ඔබේ පැනයට නාඩි ඡ්‍යොතිෂයෙන්

මාර්තු 29, 2024

 

පිළිතුරු

ප්‍රශ්නය -

වාහන හා ඉඩම් ලාභ තිබේද?

ඩබ්.බී. කොස්සින්න, ලෙව්ල

 

පිළිතුර -

ඔබට වාහන ඉඩම් ලාභ ඇත. ගත කරන කාලය ඒ සඳහා හොඳයි. 2025 අප්‍රේල් මාසයෙන් පසු ආදායම වැඩිවීමෙන් යාන වාහන දේපල ලාභ බහුලව ඇත.

 

ප්‍රශ්නය -

මාගේ විවාහය සිදුවන්නේ කවදාද?

ලලිත් චමින්ද, මත්තේගොඩ

 

පිළිතුර -

උත්සාහ කරන්න ආදර සම්බන්ධ විවාහයක් ඇත. කලා වාණිජ විෂයන් ඉගෙනගත් කෙනෙක් විය හැකිය. යම් දේපළක් ඇත. මැයි මාසයෙන් පසු මංගල යෝග උදාවේ. සිකුරාදා දින 9ක් සුවඳ හමන සුදු මල් පූජා කර බෝධි පූජා කරන්න.

 

ප්‍රශ්නය -

මාගේ අනාගතය කෙසේ වේද?

විශ්ව ආරච්චි, කුලියාපිටිය

 

පිළිතුර -

උපතේ ග්‍රහ බලය හොඳයි. විදේශ රැකියා හෝ විදේශයට සම්බන්ධ ස්ථානවල රැකියාවලට සුබයි. පපුව සම්බන්ධ සෞඛ්‍ය ගැටලු ඇතිවේ. වර්තමානයේ ඒරාෂ්ඨක අපල කාලයකි. නමුත් ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකිය. සෙනසුරාදා දින 9ක් බෝධි පූජා තියන්න.

 

ප්‍රශ්නය -

අනාගත ව්‍යාපාරයකට හිමිකම් තිබේද?

ගමගේ, බදුල්ල

 

පිළිතුර -

අධ්‍යාපනයට ජනමාධ්‍යවලට ලිපි ලේඛනවලට සම්බන්ධ ව්‍යාපාර සුදුසුයි. මේ කාලය ව්‍යාපාරවල වෙනසක් සමඟ වර්ධනය සිදුවේ.

 

ප්‍රශ්නය -

හදිසි ධනලාභයක් තිබේද?

සරෝජිනී, වාද්දූව

 

පිළිතුර -

හදිසි ධනලාභ ගැන නොසිතා තම හැකියාව දක්ෂතාව ගැන විශ්වාසය තබා වැඩ කරන්න. එවිට සැලකියයුතු ධනයක් උපයාගත හැකිය. කොන්ද දණහිස් අමාරු ඇතිවේ. ගිලන්ව සිටින සංඝයා වහන්සේලාට උපස්ථාන කරන්න.

 

ප්‍රශ්නය -

කුමන රැකියාවක නිරතවේද?

කවීශ්වර, කඳාන

 

පිළිතුර -

කලා, අලංකරණ, වාහන, ඉදිකිරීම්, ආහාර සම්බන්ධ අංශ ගැළපේ.

 

ප්‍රශ්නය -

මා හට දරු සම්පතක් තිබේද?

රාජපක්ෂ, රත්නපුර

 

පිළිතුර - .

මැයිවලින් පසු දරු සම්පත්වලට අවස්ථාවක් ඇත. අත දරුවන් සිටින හා දරුවන් ලැබීමට සිටින අම්මලාට පෝෂණයට අදාළ ආහාරපාන දන් දෙන්න. තමන්ටත් මෙවැනි දරු සම්පත් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න. ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට වේ.

 

ප්‍රශ්නය -

දෙවැනි විවවාහයක් කෙසේ සිදුවේද?

තිස්ස, ගාල්ල

 

පිළිතුර -

ඉවසීම ප්‍රගුණ කරන්න. ආගමික වතාවත්වල යෙදෙන්න. එවිට ඔබගේ බලාපොරොත්තු යහපත් අයුරින් සිදුවේ.

 

රාජ්‍ය අවුරුදු නැකැත් කමිටු සාමාජික, ඡ්‍යොතිෂ්‍ය සභා මනෝවිද්‍යා උපදේශක

ඡ්‍යොතිෂවේදී චමීර බියන්විල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.