කුෂ්ට රෝග නසන ලේ පිරිසුදු කරන වැල්මදට

ජනවාරි 22, 2021

දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද ඖෂධයක් වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් වශයෙන් වැල්මදට හැඳීන්වීමට පුළුවන. මදට යනු මංජිෂ්ඨා යන නාමයෙන් බි¼දී ආ හෙළ වදනයි. මදට හෙවත් මදටිය යනුවෙන් ගැනෙන ගස් වර්ගයක්ද ඇති නිසා මෙම වර්ගය හැඳීන්වීම සඳහා වැල් යන්න මුලට එකතු කර ඇත. තවද ෂඩ් වර්ණයෙන් පස්වෙනි වර්ණය ද ගැනෙනුයේ මංජිෂ්ඨා නාමයෙනි. එමගින් මදට වැලෙහි වර්ණය ගනු ලබයි. මේ නිසා රත් පැහැ මදයක් සහිත වැල් වැල්මදට නමින් හඳුන්වයි.

 

ශ්‍රී ලංකාවේ ජනතාව වැල්මදට භාවිතයට ගනු ලබන්නේ ඖෂධයක් වශයෙන්ම වන අතර විශේෂයෙන් ගම්බද වැසියන් චර්ම රෝග සන්ධි ආබාධ වැනි රෝග වලදී අත් බෙහෙතක් වශයෙන් ද උපයෝගී කරගනී. එමෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී විවිධ ඖෂධයන් සඳහා සංයෝග ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. මේවායේදී බොහෝ සෙයින් භාවිතයට ගනු ලබන්නේ වැල්මදට මුල් වන අතර, බොහෝ රෝගාබාධයන් සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් වෙයි.

එසේම දේශීය ඖෂධ තෛල ආදිය නිෂ්පාදනයේ දී මෙය වර්ණකයක් වශයෙන් ද භාවිතයට ගනු ලබන බව ද දක්වා ඇත.

එසේම ඖෂධීය වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ගනු ලබන නිසා වර්තමානයේ මේ සඳහා ඉහළ මිලක් ගෙවීමට වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට සිදුව ඇත.

වැවෙන ප්‍රදේශ :

* විදේශීය වශයෙන් :-

වයඹ දිග හිමාලය, නීලගිරි, කාශ්මීර,නේපාල හා ඇෆ්ගනිස්තාන් ආදී පර්වත ප්‍රදේශවල වැවෙන බව දක්වා ඇත.

* දේශීය වශයෙන් :-

ශ්‍රී ලංකාවේ මැදරට, කඳුරට, ද්විතියික හා විසිරුණු වනාන්තර වල දක්නට ලැබෙන අතර විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර ගලහ, බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොල, බණ්ඩාරවෙල ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාළුගම, හෝර්ටන් තැන්න, හග්ගල, කඳපොළ ආදී ප්‍රදේශවල ද පිදුරුතලාගල අවට ද වැවෙන බව හඳුනාගෙන ඇත. බොහෝ විට අඩි 3000 – 4000 අතර උස් ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.

* පැළෑටියේ ස්වරූපය :

මෙය ලතා හෙවත් වැල් විශේෂයක් වන අතර ළපටි ශාකයේ කඳ කොටස හතරැස් ස්වරූපයකින් යුක්ත වෙයි. එසේම මේරූ පසු වෘත්තාකාර ස්වරූපයක් ගනු ලබයි. එසේම මෙම වැල ඉහළට වැඩීයාම සඳහා පහුරු ආකාරව පිහිටා ඇති අතර , ඒවා ඉතාම කටු ආකාරයට දැකිය හැක.මෙම වැල එක දිගට නොව ඛණ්ඩකීය බවක් දක්නට ලැබෙන අතර එක් ඛණ්ඩයක් අවසානයේ පත්‍ර 4ක් විහිදී ඇත.

පත්‍රවල දිග නටුවක් පවතින අතර කොළ අඟල් 1/2 - 1 ක් දක්වා දිග වන අතර අඟල් 1/4- 1/2 දක්වා පළලින් යුතුය. මෙම කොළ සිනිඳු හා දිලිසෙන සුළු ගතියෙන් යුක්ත වන අතර, කොළ පටන් ගන්නා තැන ඉලිප්සාකාරව ද අග ප්‍රදේශය උල් හැඩයක් ද ගනු ලබයි. මෙහි මල් කොළ පැහැයට හුරු සුදු පැහැ වන අතර, මලක පෙති 4ක් ඇති නමුත් එම පෙති වෙන්ව නොපවතී. මෙහි ඇති ගෙඩි අමු අවස්ථාවේදී කොළ පාට ද ඉදුණු පසු දම්පාට ද වෙයි. එසේම මෙම ගෙඩි වල ස්ත්‍රී සහ පුරුෂ බීජ දෙවර්ගයම ඇත.

මෙම ශාකය පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන

නාමයන් පිළිබඳව සළකා බැලීමේදී :

* පොදු සිංහල නාමය :- වැල්මදට වේ

සංස්කෘත බසින් :- මංජිෂ්ඨා, අරුණා, රක්තයෂ්ඨී, රක්තා, කාලමේෂිකා, සමංගා, යෝජනවල්ලි, වස්ත්‍රභූෂණ, වස්ත්‍රරංජනී, ජ්වරහන්තී, චිත්‍රා, චිත්‍රලතා, චිත්‍රාජගී, ජනනී, නාග කුමාරිකා, රාගාන්දි මන්ඩුක පර්ණි, කාලා, ගණ්ඩාලී, රසායනී, ජද්මා, විජයා, ගෞරී, පද්මා, රෝහිණී, භාණ්ඩි ආදී නාමයන් රාශියක් දක්නට ලැබේ. මේ අතුරින්, මංජිෂ්ඨන, අරුණා, රක්තයෂ්ඨී, රක්තා කාල, හරිණී යන නාම යෙදී ඇත්තේ රක්ත වර්ණයෙන් යුතු යන අරුතිනි.

ගෙඩිවල පැහැය අනුව ‘කාලමේෂිකා’ යන නාම යෙදෙන අතර රත්පැහැ වර්ණය නිසා ‘සමංගා’ යන නාමයද යෙදේ.

ජ්වර රෝග නසන යන අරුතින් ‘ජ්වරහන්තී’ යන නම යෙදෙන අතර දිගවැල් යන අරුතින් ‘යෝජන වල්ලී’ යන නම යෙදේ.

වස්ත්‍ර වර්ණවත් කිරීමට යොදාගන්නා යන අරුතින් වස්ත්‍රභූෂණ හා වස්ත්‍රරංජනී යන නාමයන් ද යෙදේ.

* හින්දි බසින් වැල් මදට සඳහා :- මාංජිඨ යන නාමය යෙදෙන අතර

* දෙමළ බසින් :- මන්දිට්ටු සහ සෙව්වල්ලි යන නම් යෙදෙයි.

* වංග බසින් :- මංජිෂ්ඨා යන නම යෙදේ.

* ඉංග්‍රීසි බසින් :- Indian madder, Dyer’s madder ƒ£ Heart leaved madder යන නම් යෙදේ. වැල්මදට වල උද්භිත විද්‍යාත්මක නාමය Rubia Cordifolia Linn වන අතර කුලය අභඡභචජඥචඥ හෙවත් මංජිෂ්ඨා කුලය වෙයි.

මේ ආදී වශයෙන් විවිධ භාෂාවලින් විවිධ නම් රාශියකින් හඳුන්වනු ලබන වැල්මදට වල ඖෂධ සඳහා ගනු ලබන අංග වන්නේ මුල් සහිත සම්පූර්ණ ලතාවයි. විශේෂයෙන් මුල් ගනු ලබයි.

වැල් මදට වල අඩංගු රසායනික උපාදාන : මුලෙහි දුම්මල සහිත පදාර්ථ, මැලියම් ශකීරා, රංජක ද්‍රව්‍ය, චූර්ණ ලවණද රංජක ද්‍රව්‍ය යෙහි ර්‍ථභපනභපඪද නම් රක්ත වර්ණ ස්ඵටිකමය පදාර්ථයන්ද ඇතුළත් වේ.

* ඖෂධීය ගුණ : රසයෙන් මධුර තික්ත කෂාය වන අතර ගුණයෙන් ගුරු හා රූක්ෂ වේ. විජයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි. දෝෂ අනුව සැලකීමේදී මෙය සෙම් පිත් සමන ගුණ යුක්ත වන අතර සෙම් පිත් රෝග සඳහා උපයෝගී කරනු ලබයි. ව්‍යුහගත ක්‍රියා සැලකීමේදී

* බාහිර වශයෙන් : මෙය ශෝථහර, ව්‍රණ රෝපන සහ කුෂ්ඨග්න ගුණයන්ගෙන් යුක්ත වන අතර ශෝථ, ව්‍රණ, චර්ම රෝග ආදියේදී ආලේප ලෙස යොදයි.

* අභ්‍යන්තර වශයෙන් : නාඩි ව්‍යුහාවේදී

මෙය මොළයට මෙන්ම වාත නාඩි වලට ද සහනය ලබාදෙන අතර මොළයේ උද්වේගයට හේතුවන රෝග සඳහා යොදනු ලබයි.

* ආහාර පරිපචන ව්‍යුහාවේදී

මෙය දීපන, පාචන, ස්තම්භන හා කෘමිග්න ගුණ යුක්ත වන අතර බඩගිනි අඩුකම ආමදෝෂ අතීසාර කිමි රෝග ආදියේදී ප්‍රයෝග කරයි.

* රුධිර සංසරණ ව්‍යුහාවේදී

මෙය ලේ නතර කරන සහ ලේ පිරිසිදු කරන ගුණයෙන් යුතු අතර රත්පිත සහ රක්ත දෝෂ සඳහා ප්‍රයෝග කරයි.

* ශ්වසන ව්‍යුහාවේදී

සෙම නසන ගුණ යුක්ත නිසා ස්වර භේද හා කාස සඳහා යොදයි.

* ප්‍රජනන ව්‍යුහාවේදී

මෙය ගර්භාෂය උත්තේජක ද ස්තන ශෝධක ද ආර්තව ජනක ද ගුණයන්ගෙන් යුක්ත නිසා කෂ්ඨාර්තව හා රජෝරෝධයට උපයෝගී වෙයි. එසේම ප්‍රසවයෙන් පසු ගර්භාෂය ශෝධනයට ස්තනය (මව්කිරි) ශුද්ධියට හා ජ්වර ප්‍රතිෂේධයට යොදනු ලබයි.

* මුත්‍ර ව්‍යුහාවේදී

ප්‍රමේහ නසන ගුණ යුතු නිසා ප්‍රමේහ රෝග වලදී ප්‍රයෝග කරයි. එසේම කුෂ්ට නසන ගුණ යුතු නිසා කුෂ්ට හා විසර්ප ආදී චර්ම රෝග සඳහා උපයෝගී කර ගනු ලබන අතර ජ්වරස්න ගුණ ඇති නිසා සාමාන්‍ය ජ්වරයේදී ජීර්ණ ජ්වරයේදී සහ සූත්‍රිකා ජ්වරයේදී යොදයි. එසේම වැල්මදට වර්ණකර බලකර විෂ්‍හර හා රසායන ගුණ යුතු නිසා වර්ණ විකෘතිතා දුබලතා සහ විෂ ආදියේදී යොදයි. මේ ආදී වශයෙන් ශාරීරික ව්‍යුහ ආශ්‍රිතව ඉතා හොඳීන් ක්‍රියාකාරී වන ද්‍රව්‍යයක් ලෙස වැල්මදට හැඳීන්විය හැක.එසේම බොහෝ රෝගයන් සඳහා වැල්මදට අඩංගු ඖෂධ යෝග යෙදෙන අතර ඒවා අතුරින් කිහිපයක් නම්,

* කුෂ්ට වලට

වැල්මදට මීපැණියෙන් අඹරා ආලේප කරයි.

* අභිඝාත ආදියට

වැල්මදට මුල් කාඩියෙන් අඹරා ආලේප කරයි.

ගින්නෙන් පිළිස්සුනු ව්‍රණ සඳහා වැල්මදට සුදුහඳුන් මුරුවා මුල් සමඟ පිසගත් ගිතෙල් ආලේපය යොදයි.

* ප්‍රමේහයට

වැල්මදට සුදු හඳුන් කෂාය දීම මේ ආදී බොහෝ ඖෂධ ප්‍රයෝග විවිධ රෝගාබාධ සඳහා වැල්මදට අඩංගුව යෙදෙයි. තවද මෙයට අමතරව වැල්මදට අඩංගු සංස්කාරික ඖෂධ යෝග ද රාශියක් දක්නට ලැබෙන අතර ඒවා ක්වාථ, චූර්ණ, අරිෂ්ඨ, ආසව හා තෛල වල යෙදෙයි.

මේ අතුරින්

* මංජිෂ්ඨාදී ක්වාථය

* මහා මංජිෂ්ඨාදී ක්වාථය

* මංජිෂ්ඨාදී තෛලය

මංජිෂ්ධාදී ඍතය ආදිය ප්‍රධාන තැනක් ගනු ලබයි. මෙයට අමතරව වැල්මදට අඩංගු තවත් ඖෂධයෝ රාශියක් වෙයි. මේ සියල්ල මිනිසාට බොහෝ සෙයින් වැලදෙන රෝගයෝ වැඩි ප්‍රමාණයකට සහනය ලඟාකර ගැනීමට උදව් වෙයි.

තවද ගුප්ත බලපෑම් නිසා ඇති වන ආබාධ දුරුකරන ද්‍රව්‍යයක් වශයෙන් ද මෙය ගනු ලබන අතර ඇස් වහ වැනි දෝෂ වලින් මිදීමට ළමුන්ගේ සහ සුරතල් සතුන්ගේ බෙල්ල වටා වැල්මදට බඳීනු ලබන බවද පැවසේ.

මෙසේ සලකා බලන කල වැල් මදට වල ඖෂධීය වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනේ.

තවද වැල්මදට අධිකව ගැනීමට යම් උපද්‍රවයන්ට හේතුවිය හැක. එනම් නාඩි ව්‍යුහාවට පීඩා කරන අතර භ්‍රමය හෙවත් කැරකිල්ල ප්‍රලාපය හෙවත් දෙඩවීමද ඇති වේ. මේ නිසා නියමිත මාත්‍රානුකූලව එනම් චූර්ණය රක්තිකා 6 – 24 දක්වා ද ක්වාථය කර්ෂ 5 – 10 දක්වා ද ගැනීම ඉතාමත් ගුණදායකය.

මේ නිසා ඉතාමත් ගුණ දෙන අගනා ඔසුවක් වන වැල්මදට නිසි ලෙස රෝග සඳහා යොදා ගැනීමෙන් බොහෝ රෝග සමනය කරගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.