ගුරුවරයා සහ කුමාරයා නිසා අපහසුවට පත්වන අපේ පාසල් දරුවෝ

සැප්තැම්බර් 11, 2020

ගුරු නැත්නම් බ්‍රහස්පති තමයි ශිල්පයට අධිපතියා.  මෙයාගේ වාහනය නරයා නැත්නම් මනුෂ්‍යයා ඇවිදින්නෙ මිනිස් කර උඩ. මෙයා ඉන්න දිශාව ඊසාන .මේ පැත්තට මාරයා වත් එන්නෙ නැහැ. බයයි. ඊසාන මරු නැති දිශාව. උතුරටත් නැගෙනහිරටත් අතර. 

අම්මේ මම මේ පාර නම් නියමෙට උත්තර ලිව්වා. පංතියෙ දී ටීචර් උගන්වපු ඒවාටත් අමතර උත්තර ලිව්වා. මේ පාර නම් මට ඒ 8 ක් ෂුවර්. නමුත් යාලුවන් සමඟ කතා කරන කොට ටිකක් අවුල් වගේ. මේ එක පුතෙක් විභාගය ලියල අම්මට ඔහුගේ භාෂාවෙන් කියූ වදන් කීපයක්.

 පුතා එහෙම කියනකොට තවත් දුවක් ඊට වෙනස් ආකාරයකට උත්තර ලියූ හැටි විස්තර කළේ මෙහෙමයි. විභාගය ලියන කොට නම් නියම පිළිතුරු හිතට ආවා. මම ඉතින් ඔක්කොම ලිව්වා. ඒ වුණාට විභාග ශාලාවෙන් පිටට ආපුවාම වෙනත් පිළිතුරක් හරි කියල තමයි හිතෙන්නේ. මෙවර නම් විභාගය අවුල් වගේ. 

හරියට පාඩම් කළා නම් නිවැරදි දේ ලිව්වා නම් මොකද “අවුල්” කියලා කියන්නේ. දක්ෂ    ළමයි හැමදාම සියයට කිට්ටු ලකුණු ගත් ළමයි. විභාගයට ගියාම ලියන්නෙ වෙන එකක්. ඒක නිවැරදි බව ඒ වෙලාවේ වැටහුනාට විභාග ශාලාවෙන් පිටවෙන කොට ඒ ලිව් දේ නිවැරදි නොවන බව වැටහෙනවා. එතකොට ප්‍රමාදයි. මේ වගේ දක්ෂ ළමයි කොපමණ අසමත්වනවද? එහෙම වන්නෙ ඇයි. දෙවියෝ තමයි දන්නේ කියල අහසට සුසුමක් ඇරලා දරුවා නිහඬ වනවා. නිහඬ වීම මිස දරුවට වෙන කරන්න දෙයක් නැහැ. දරුවා අසරණ වනවා. 

නියම ඡ්‍යොතිර්වේදියා වරෙක දෙවියෙක් තමයි. සාමාන්‍ය දෙවියෙක් නොවෙයි. ඊශ්වර දෙවියෝ වගේ කෙනෙක්. ඊශ්වරයා වගේ තුන්වැනි ඇසින් බලන්න පුළුවන් තවත් අයෙක් නම් නියම ඡ්‍යොතිර්වේදියා විතරයි. ඒකනේ එයාට “ජෛතිස්” නැත්නම් තුන්වැනි ඇසින් බලනව කිව්වේ. ඕනෑම ජන්ම පත්‍රයක් තුන්වැනි ඇසින් නැත්නම් ප්‍රවීන කළ මනසින් බැලුවාම නොපෙනෙන දේත් පෙනෙනවා. ඒ වුණත් විශේෂයෙන්ම එකක් කියන්නම ඕනෑ. අවුරුද්දක් දෙකක් ඡ්‍යොතිෂ පන්ති ගිහිල්ලා ලොකු බෝඩ් ලෑල්ලක් ගහගත්තට නම් මේ තුන්වැනි ඇහැ ඇරෙන්නෙ නැහැ. ඡ්‍යොතිෂය කරල කරල වැඩ මුළුවලට සහභාගි වෙලා ,අඩුම ගානේ පන්දහක්, දහදහක් නිවැරදිව කේන්දර පරික්ෂා කරලා අහුවෙන අහුවෙන හැම ඡ්‍යොතිෂ පුවත්පත් කියවල ඡ්‍යොතිෂ පොත් විශේෂයෙන් ඡ්‍යොතිෂ රත්නාකරය ,කාමධේනුව, වරහමිහිර වැනි පොත් කියවලා තිබෙන්න ඕනෑ. ඒ වගේ නිවැරදි කරුණු ධාරනය කරගෙන තිබෙන්න ඕනෑ. එයයි නියම ඡ්‍යොතිර්වේදී ක්‍රමය. නිකං පංචාංගය කටපාඩම් කරල සහතිකයක් ගන්නට බැහැ. ගුණාගුණ කියන කොට හැම ග්‍රහයෙකුටම ස්වාධීන තත්වයක් හිතේ තබාගෙන ගුණාගුණ කියන්න ඕනෑ. නියම ඡ්‍යොතිර්වේදියා හැකි හැම විටෙකම දැනුම බෙදාදීමට , උදව්කිරීමට සැදී පැහැදී ඉන්න ඕනෑ. මොකද එයා වැඩ කරන්නෙ නොපෙනෙන ග්‍රහ කිරණ හා බලශක්ති සමඟ නිසා. 

සමහර තැන්වල අසන්නෝ, පේ‍්‍රක්ෂකයෝ විතරක් නොවේ. ඡ්‍යොතිෂවේදියොත් මේ නොපෙනෙන සෙනසුරාට බයයි. හරියට නිවැරදිව ගුණාගුණ කිව්වොත් ඡ්‍යොතිර්වේදියා දෙවියෙක් තමයි. අපට වටහාගන්න හැකි වන පරිදි ඡ්‍යොතිෂයේ එක එක ග්‍රහයෝ රජ පවුලේ සාමාජිකයෝ ලෙස හැඳින්වූවා. රවි තමයි රජ්ජුරුවො. අර්කඞ කියලත් කියනවා. බිසව, චන්ද්‍රඞ නැත්නම් චන්ද්‍රයා සඳු කියල තමයි කිව්වේ. පවුලේ ගුරුවරයා වැදගත් චරිතයක්. ගුරු නැත්නම් බ්‍රහස්පති කියනවා. දෙවියන්ගෙත් ගුරු. එනම් සුරගුරු. පවුලේ හුරතලා , බුධඞ නැත්නම් බුධ. මේ හැම කෙනාටම ආවේනික වූ දක්ෂතාවයන් තිබෙනවා යහපත් විදියට හා අයහපත් විදියට. ඔය අපි හතුරුයි මිතුරුයි කියන්නේ. දැනට මේ හතර දෙනා ගැන විතරක් කියන්නම්කො. 

රවි කිව්වේ මිනිස් ශරීරයේ ඔලුවට. ඔලුවේ සියුම් නහරවලට, ආත්මයට අධිපතියා. හරි සැරයයි. ළඟට වත් යන්න බැහැ. කිට්ටුවට යනකොට දාලා පුච්චල දමාවි. මෙයා තමයි ඔලුවේ පුංචි ස්නායුවක් හිර කරල ශරීරයේ එක පැත්තක්ම අඩපණ කරන්නෙ. ඔය අපි කියන්නෙ අංශභාගය හදනව කියලා. ඒ නරක පැත්තට. මෙයා උච්ච ස්වරූපයෙන් තුන්වැනි රාශිවල එහෙම සැරිසැරුවොත් මැති ඇමැතිවරු, ජනාධිපතිවරු කරන්නත් බැරි නැහැ. බිසව චන්ද්‍රයා ඉතාම සෞඛ්‍ය ආලෝකයක් විහිදෙන සතුටේ අධිපතියා. ඒ වගේම සෙම් කෝප කරන්න දක්ෂයා. මෙයාගේ තව දක්ෂතාවයක් කියන්නම් ඔබ නොදන්න. තනිපංගලමේ ආදර බස් දොඩන ජෝඩුවල රහස් හෙළිකරන්න හරි දක්ෂයා. මෙයා තමයි කන්‍යාවීන්ගේ මල්වරය ඇති කරන්නේ. පිස්සන්ට රෝගය උත්සන්න කරන්නෙත් චන්ද්‍රයා. 

ගුරු නැත්නම් බ්‍රහස්පති තමයි ශිල්පයට අධිපතියා.  මෙයාගේ වාහනය නරයා නැත්නම් මනුෂ්‍යයා ඇවිදින්නෙ මිනිස් කර උඩ. මෙයා ඉන්න දිශාව ඊසාන .මේ පැත්තට මාරයා වත් එන්නෙ නැහැ. බයයි. ඊසාන මරු නැති දිශාව. උතුරටත් නැගෙනහිරටත් අතර. 

මාරයාගෙන් බේරෙන්න යන්ත්‍ර දමන්න බ්‍රහස්පතීට පමණක් බව පැහැදිලියි නේද දැන්. ඒ අභිසම්භිධානය අපේ පාසල් යන දූ දරුවො වැදුම් පිදුම් කරන්න ඕනෑ. පාඩම් කරන්න ඕනෑ. මේ දිශාව බලාගනෙ එතකොට පිහිට වැඩියි. අපේ කන්තෝරුවල වැඩ කරන සහෝදර සහෝදරියො මුදල් උපයන්න වැඩ කරන්න ඕනෑත් මේ පැත්ත බලාගෙන බ්‍රහස්පතිට අයත් යන්ත්‍ර රාජයෙක් බලාගෙන නම් වැඩි ප්‍රතිඵල. 

පෘථිවියට කිට්ටුම සාමාජිකයා බුධ. මේ රජ පවුලේ කුමාරයා. සිසිල් ග්‍රහයා. වැඩිපුර වාසය කරන්නෙ කොහොඹ ගස්වල. බුද්ධියට අධිපතියා. දැන් ඔය හැමටම මතක් වනවා නේද. නව අවුරුද්දේ හිසට නානු ගානකොට හිසට කොහොඹ පත්‍ර පයට නුග පත්‍ර තිබුණා . සාදු ආශිර්වාද කරන කොට. බුද්ධිය හැම තිස්සෙම මනුෂ්‍යයාට උඩින් ඉන්නේ. නුග පත්‍ර පයට තැබුවේ ඇයි කියල කියන්න ඕන නැහැනෙ දන්නවනේ. ඉතින් මේ බුධ හා බ්‍රහස්පති ඕන නැහැනෙ දන්නවනේ. ඉතින් මේ බුධ හා බ්‍රහස්පති. දෙදෙනාටම ආවේනික වූ ඡ්‍යොතිෂ යන්ත්‍රය තමයි නවනාථය හා ස්කොන් නවනාථය. එතකොට බුද්ධිය සම්බන්ධ නම් නවනාථය මරණාසන්න ලෙඩක් නම් අභිසම්භිධානය මතකයිනේ. නිවැරදිව ඉතා පිරිසුදුව රත්රන් මුසුකළ තහඩුවල යන්ත්‍රය නිවැරදිව අඳින්න ඕනෑ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.