මල්වර වූයේ හරියටම කීයටද?

අප්‍රේල් 19, 2024

දියණියගේ මල්වර උත්සවය සමරන දෙමාපියන්ට තම ඇයගේ මල්වර කේන්ද්‍රය නිවැරැදිව සාදා දීම ඡ්‍යොතීර්වේදී අප සැමගේ යුතුකමකි. මේ සඳහා මල්වර වීමට ආසන්න කාලය වන විට දියණිය නිතර පිරිසුදුව තැබිය යුතු අතර නෑවීම සහ ඇඟ සේදීම සිදු කරන වේලාව පිළිබඳව දළ මතකයක් ද තබා ගත යුතු ය.

පරණ ඇඳුම් පරීක්ෂාව, අලුත් ඇඳුම් ඇන්දවීමද වටී. එසේ සිදුකරන වේලාව තාවකාලිකව මතක තබා ගන්න. දියණිය මල්වර වූ බව දැනගත් විගස එම ස්ථානය, වේලාව, අවට සිටි අය ගැන විස්තරය ලියා තබන්න.

ඉහත මල්වර වූ බව දැනගත් වේලාවේ සිට ආපස්සට ගණන් හදා හරියටම දියණිය මල්වර වූ වේලාව සොයා එම වේලාවට සාදන කේන්ද්‍රය දියණියගේ මල්වර කේන්ද්‍රයයි. මෙහිදී විද්‍යා, ගණිත කැල්කියුලේටරය භාවිත කෙරේ. අංශක, කලා, විකලා සහ පැය, මිනිත්තු, තත්පර, කැල්කියුලේටරය භාවිතයෙන් ගණනය කිරීමට නොදන්නා අයට ගණිත හෝ ඉංජිනේරු විෂයයන් කළ අයගේ උපකාරය ලබා ගත හැකිය.

මල්වර වූ නිවැරැදි වේලාව සොයමු

දැරිය මල්වර වූ බව දැනගත් වේලාව නිවැරැදිව සටහන් කර ගත්තා යැයි සිතමු. එම වේලාව යොදාගෙන එම අවස්ථාවේ ලග්න ස්ඵුටය, ලග්නය හා නවාංශකය, චන්ද්‍රයාගේ ග්‍රහ ස්ඵුටය හා පිහිටි නවාංශකය, කුජගේ ග්‍රහස්ඵුට හා පිහිටි නවාංශකය උපකාරයෙන් ආපස්සට ගණන් හදා හරියටම දැරිය මල්වර වූ වේලාව ගණනය කළ හැකිය. එම ගණනයෙන් සොයාගත් වෙලාවට හදන කේන්ද්‍රය “දැරියගේ මල්වර කේන්ද්‍රයයි.” ඉහත හදන කේන්ද්‍රය උපකාරයෙන් දැරියගේ අනාගතය ගැන නිවැරැදි පලාපලයක් ලිවිය හැකිය.

 

මල්වරයවීමේදී (රෙගුලාසි) අවශ්‍යතා දෙකක් තුනක් ඇත.

1. චන්ද්‍රයා - දැරිය මල්වර වන අවස්ථාවේ දී ඇයගේ කේන්ද්‍රයේ 1, 2, 4, 5, 7, 8, 9, 12 යන ස්ථානයක විය යුතු ය.

2. චන්ද්‍රයා එසේ ඉහත ස්ථානයක සිටිනුයේ මිථුන, කන්‍යා, තුලා, ධනුගේ පූර්ව අර්ධයේ හෝ කුම්භයේ විය යුතු ය.

3. ඉහත අවශ්‍යතා දෙක සපුරාලමින් චන්ද්‍රයාත් කුජත් එකම නවාංශකයේ හෝ නවාංශක දෙකක (කුජට චන්ද්‍රයා පෙනෙන පරිදි) එකම කෝණයක පිහිටිය යුතුය. එනම් වැඩි වේගයෙන් ගමන් කරන චන්ද්‍රයා පසු පසින් පැමිණ කුජ පසු කරන අවස්ථාවයි. එවිට ඔර්ලෝසු වේලාව දැරිය මල්වර වූ සත්‍ය වේලාව ලෙස සැලකේ.

කුජ, චන්ද්‍ර පිහිටීම්

දැරියක් මල්වර වීමේ දී කුජ, චන්ද්‍ර පිහිටීම් අවස්ථා 4 ක් ඇත. කුජට චන්ද්‍රයා පෙනෙන අවස්ථා 4 කි. එම අවස්ථාවලදී චන්ද්‍රයා, කුජව පසු කර යයි. ඒවා නම්, 1. කුජත්, චන්ද්‍රයාත් එකම නවාංශකයක පිහිටන අවස්ථාව. චන්ද්‍ර කුජ යෝග වීම. 2. කුජට තමා සිටි තැනින් 4, 7, 8 යන ස්ථාන පෙනීම. උදාහරණයක් ලෙස චන්ද්‍රයා කන්‍යා නවාංශකයේ සිටී නම් කුජ සිටිය යුත්තේ පිළිවෙළින් මිථුන, මීන, කුම්භ යන නවාංශක රාශිවලයි. (1 කේන්දර සටහන)

3. මෙහිදී චන්ද්‍රයාගේත්, කුජගේත්, (මල්වර වූ බව දැනගත් වේලාවට) ග්‍රහස්ඵුට ගණනය කිරීම, චන්ද්‍රයා සහ කුජ පිහිටන නවාංශක සෙවීම. ඒ ඒ නවාංශකයේ චන්ද්‍රයා සහ කුජ ගමන් කර ඇති කෝණ සෙවීම පිළිබඳව දැනුමක් අවශ්‍යයි.

මෙහිදී දැන ගත යුතු විශේෂ කරුණු වන්නේ චන්ද්‍රයා කුජට සාපේක්ෂව ඉහළ කෝණික ප්‍රවේගයකින් ගමන් කරයි. එය දළ වශයෙන් පැයකට කලා 30 කි. කුජ චන්ද්‍රයාට සාපේක්ෂව සෙමින් ගමන් කරයි. දළ වශයෙන් කුජගේ කෝණික ප්‍රවේගය පැයට කලා 2 කි. රාශියක් අංශක30 කි. නවාංශකයක් අංශක 3යි කලා 20 කි. චන්ද්‍රයාට නවාංශකයක් පසු කිරීමට පැය 6 විනාඩි 40 ක් පමණ ගතවේ. (දළ වශයෙනි) කුජ එක නවාංශකයක් පසු කිරීමට දින 3 - 4 පමණ (දළ වශයෙන්) ගනී.

එසේම ලග්න රාශි 12 නවාංශකවලට බෙදෙන ආකාරයත්, නවාංශකවල අංශක, කලා කෝණ පරාස පිහිටන ආකාරයත් වගු සටහන් 4න් දැන ගත යුතුය.

එම වගු 4 භාවිතයෙන් ඕනෑම ග්‍රහයෙකුගේ (ග්‍රහයින් 9 දෙනාගේ) ග්‍රහස්ඵුටය යොදාගෙන ග්‍රහයා සිටින නවාංශකය සෙවීම සහ දී ඇති වේලාවකදී ග්‍රහයා නවාංශකය තුළ ගමන් කර ඇති කෝණය සෙවීම පහසුවෙන් කළ හැකිය.

අභ්‍යාස සඳහා උදාහරණ 2ක් විසඳීමෙන් මෙය ඔබට පැහැදිලි කරමු.

උදාහරණ - 1

1. 2024 මාර්තු මස 13 වැනි දින උදේ 10.15ට චන්ද්‍රයාගේ කෝණිත ප්‍රවේගය (ඍථධධද ) සොයන්න. එමඟින්, චන්ද්‍රයාගේ ග්‍රහස්ඵුටය සොයන්න. එමඟින් චන්ද්‍රයා සිටින නවාංශකය සොයන්න. එම නවාංශකය තුළ චන්ද්‍රයා ගමන් කර ඇති කෝණය ද සොයන්න. කුජගේ කෝණිත ප්‍රවේගය (ඍථචපඵ) සොයන්න. එමඟින් කුජගේ ග්‍රහස්ඵුටය සොයන්න. එමඟින් කුජ සිටින නවාංශකය සොයන්න. එම නවාංශකය තුළ කුජ ගමන් කර ඇති කෝණයද සොයන්න.

පිළිතුරු

2024 මාර්තු 13 දින උදේ 10.15ට,

ලග්නය වන්නේ- වෘෂභ, නවාංශකය වන්නේ - කුම්භ,

ලග්න ස්ඵුටය - අංශක 3 කලා 42 (වෘෂභ)

 

චන්ද්‍රයා සඳහා චන්ද්‍ර ස්ඵුටය සෙවීම.

2024 මාර්තු 13 උදේ 6.00 ට චන්ද්‍ර ස්ඵුටය

- මේෂ 05.49.31

2024 මාර්තු 14 උදේ 6.00 ට චන්ද්‍ර ස්ඵුටය

- මේෂ 20.14.42

කෝණ වෙනස (පැය 24ට) - 14.25.11

 

මාර්තු 13 දින චන්ද්‍රයාගේ කෝණික

ප්‍රවේගය (ඍථධධද) = 14.25.11 ඞ- 24 පැය

ඍථධධද = 0.36.(2.96)පැයට

 

කාල වෙනස බ1 = 10.15 - 6.00 = 04.15 (පැ.මි.)

පැය4. මි.15 තුළ චන්ද්‍රයා කරකැවුණ කෝණය = ඍථධධද ය බ1

= 00 361 (2.96) ය (4.15)

20 331 (12.57)11 = 20 331 1311

එදින චන්ද්‍රයාගේ චන්ද්‍ර ස්ඵුටය - උදේ 10.15ට

උදේ 6.00 (මාර්තු - 13 ) = 05.49.31 මේෂ

පැය 4 මි. 15 කරකැවීම = + 02.33.13

චන්ද්‍ර ස්ඵුටය (මාර්තු 13 උදේ 10.15ට)

= 08. 22. 44 මේෂ

චන්ද්‍රයා පිහිටන නවාංශකය සෙවීම -

උදේ 10.15ට

වගු අංක 1 මේෂ රාශිය දිගේ පහළට යන්න.

මේෂ

කෝණ පරාසය නවාංශකය

0.00 - 3.20 - මේෂ

3.20 - 6.40 - වෘෂභ

6.40 -10.00 - මිථුන

මිථුන නවාංශකය තුළ චන්ද්‍රයා පිහිටයි.

6.40 - 10.00

මිථුන නවාංශකය තුළ චන්ද්‍රයා ගමන් කළ

කෝණය සෙවීම.

චන්ද්‍ර ස්ඵුටය (මාර්තු 13 උදේ 10.15 ට)

= 08.22 .44 -

මිථුන නවාංශකය ආරම්භය = 06. 40. 00

මිථුන නවාංශකය තුළ මාර්තු 13 උදේ 10.15ට චන්ද්‍රයා ගමන් කළ කෝණය = 10. 421. 4411

කුජ සඳහා

කුජ ස්ඵුටය සෙවීම

2024 මාර්තු 13 උදේ 6.00ට කුජ ස්ඵුටය

- මකර 280.031

2024 මාර්තු 14 උදේ 6.00ට කුජ ස්ඵුටය

- මකර 280. 491

කෝණ වෙනස (පැය 24ට) - 00.461

 

මාර්තු 13 දින කුජගේ කෝණිත ප්‍රවේගය ඍථචපඵ = 00 461 ඞ- 24 පැය

ඍථචපඵ = 00 11 5511 පැයට

 

කාලය බ1 = 10.15 - 6.00 = 4.15 (පැ.මි. )

පැ.4 මි. 15 තුළ කුජ කරකැවුණ කෝණය

= ඍථචපඵ ය බ1

= 00 11 5511 ය 4.15

= 00 81 ( 8.75)11

= 00 81 911

එදින කුජගේ ස්ඵුටය උදේ 10.15ට

උදේ 6.00 - 280 031

පැ. 4 මි 15 කරකැවුන කෝණය- 00 81 911

- මකර 280 111 911

කුජ පිහිටන නවාංශකය සෙවීම උදේ 10.15 ට

වගු අංක 2 මකර රාශිය දිගේ පහළට යන්න.

කෝණ පරාසය නවාංශකය

0.00 - 3.20 - මකර

3.20 - 6.40 - කුම්භ

6.40 - 10.00 - මීන

10.00 - 13.20 - මේෂ

13.20 - 16.40 - වෘෂභ

16.40 - 20.00 - මිථුන

20.00 - 23.20 - කටක

23.20 - 26.40 - සිංහ

26.40 - 30.00 - කන්‍යා

කන්‍යා නවාංශකය තුළ කුජ පිහිටයි.

26.40 - 30.00

කන්‍යා නවාංශකය තුළ කුජ ගමන් කළ කෝණය සෙවීම.

කුජගේ ස්ඵුටය - මකර

(මාර්තු 13 - උදේ 10.15 ට) - 280 111 911

කන්‍යා නවාංශකයේ ආරම්භය - 260 401

කන්‍යා නවාංශකය තුළ කුජ මාර්තු 13 උදේ 10.15ට ගමන් කර ඇති කෝණය - 280 111 911 - 260 4010011

- 01 31 09

2024.03.13 දින උදේ 10.15ට නවාංශක සටහන මෙසේ ය. (2 කේන්ද්‍ර සටහන බලන්න.)

මෙහි කුජට චන්ද්‍රයා නොපෙනේ. මේ අවස්ථාවේ දැරියක් මල්වර විය නොහැකිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.