මේදය නසන රුචිය වඩන කුරුඳු

සැප්තැම්බර් 1, 2023

 

ඇල්පිටිය ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකු වන සමන්ත වෙත උදෑසනම රෝගියකු පැමිණ “මහත්තයෝ මම බේත් ටිකක් ගන්න ආවේ .” යැයි කීය.

රෝගියාට ඉඳ ගැනීමට කියා මුලින්ම තොරතුරු විමසීය. සමන්ත මහතා විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රෝගියා තමාගේ නම ගුණසේන බවත් තමා රැකියාව ලෙස කරන්නෙ කුරුඳු තැළීම බවත් තමාගේ ශරීරයේ අධික උෂ්ණයක් පවතින බවත් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි බවත් කීය.

සමන්ත මහතා නැවතත් ගුණසේනගෙන් විමසා සිටියේ එම අසනීප ගතිය කොච්චර කලක සිට පවතී ද යන්නයි.

මෙම තත්ත්වය දැනට වසර 2ක් පමණ සිට පවතින බව ගුණසේන පැවැසූ අතර එසේම තමා මෙම රැකියාව පටන් ගෙන අවුරුදු 7ක් පමණ වන බවත් පැවසීය.

සමන්ත වෛද්‍යතුමා එසේ කරුණු අසා ඉන් පසුව ගුණසේනට මෙසේ කීය.

ගුණසේන, ඔය උෂ්ණ ගතිය එන්නෙ නිතර කුරුඳු තැළීමත් කුරුඳු ඉඩම්වල සැරිසැරීමත් නිසා වෙන්න පුළුවන්. මොකද කුරුඳු කියන්නෙ උෂ්ණ ගතිය ඇති කරන ශාකයක්. ඔය තත්ත්වය අඩුවෙන්න ඇග නිමෙන බේත් ටිකක් කළාම හරි. ඔව්, වෙද මහත්තයෝ එහෙම කරමු. රෑටත් නිදාගන්න අමාරුයි. ඇගේ දැවිල්ල නිසා. මම දැනටත් බාර්ලි, සව් වගේ දේවල් නිතරම බොනවා. වතුරත් ගොඩක් බොනවා. ඒත් දැවිල්ල එහෙමමයි. යනුවෙන් ගුණසේන කීය.

ඔව්, අපි බේත් ටිකක් කරමු. එතකොට ඔය දැවිලි අඩුවෙලා යාවි, යනුවෙන් පැවසූ වෙද මහතා කුරුඳු උෂ්ණය වැඩිකළාට අපිට ගොඩක් ප්‍රයෝජනවත් ඔෂධාහාරයක්. ඒ වගේම ආහාරවල රසය වැඩි කරන කුළුබඩුවක් යනුවෙන්ද කිය.

ඔව්, වෙද මහත්තයෝ. කුරුඳු කුළුබඩු වර්ගයක් බවත්, ආහාර රසවත් කරන්න යොදාගන්න බවත් දන්නවා. ඒත් ඖෂධයක් විදියට විස්තර හරිහැටි දන්නෙ නැහැ. හැබැයි අපි තලලා හදන කුරුඳු පිටරට යවන විත්තිය නම් දන්නවා, යනුවෙන් ගුණසේන කීය. එවිට වෙදමහතා කීවේ, කුරුඳු කියන්නෙ අතීතයේ ඉඳන් පැවැත එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක් යනුවෙනි.

ඒ වගේම ලෝකයේ හොඳම කුරුඳු නිෂ්පාදනය කරන්නෙත් ශ්‍රී ලංකාවේ. එයින් ආර්ථිකමය වශයෙන් ඉතා ඉහළ ස්ථානයක් ලංකාව හිමිකරගෙන තියෙනවා.පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයේ ඉඳල පැවතගෙන ආපු කුරුඳු වගාව ලෝකයේ අනර්ඝතම කුරුඳු සපයන්නා ලෙස තවමත් වෙළෙඳ ඒකාධිකාරය පවත්වාගෙන යන්නේද ශ්‍රී ලංකාව බව වෙද මහතා කීය.

ඒ වගේම ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් සමඟ ඉතා සමීප ශාකයක් තමයි කුරුඳු. හොඳ සුවඳකින් යුතු කුරුඳු රත්‍රන්වලටත් වඩා වටින බවට අතීතයේ සිටි මිනිසුන් විශ්වාස කළා. ඒ වගේම ප්‍රධන පෙළේ කුරුඳු වර්ග 2ක් ලෝකයේ වගා කෙරෙනවා. එකක් ශ්‍රී ලංකා කුරුඳු අනෙක චීනයේ වැවෙන කුරුඳු වර්ගය. මේ කුරුඳු වර්ග 2 අතුරින් චීන කුරුඳුවල ජධභථචපඪද නම් රසායනික ද්‍රව්‍ය අධිකයි. එය අක්මාවට අහිතකරයි.

ශ්‍රී ලංකාවේ කුරුඳු ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළයි. එනිසා ලෝකයේ හොඳම කුරුඳු තියෙන්නෙ ශ්‍රී ලංකාවේ යනුවෙන් කුරුඳු ගැන හොඳ විස්තරයක් වෙදමහතා විසින් ගුණසේන ට කීය.

‘‘මම කුරුඳු තැලුවට මම නොදන්න ගොඩක් දේවල් වෙද මහත්තය කිව්වනෙ” යනුවෙන් පැවසූ ගුණසේන නැවත ඇසූවේ කුරුඳු වගාකරන රටවල් මොනවාද යන්නයි.

කුරුඳුවල ජන්ම භූමිය වෙන්නෙ ශ්‍රී ලංකාව. මේක ශ්‍රී ලංකාවෙ මධ්‍යම කඳුකරයට අයත් වනාන්තරවල වර්ධනය වූ ශාකයක්. මුහුදු මට්ටමේ ඉදල මීටර් 700ක් උසට වගාකළ හැකියි. විශේෂයෙන් පහතරට තෙත් කලාපයේ වෙළෙඳාම සඳහා වගාකරනු ලබනවා. විදේශීය වශයෙන් චීනය, මියැන්මාරය වියට්නාමය, ඉන්දුනීසියාව ආදි රටවල වගාකරනු ලබනවා. යනුවෙන් වෙද මහතා විස්තර කර දුන්නේය.

එතකොට වෙද මහත්තයෝ කුරුඳුවලට කියන වෙනත් නම් මොනවද යැයි ගුණසේන ඇසූවිට

කුරුඳුවලට සංස්කෘත භාෂාවෙන් දාරුසිකා,ගුඩත්වක්, ත්වක්, සෛංහල, වගේ නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් කන්නලවංගපට්ටෛ කියල කියනවා. හින්දි භාෂාවෙන් දාල්වින්, දාරුවිනී යන නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඛ්ඪදදචථධද නම යෙදෙනවා. කුරුඳුවල උද්භීද විද්‍යාත්මක නාමය, ඛ්ඪදදචථධථභථ ලඥරතචදඪජභථ ඕතභථඥ වෙනවා. කුලය ඹ්ඒඋඅඒඛ්අඒඡ් හෙවත් කර්පූර් කුලයයි යනුවෙන් වෙද මහතා විස්තර කළේය.

ඒ වගේම කුරුඳු ගහ මධ්‍යම ප්‍රමාණයේ සදාහරිත ශාකයක්. මේවායේ පත්‍ර ඝනයි. අග කෙළවර උල්වෙලා තියෙන්නෙ. දිලිසෙන කොළපාට පත්‍ර උඩිනුත් අඳුරු පාට පත්‍ර යටිනුත් තියෙනවා.පත්‍රයක ප්‍රධාන නාරටි 3ක් හෝ 4ක් තියෙනවා. මෙහි මල් ඉතා කුඩයි. විශාල පොකුරු සහිතයි.කුඩා ගෙඩි සහිතයි. ඒවා සෙ.මි.2ක් පමණ දිගයි. ඒවා තනි බීජයකින් පමණක් යුතුයි. යැයිද සමන්ත මහතා තව දුරටත් කීය.

එතකොට වෙද මහත්තයෝ කුරුඳුවල ගුණාගුණ ගැනත් කියන්නකෝ. අපි කුරුඳු තලල විකිණුවට ඒවයේ ගුණ ගැන හරියට දන්නෙ නෑනෙ.

කුරුඳු අපිට විවිධ ආකාරයෙන් ප්‍රයෝජන ගෙන දෙනවා. ආයුර්වේදයේ කුරුඳු සලකන්නෙ හොඳ උත්තේජකයක් විදියට. ඒ වගේම කුරුඳු කටුක රස මිශ්‍ර මධුර රසයකින් යුක්තයි.

ඉතාම වටිනා ඖෂධීය ගුණයෙන් යුතු කුරුඳුවල කොළ, පොතු සහ තෙල් දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස් ආදිය පාලනය කරන්න උදව් කරනවා.

ඒ වගේම පීනස, සෙම්ප්‍රතිශ්‍යාව, බඩේ අරුචිය, කැසීම, පණුරෝග ආදියටත් ඉතා හොඳයි.

එසේම පිත වඩන වාතය නසන ඖෂධයක් විදියට කුරුඳු හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දත් අකලට සෙලවීම වැලැක්වීමටත් කුරුඳුවලට පුළුවන්.

තවද රුධිරගත මේදය අඩු කිරීමට සමේ රෝගවලින් වැළකීමට කුරුඳු උපයෝගී කරගනු ලබනවා.

ඒ වගේම මතක ශක්තිය වැඩි කිරීමටත් කුරුඳුවල ඇති විශේෂ ඖෂධීය ගුණ හේතුවෙනවා.

ඒනිසා කුරුඳු ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ නැතුවම බැරි ඔසුවක්. හැබැයි, ගැබිණි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට කුරුඳු සුදුසු නැහැ. යනුවෙන් කුරුඳුවල ගුණ ගැන හොඳ විස්තරයක් සමන්ත වෛද්‍යතුමා විසින් ගුණසේනට ඉදිරිපත් කළේය.

එතකොට වෙද මහත්තයෝ කුරුඳු තේ විදියට බොන්නත් පුළුවන්ද යනුවෙන් ගුණසේන තවත් ප්‍රශ්නයක් නැඟීය.

ඔව්. කුරුඳු තේ විදියට බීම විදේශිකයන් අතර ගොඩක් ප්‍රචලිතයි. ඒ වගේම අපේ රටෙත් බොහෝම ප්‍රසිද්ධයි. කුරුඳු තේ රුධිරගත මේදය අඩුකිරීමට එය බොහෝ හේතු වෙනවා.

ඒ වගේම කුරුඳු තෙල් සුවඳ විලවුන් සෑදීමටත් යොදා ගන්නවා. තවද රූපලාවණ්‍ය කටයුතුවලදිත් කුරුඳු භාවිතා කරනු ලබනවා. විශේෂයෙන් මුහුණේ ලප කැළැල් ඉවත් කිරීමටත් කුරුඳු උපකාරී වෙනවා.

එසේම කුළුබඩුවක් ලෙස ආහාර රසවත් කිරීමටත් සුවඳවත් කිරීමටත් කුරුඳු බෙහෙවින් උපකාරී වෙනවා. යනුවෙන් සමන්ත මහතා කුරුඳු ගැන හොඳ විස්තරයක් ඉදිරිපත් කළේය.

‘‘ඉතින් ගුණසේන ඔයගොල්ලො කුරුඳු එක්කම ජීවත් වුණත් කුරුඳු ගැන හරියට දැනගෙන ඉදල නැහැ. හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්න, දියවැඩියාවෙන් බේරෙන්න, පිළිකාවෙන් බේරෙන්න, වගේම සිරුර හැඩ කරන්න, කෑම රසවත් කරන්න සුවඳ විලවුන් හදන්න, තේ විදියට බොන්න කුරුඳු අත්‍යවශ්‍ය දෙයක් කියන එක දැන් ගුණසේනට වැටහෙන්න ඇතිනේ, යැයි කියමින් සමන්ත මහතා කුරුඳු ගැන විවරණය නිමා කළේය.

ඒ ඇසූ ගුණසේන කුරුඳු ගැන කළ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම පින් යනුවෙන් පවසා බෙහෙත් ද රැගෙන නිවෙස බලා පිටත් විය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.