මුත්‍රා ගල් දියකරන අක්කපාන

ජූලි 14, 2023

 

උදෑසන නින්දෙන් පිබිදුණු සුගත්ට යටි බඩේ කැක්කුම නැවත ටිකෙන් ටික වැඩිවෙනවාක් මෙන් දැනිණි. පෞද්ගලික ඉදිකිරීම් සමාගමක තරුණ සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන මොහුට දැනට සති දෙක තුනක සිට පවතින මේ යටි බඩ කැක්කුම නිසා මහත් අපහසුතාවයක් ඇතිව තිබුණි. තම මව සමග ජීවත් වූ අවිවාහකයෙකු වූ සුගත් ගේ මේ අසනීප තත්ත්වය නිසා නොසන්සුන්වූ සුගත්ගේ මව “පුතේ ඔය අසනීපය බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙවෙයි. අපි වෛද්‍යවරයෙකුට පෙන්වමු. පුතා වතුර බොන්නෙත් අඩුවෙන්නේ. සමහරවිට ගල්ද දන්නේ නෑ,”යැයි කීය.

 

එවිට සුගත් ඔව් අම්මේ ගල්ද දන්නෙත් නෑ. අපි සිංහල බේත් ටිකක් බොමු වෙද මහත්තයගෙන් යනුවෙන් කීය.

තම පුතා වැඩි ඇල්මක් දක්වන්නේ දේශීය ඖෂධ වලට බැව් දත් මව “හොඳයි පුතා. අපි එහෙනම් හංදියෙ බේත් සාප්පුවට යමු” යනුවෙන් පැවසුවාය.

ඔවුන් යනවිට වෙද මහතා රෝගින් පරීක්ෂා කරමින් සිටි අතර තම වාරය එන තෙක් ඔවුහු අසුන් ගති. තම වාරය පැමිණි විට ඇතුළට ගිය ඔවුන් දුටු වෙද මහතා ඇයි නෝන මොකද? කවුද ලෙඩා යැයි ඇසීය.

මගේ පුතා තමයි ලෙඩා යැයි ඇය පැවසූ විට ඇයි පුතා මොකක්ද අසනීපය යනුවෙන් වෙද මහතා නැවත ඇසීය.

දැන් දවස් තුන හතරක ඉඳල යටි බඩ කකියනවා. මූත්‍ර කරන්න අමාරුයි. මූත්‍ර ටික ටික යන්නෙ. මූත්‍ර කරන කොටත් රිදෙනවා.යනුවෙන් සුගත් කියාගෙන ගියේය. එව්ට වෙද මහතා ඔහුගෙන් ඇසූවේ වතුර බීමත් අඩුද කියායි.ඔව්. ඔව් වෙද මහත්තයෝ මෙයා වතුර බොනවා නං ගොඩක් අඩුයි.යැයි එවිට මව කීය.

පුතා. ඔයාට තියෙන්නෙ මූත්‍ර ගල් වගේ. ඕකට අපි බේත් ටිකක් කරමු ඉක්මනට හොඳවේවි යනුවෙන් වෙද මහතා කියන විට වෙද මහත්තයෝ අක්කපාන ඔය ලෙඩේට හොද බේතක් නේද යැයි මව ඇසීය.

ඔව්. අක්කපාන කියන්නෙ මුත්‍රා ගල් වලට හොඳ බේතක් වගේම ආහාරයක්. මේක අපි කවුරුත් අඳුනන පැළෑටියක් යනුවෙන් වෙද මහතා පවසන විට අක්කපානවල ගුණ දොස් ගති ලක්ෂණ ටිකක් අපිට කියල දෙන්නකො යැයි සුගත් කීය.

අක්කපාන කියන්නෙ ලංකාවේ බොහෝ ප්‍රදේශවල හැදෙන පැලෑටියක්. ඒ වගේම වැඩිපුර ගල්තලාවල හැදෙන්නෙ.

අක්කපාන අප්‍රිකානු රටකින් සංක්‍රමණය වුණු පැලෑටියක් කියල විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ පැලෑටිය නිවර්තන කලාපයේ රටවලත් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.

ඒ වගේම අක්කපාන කියන්නෙ බහු වාර්ෂික පැළෑටියක්. ගල්තලාවන් දිගේ විහිදිලා ගාලක් වගේ අක්කපාන වැවෙනවා. ඒ වගේම සමහර අක්කපාන පැළෑටි අඩි 2ක් විතර උසට පොළොවට ලම්බකව හටගන්නවා. ඒ වගේම මේ පැළෑටිවල රෝස පාටට හුරු අලංකාර මල් පොකුරු හට ගන්නවා යනුවෙන් අක්කපාන ගැන වෙද මහතා හැඳීන්වීම පටන් ගත්තේය.

එතකොට අක්කපාන හඳුන්වන වෙනත් නම් මොනවාද? යනුවෙන් සුගත් නැවත ඇසූවිට වෙද මහතා කීවේ අක්කපාන හඳුන්වන නම් රාශියක් ඇති බවයි.

එනම් සංස්කෘත භාෂාවෙන් පාෂාණ භේද, ශිලෝත් භේද, ශෛලෝද්භේද, පර්ණබීජ, බින්නයෝජනී, ආදී නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් මලකුල්ලී, මල්ලක්කල්ලී යන නම් යෙදෙනවා.

ඉංග්‍රිසි භාෂාවෙන් චඪප නතචදබ..ථඪපචජතඥ තඥචට යන නම් යෙදෙනවා.

අක්කපානවල උද්භිද විද්‍යාත්මක නාමය ඬචතචදජඩධඥ නඪදදචබච වන අතර කුලය ඛ්අඒඉඉඋඹ්ඒඛ්ඡ්ඒඡ් කුලයයි.

ඒ වගේම අක්කපාන මූත්‍ර ගල් වලට විශේෂ ගුණ යුක්ත වගේම අනෙකුත් මූත්‍ර රෝගවලටත් ගුණයි. එසේම රක්ත අර්ශස්, රක්ත ප්‍රවාහිකා, රක්ත ප්‍රදර, රක්ත අතීසාර, අතීසාර, ඇස් රෝග, තැලීම්, ගෙඩි, වණ, චර්ම රෝග ආදී රෝග රැසකට ගුණ දෙන අගනාම ඔසුවක් යනුවෙන් වෙද මහතා අක්කපාන ගැන තවත් විස්තර ගෙන හැර දැක්වීය.

එය සාවධානව අසා සිටි සුගත් වෙදමහතාගෙන් මෙසේ ඇසීය. “ එතකොට වෙද මහත්තයෝ අපි වගේ මූත්‍ර ගල් තියෙන අයටයි අනෙක් රෝගීන්ටයි අක්කපාන ඖෂධ විදියට යොදන්නේ කොහොමද යැයි විමසීය.

මූත්‍ර ගල් තියෙන අයට අක්කපාන කොළ යුෂ බීම ඉතා ගුණයි. ඒ වගේම අක්කපාන පැළෑටිය තම්බා බීමත් ඉතා ගුණයි.

මූත්‍රා අඩස්සියට අක්කපාන කොළ අඹරා යටි බඩේ ආලේපය ඉතා ගුණයි.

ඒ වාගේම මූත්‍ර පිට නොවීම සහ මූත්‍රකෘච්ජ රෝගවලදී අක්කපාන ශාකය සහ මුලින් කලං 12ක් ගෙන වතුර පත 8 ක් එකට සිඳ පෙරා මී පැණි හෝ යවකර ලුණු දමා බීම ද ගුණයි.

අක්කපාන කොළ යුෂ තෙල් සමග මිශ්‍ර කර හිසේ ආලේපයෙන් ඉස් හොරි මර්දනය වෙනවා.

අක්කපාන, කැකිරි ඇට, වැල්පෙනෙල ටික ටික ගෙන තම්බා බීමෙන් සහ අක්කපාන, නීරමුල්ලිය සමව ගෙන තම්බා බීමෙන් සියලු මූත්‍ර රෝග සුවවෙනවා යනුවෙන් වෙද මහතා තවදුරටත් අක්කපානවල ගුණාගුණ පැවසීය.

එතකොට වෙද මහත්තයෝ තවත් ලෙඩ ගොඩකට අක්කපාන හොඳයි නේද? යනුවෙන් සුගත් ඇසූ විට ඔව් තව ප්‍රතිකාර රාශියක්ම රෝග රැසකට අක්කපාන සමගින් යොදනු ලබනවා.

ඒ වගේම තුවාල ආදියට අක්කපාන කොල එළගි තෙල් සමග අඹරා අලේප කිරීම ගුණයි. එසේම සමේ ඇතිවන තැලීම් තුවාල වණවීම්, ඉදිමුම් සහ සමේ ඇතිවන කැසිම් සදහා අක්කපාන කොළ යුෂ ආලේපය ඉතා ගුණයි.

බිඳුණු අස්ථි නැවත සැකසීමට අක්කපාන කොළ එම ස්ථානයේ තබා බඳිනවා.

ඒ වගේම ලේ යන අතීසාරයේදි සහ පිත්තජ අතීසාරයේදි අක්කපාන කොළ යුෂ යොදා ගන්නවා. මේ ආදී වශයෙන් අක්කපාන වල ගුණාගුණ වෙද මහතා පවසන විට සුගත් ඇසුවේ වෙද මහත්තයෝ අක්කපාන කියන්නෙ පුදුම ඖෂධයක් නොවැ.එතකොට මේක ආහාරමය වශයෙනුත් හොදද? යනුවෙනි එවිට වෙද මහතා කීවේ අක්කපාන දලු සම්බෝලය. අක්කපාන මැල්ලුම සහ කැඳ ලෙස ආහාරයට එක්කර ගන්නා බවයි. එසේම ඒවා පෝෂණයෙන් හා ගුණයෙන් ඉහළ බවත් පැවසීය. මේ සියල්ල අසා සිටි සුගත් බලන කොට මගේ මූත්‍රාබාධයට හොඳම බේත අක්කපාන නෙවැ. අද ඉඳලම බොන්න පටන් ගන්න ඕන. එහෙම හොදයි නේද වෙද මහත්තයෝ යනුවෙන් ඇසීය. ඔව් ඔයාගෙ අසනීපෙට අක්කපාන හොඳයි. අක්කපාන කොළ කොටල යුෂ අරගෙන සතියක් දෙකක් බීල බලමු. ඔය මූත්‍ර ගල් දියවෙලා යාවි යැයි කියමින් කථාව වෙද මහතා හමාර කළේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.