේ නිසා...
2020-10-08 18:30:00
තාරකා රාශි චක්‍රයේ අවසන් හෙවත් දොළොස්වන තාරකා රාශියයි. මාළුවකුගේ රුවක් නිරූපණය කරන බැවින් ලතින් භාෂා වරනැගීමට අනුව ‘පීසිස්’ යනුවෙන් හඳුන්වන අතර, ලක්...
2020-10-01 18:30:00
මේෂ ලග්නය - රාශි චක්‍රයේ පළමු රාශිය වන්නේ මේෂ රාශියයි. චර ලග්නයක් වන මේෂ රාශියෙහි ලග්නාධිපති කුජය. මේෂ ලග්නයට අට අධිපති වන්නේ ද කුජය. එසේ වුවද...
2020-09-24 18:30:00
අමා මෑණි සම්මා සම්බුදුන් වහන්සේ නිර්වාණය සහ නිර්වාණ ගමන් මාර්ගය ඉතා සරලව දේශනා කළ සේක. පැහැදිළිව දේශිත ලෝකෝත්තර ගමන් මඟ එසේ දේශනා කළ අතරතුරම ශ්‍රාවක...
2020-09-24 18:30:00
වර්තමාන සමාජය තුළ ද අතක් බලා ජීවන තොරතුරු දැන ගැනීමට ආශා කරන බොහෝ පිරිසක් සිටී. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කිරීම හස්ත රේඛා ශාස්ත්‍රඥයකුගේ යුතුකමකි. එය...
2020-09-24 18:30:00
තාරකා රාශි චක්‍රයට අයත් 11 වන තාරකා රාශිය වන මෙය, ‘කුම්භ’ යනුවෙන් හැඳින්වෙයි. මකර (Capricornus) සහ මීන (Pisces) යන තාරකා රාශි දෙකට මැදිව...
2020-09-24 18:30:00
තාරා ග්‍රහයන් යනු සූර්යයාගේ ආලෝකය වැටීම හේතුකොටගෙන රාත්‍රී අහසේ බැබළෙන ග්‍රහ ලෝකයන්ය. අප ජීවත් වන මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තාරා ග්‍රහයන් පස් දෙනෙක්...
2020-09-17 18:30:00
අශ්ව යෝනි – පොරොන්දම් පරීක්ෂාවේදී භාවිත වවන යෝනි නාමයකි. අස්විද නැකත හිමි අයට මෙම යෝනිය යෙදේ. අශ්ලේෂ – අස්ලිස නැකත සඳහා යෙදෙන සංස්කෘත නාමයකි....
2020-09-17 18:30:00
විශ්වයේ නිර්මාණය හා ක්‍රියාකාරිත්වය පංචභූත න්‍යාය අනුව සකස් වී ඇත. භූත යනුවෙන් අදෘෂ්‍යමානව පවතින බලවේගයන් මනසට නැගීම බොහෝ විට සිදුවේ.එනමුත් මෙහිදී...
2020-09-17 18:30:00
තාරකා රාශි චක්‍රයේ දහ වැනි තැන ගන්නා මකර තාරකා රාශිය බැටළුවකුගේ රුවක් නිරූපණය කරයි. ලතින් භාෂාව වරනැගීමට අනුව Horned male goat or goat horn ...
2020-09-17 18:30:00
ගුරු නැත්නම් බ්‍රහස්පති තමයි ශිල්පයට අධිපතියා. මෙයාගේ වාහනය නරයා නැත්නම් මනුෂ්‍යයා ඇවිදින්නෙ මිනිස් කර උඩ. මෙයා ඉන්න දිශාව ඊසාන .මේ පැත්තට...
2020-09-10 18:30:00
වර්තමාන සමාජය දළ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත. එසේ වුවත් ඒ හැමෝම එම ශාස්ත්‍රය පිහිටන්නේ නැත. ඒ සඳහා සසර...
2020-09-10 18:30:00
ස්ත්‍රී දේහ ලක්ෂණ ගැන විමසීමේදී ඉතා සියුම් පිහිටීම් කෙරෙහි ද අවධානය යොමු වනුයේ මෙම ක්ෂේත්රයේ න්‍යාය එය බැවිනි. බැලූ බැල්මට කනෙහි සාමාන්‍ය...
2020-09-10 18:30:00
අභිජිත් මුහුර්තිය – සියලු දෝෂයන්ගෙන් මිදුණු නැකතයි. ඉගැනීමට, නගර නිර්මාණයට , දේව රූප නිර්මාණයට සුදුසුය. දිවා කාලයේ 11-12 අතර උදා වේ. විනාඩි 48 ක...
2020-09-10 18:30:00