රෝග වළක්වන ප්‍රතිශක්තිය වඩවන ආහාර

දෙසැම්බර් 1, 2023

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාර ගැනීමෙන් ඇති වන නීරෝගීභාවය පිළිබඳවත් ඒ සඳහා ගත යුතු ආහාර පිළිබඳවත් ආයුර්වේදය මඟින් දැනුම්වත් කර ඇත. කුසට ආහර ගත යුත්තේ හොඳින් ජීර්ණයවන ආහාර තෝරාබේරා ගැනීමෙනි. වර්තමාන සමාජයේ බොහෝ දෙනකු ආහාරයන්ට ළැදිකමක් පි‍්‍රයමනාපයක් දක්වන්නේ ගුණාත්මක භාවයට නොව ආහාරයේ ඇති සුවඳටත්, රසයටත් හා පි‍්‍රයමනාපයන්ටය. ඒ කියන්නේ ක්ෂණික ආහාරවලටය. කඩකෑමට ය. කෑමවල ගුණාත්මකභාවය රඳා පවතින්නේ ඒවා උයන පිසන අයුරිනි. ප්‍රමාණයට වඩා පිසීම නිසා විටමින් පවා විනාශ වේ. එළවළුවල පොතු ඉවත් කිරීමේදී වැඩියෙන් කපා ඉවත් කිරීම නිසා ඒවායෙහිද විටමින් ඉවත් වේ. තම නිවසේදී උයන පිසින විට ඒවා ආරක්ෂාවන අයුරින් එය ඉටුකර ගත හැකිය.

 

සහල්

රතු සහල්, කැකුළු සහල්වල විටමින් බහුලව ඇත. එය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයටද බෙහෙවින් වැදගත්වන අතර, හිසකෙස් වර්ධනයට ද උපකාරී වේ. රතු සහල්වල විටමින් බී.1 විටමින් බී.3 ෆෝල්ට් යකඩ මැග්නීසියම්, පොස්පරස්, තඹ, සින්ක්, කාබෝහයිඩ්‍රේට්, තන්තු හා ප්‍රෝටීන් ද අන්තර්ගත වේ. රතු සහල්වල ඇති ඛනිජ වර්ග නිසා රෝග වළකා ප්‍රතිශක්තිය නංවාලයි. රුධිරගත අහිතකර මේදය අඩුකර හෘදයාබාධ පවා වළකාලයි.

 

බතල

බොහෝ දෙනකු කෑමට පි‍්‍රයමනාපයක් ඇති බතලවල විටමින් බී. 6 විටමින් සී විටමින් ඊ හා බීටා කැරොටින්, යකඩ, පොටෑසියම්, හා තන්තු අන්තර්ගතව ඇත. විටමින් සී බහුල බතලවල බීටා කැරොටින් පැවතීම නිසා ලෙහෙසියෙන්ම ආහාර ශරීරයට උරා ගනී. ශරීරයේදී ඒවා විටමින් බවට පත්වේ. මෙය ප්‍රතිඔක්සිකාරයක් ලෙසද ක්‍රියා කරයි. ශරීරයේ ඇතිවන විටමින් ඩී මඟින් සමේ පැහැය මෙන්ම සමේ වර්ධනයද ඇති කරයි. එමෙන්ම බතලවල ඇති කෙඳිවල ස්වභාවය නිසා ආහාර ජීර්ණය පහසුකරන අතර ප්‍රතිශක්තියද නංවාලයි.

 

කඩල

විටමින් බී, විටමින් බී3, විටමින් බී5, විටමින් ඊ, යකඩ, පොටෑසියම්, සින්ක් තන්තු ප්‍රෝටීන් ද අන්තර්ගතය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් කඩලවල විටමින් ඊ වැඩියෙන් පැවතීම නිසා රෝගාබාධ මර්ධනයට ද හේතු වේ. ජීර්ණ පද්ධතිය ශක්තිමත් කොට වැඩි මේදය ඉවත් කෙරේ.

 

වට්ටක්කා

විටමින් සී හා බීටා කැරොටින් තන්තු අන්තර්ගතව ඇත. හොඳින් පැසුණු කහපාට වට්ටක්කාවල කැරටිනොයිට් ඉතා ඉහළ අගයක් ගන්නා අතර පිළිකා වළකාලිය හැකි ගුණයක් ද පවතී. විටමින් සී බහුලව ඇති නිසා හෘදයාබාධ වළකාලයි. සම ආරක්ෂාකොට පැහැයද වර්ධනය කරයි. වට්ටක්කාවල කෙඳි බහුලව පැවතීම නිසා මේදයද දහනය කරයි.

 

බෝංචි

බෝංචිවල විටමින් බී.3 ෆෝලට් බීටා කැරොටින්, යකඩ, මැග්නීසියම් තන්තු ආදිය අන්තර්ගත වේ. කොළ පැහැති බෝංචිවල තන්තු වැඩිපුර පවතී. නීරෝගී ජීර්ණ පද්ධතියකට එය හේතුකාරක වේ. පවතින විටමින් බීවලින් ප්‍රතිශක්තිය නංවාලමින් හිතකර සෛල නිෂ්පාදනය කිරීමට උපකාරී වේ. බෝංචි පිළිකා මර්දනය කිරීම මෙන්ම වයිරස්ද වළකාලයි.

 

නිවිති

නිවිතිවල විටමින් බී.2 විටමින් සී සහ ඊ ද අන්තර්ගත වේ. විටමින් ඊ බවට පත්කොට ප්‍රතිශක්ති ක්‍රියාවලිය වර්ධනයකොට එමඟින් පෙණහලු පියයුරු හා ගැබ්ගෙල පියයුරු වළකාලීමට ක්‍රියා කෙරේ. නිවිතිවල පවතින විටමින් සී මඟින් සම ආරක්ෂා කොට පෝෂණය කර පැහැය වඩවයි.

 

බීට්රූට්

බීට්රූට්වල යකඩ මැග්නීසියම්, පොටෑසියම් තන්තු ප්‍රෝටීන් ආදිය අන්තර්ගත වේ. ලේ පිරිසුදු කරන එළවළුවක් වන බීට්රූට් ප්‍රතිශක්ති වර්ධනය කෙරේ. යකඩ පූර්ණය ලෙඩ රෝගවලට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ මෙන්ම සුදු රුධිරානු මෙම එළවළුවේ ඇත. පවතින පෝෂක මඟින් රතු රුධිරාණු උත්තේජනය කොට සෛලවලට ඔක්සිජන් සැපයීම ද වර්ධනය කෙරේ. බීට්රූට්වලට පැහැය ලබා දෙන ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය මඟින් පිළිකා හා හෘදරෝග වළක්වාලයි.

 

වියළි මිරිස්

වියළි මිරිස්වල විටමින් බී. 3, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ෆ්ලේවර්නොයිඩ්, වොලෙටයිල් තෙල් ද අඩංගු වේ.

රුධිර සංරක්ෂණය වේගවත් වන අතර, රුධිර නාළ විස්තාරණය කොට ශරීරයේ සෑම කොටසකටම රුධිරය ගලා යෑම වර්ධනය කරයි. ලිංගික බෙලහීනතාවය කායික අපහසුතාවයන්ගෙන් පීඩා විඳින අයට විශේෂිත මිරිස් විශේෂිත කුළුබඩුවක් ලෙස ගුණාත්මක ප්‍රතිඵල ලබා දේ. මිරිස් ප්‍රබල බැක්ටීරියා නාශකයන් ද වෙයි.

 

තල

තල ඇට මෙන්ම තල ද ප්‍රබල ඖෂධයකි. තල සින්ක්වලින් හෙබි නිසා ප්‍රතිශක්තිය වර්ධනය කරයි. තලවල පවතින විටමින් ඊ මඟින් ස්නායු පද්ධතියද නීරෝගී කරවයි. රුධිර සංරක්ෂණයට මෙන්ම නීරෝගී සමකට මෙන්ම නීරෝගී මනසකට මේ මඟින් සහනයක් ලබා දෙයි. විටමින් බී විටමින් බී.2 විටමින් බී3 විටමින් ඊ, කැල්සියම්, සින්ක් ඔමේගා 6 හා 9 අම්ලද අඩංගු වේ.

 

දෙහි

දෙහිවල විටමින් සී අධිකව ඇති නිසා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි. විවිධ වයිරස් බැක්ටීරියා නාසක සෛලයක් වන නැගොසවිඩ් සෛල නිෂ්පාදනය කරවයි. එමෙන්ම ආක්‍රමණශීලි සෛලද විනාශ කරයි. හෘදයාබාධ ද වළක්වාලයි. විටමින් සී ෆෝලේට්, කැල්සියම්, පොටෑසියම් හා තන්තුද අන්තර්ගතව ඇත.

 

ලූනු

ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඇති ලුනුවල විටමින් බී1, විටමින් බී6, සල්පර් ෆ්ලේවර්නොයිඩ් අන්තර්ගතය. එමෙන්ම ලූනුවල ක්වාර්ස්ටන් නමැති පෝෂ්‍ය පදාර්ථ අසාමාන්‍ය අගයක් ගන්නා නිසා එමඟින් පිළිකා සෛලය මර්දනය කිරීමට හැකියාව ලැබී ඇත. ප්‍රතිජීවකයක් ලෙසටද ක්‍රියාකරන ලූනු වෛරස් හා බැක්ටීරියා වර්ධනය කරයි. ආහාර ජීර්ණ පද්ධතිය ද ශක්තිමත් කරයි.

 

ගොරකා

බඩේ අජීර්ණය දුරුකරන අතර, විෂ ගතිය නසයි. පිළිකා මර්දනය කරනු ලබන අතර හිසරදය, කැරකැවිල්ල, මුඛය වියළීම, මළපහකිරීම පහසුකරවීම, බඩගිනි ඇතිකිරීම, කොලෙස්ටරෝල් නැති කිරීම සිදු කරන අතර, ගොරක හෘදයට ද හිතවත් වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයද වැඩි කරයි.

 

කහ

විෂබීජ නාශක ගුණයක් ඇති කහ සමේ වර්ණය වර්ධනය කරයි. රෝග නිවාරණ බලයක්ද පවතින කහ ප්‍රතිශක්තිකාරක ගුණය ඉහළින්ම පවතී. ව්‍යාංජන වර්ණවත් කිරීම සඳහා යොදා ගනු ලබන කහ ආමාශගත රෝගවලට ගුණවත් වේ. කහවලට වැලඳෙන රෝග මර්දනය කිරීමේ ගුණයක්ද පවතී. රත්පිත් සෙම් ඉදිමුම්, ගඩු, වණ, පහ කරයි.

 

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.