ඔසු උයන දරුඵල දෙන අත්තික්කා

ජුනි 30, 2023

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා අළුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලි පොල්මල් කෂාය මී පැණි දමා දීම ඉතා ගුණයි.කාන්තාවන්ගේ ගර්භාෂගත අධික ලේ වහනයට උණ ගොබ, අත්තික්කා පොතු කෂාය හොඳයි.

 

වෙද මහතා සුපුරුදු පරිදි උදෑසන තම බෙහෙත් ශාලාව විවෘත කිරීම සඳහා පැමිණෙන විට දුටුවේ කාන්තාවන් දෙදෙනකු තම බෙහෙත් ශාලාව අසළ සිටින අයුරුයි. පෙනුමින් මව සහ දියණිය විය හැකි යැයි අනුමාන කළද වෙද මහතා ඇයි බෙහෙත් ගන්නද.”යනුවෙන් ඔවුන් ගෙන් විමසීය.

 

“ඔව්. වෙද මහත්තයෝ. මේ මගේ දුවට බේත් ගන්න ආවේ. මේ දරුවා බැඳල දැන් අවුරුදු 3ක් වෙනවා. තාම ළමයි නැහැ. ඒ වගේම ඇඟත් උෂ්ණයි. ඇඟ උණුකරල යන ගතියකුත් තියෙනවා” යනුවෙන් පැමිණ සිටි වැඩිමහලු තැනැත්තිය කියවාගෙන ගියාය.

“ඕකට කෂාය ටිකක් තව බෙහෙත් ටිකකුත් එක්ක ටික දවසක් බොන්න වෙනවා. එතකොට අසනීප ගොඩක් අඩුවේවි. ඒ වගේම දරුපල නැති ප්‍රශ්නෙත් විසදේවී. මේ තත්ත්වය වඩාත් හොඳ වෙන්න තවත් බේතක් මාස කීපයක් එක දිගටම බොන්න තියෙනවා.” යනුවෙන් වෙද මහතා ඔවුන්ට කරුණු තේරුම් කර දුන්නේය.

“අනේ වෙද මහත්තයට පිං සිද්ධ වේවි. මේ ළමයා සනීප කරල දුන්නොත්” යනුවෙන් පැවසූ ඇය මොකක්ද වෙද මහත්තයෝ දිගටම ගන්න ඕන බේත යනුවෙන් ඇසීය.

එවිට වෙද මහතා “ඒ බේත තමා අත්තික්කා. මේවා කාන්තාවන්ට විශේෂම බේතක්” යනුවෙන් පැවසීය.

අත්තික්කා කියන්නෙ එච්චරම ගුණ බේතක්ද. අපේ පළාතේ ඕන තරම් හොයාගන්න පුළුවන්. මොනවටද මහත්තයෝ අත්තික්කා ගුණ යනුවෙන් මව ඇසීය.

අත්තික්කා කියන්නෙ කාන්තා රෝගවලට දිව්‍ය ඖෂධයක්. ඒවගේම තවත් රෝග රාශියකට ගුණ දෙන ඔසුවක්. දියවැඩියාව, රත්පිත, ලේ යන අර්ශස් වගේ රෝගවලට හොඳ වගේම ඇඟ මහත් කරන ගුණත් තියෙනවා යනුවෙන් වෙද මහතා අත්තික්කා ගැන හැඳීන්වීම ඇරැඹීය.

එතකොට වෙද මහත්තයෝ අත්තික්කා ගස් හැදෙන්නේ ගංගා ඇළ දොළවල් වගේ ජලය ආශ්‍රිත තැන් වල නේද? අපේ පළාතෙත් ඒ වගේ තැන් දෙක තුනකම අත්තික්කා ගස් තියෙනවා යනුවෙන් එම දියණියගේ මව කීය.

ඔව් ඔව් ජලය සහිත තැන්වල තමයි බහුලවම අත්තික්කා ගස් හැදෙන්නේ. ඉන්දියාවේ සහ ලංකාවේ සියලුම ප්‍රදේශවල අත්තික්කා ගස් දකින්න පුළුවන්.

මේ ගසක උස මීටර් 30ක් විතර වෙනවා. මේ ගසේ කදේ පොත්ත අළු පාටයි. ඒ වගේම ඝනකම්. ඇතුළතින් රෝස පාටට හුරු දුඹුරු පාටයි. ඒ වගේම කිරි සහිතයි. ළපටි අතු රිකිලිවල සුෆ්හු පාට සියුම් බූවක් ද තියෙනවා. මේ ගස්වල සරල පත්‍ර පිහිටලා තියෙනවා.

ඒ වගේම ප්‍රධාන අතුවල සහ කදේ ගෙඩි ආකාර මල් විශාල පොකුරු ලෙස හට ගන්නවා.පසුව ඒවා ගෙඩි බවට පත් වෙනවා. මේවායේ අමු ගෙඩි කොළ පාටයි. ඉදුණු ගෙඩි රතු පාටයි යනුවෙන් වෙද මහතා අත්තික්කා ගැන තවත් කරුණු කීය.

එතකොට වෙද මහත්තයෝ දිඹුල් කියන්නෙත් අත්තික්කා වලටමද “යනුවෙන් තවත් ප්‍රශ්නයක් ඇය විසින් ඇසූවිට වෙදමහතා “ඔව් දිඹුල් කියන්නෙත් අත්තික්කාවලටම තමයි. ඒ වගේම අට්ටික්කා කියලත් කියනවා. සංස්කෘත භාෂාවෙන් උදුම්බර කියල කියනවා. ඊට අමතරව ක්ෂීර වෘක්ෂ, හේමදුග්ධ, සදාඵල, ශීතඵල ආදී නම් රැසක්ම සංස්කෘත භාෂාවෙන් තියෙනවා. ඒ වගේම දෙමළෙන් අත්ති කියනවා. හින්දියෙන් ගුලර් කියනවා. ඉංග්‍රිසි භාෂාවෙන් ඛ්තභඵබඥප ජ්ඪඨ සහ ඛ්ධභදබපර ජ්ඪඨ යන නම් යෙදෙනවා.අත්තික්කාවල උද්භීද විද්‍යාත්මක නාමය ජ්ඪජභඵ පචජඥථධඵච යන නාමයයි. කුලය ර්ර්‍ණඅඒඛ්ඡ්ඒඡ් කුලයයි යනුවෙන් අත්තික්කාවල නාමයන් ගැන හොඳ විග්‍රයක් වෙද මහතා විසින් සිදු කළේය.

එතකොට අත්තික්කා පොතු විතරද බේත්වලට ගන්නෙ “යනුවෙන් නැවත වෙද මහතාගෙන් අසන විට “නැහැ. පොතු වලට අමතරව කොළ. මුල්, ගෙඩි, කිරි සහ මුල් කැපීමෙන් පසු උනන වතුර (අත්තික්කා වතුර) ආදී බොහෝ දේ ගන්නවා. ඒවා යොදා ගෙන හදන බේත් ගොඩක් තියෙනවා “ යනුවෙන් පැවසීය.

නැවත වෙද මහතා “අත්තික්කා යොදාගෙන හදන බේත් ටිකකුත් මම කියන්නම් අහගන්නකෝ යනුවෙන් පවසා එම බේත් මෙසේ විස්තර කළේය. රත්පිතට, රක්ත ප්‍රදරයට සහ ශුක්‍ර මෝචනයට අත්තික්කා ඉදුණු ගෙඩි අඹරා මිරිකාගත් යුෂට මී පැණි දමා පානය හොඳයි. එසේම ඉදුණු අත්තික්කා ගෙඩි යුෂ හෝ කෂාය හෝ ශීත කෂාය පානයද හොඳයි.

රක්ත අතීසාරයට, රක්ත ප්‍රවාහිකා, රක්ත ප්‍රදර සඳහා අත්තික්කා පොතු කෂාය හොඳයි.

දියවැඩියාවට අත්තික්කා ඇට චූර්ණය මී පැණි සමඟ ගුණයි. විදුරුමස් ඉදිමුම සහ කට ගඳ ගැසීමට අත්තික්කා පොතු කෂාය ගුණයි. රත්පිතට අත්තික්කා පොතු හෝ ගෙඩි තම්බා ගත් ජලය බීම හොදයි.

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා අලුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලි පොල්මල් කෂාය මී පැණි දමා දීම ඉතා ගුණයි.කාන්තාවන්ගේ ගර්භාෂ ගත අධික ලේ වහනයට උණ ගොබ, අත්තික්කා පොතු කෂාය හොඳයි.

සමේ ඇතිවන දද කුෂ්ඨ. තුවාල ආදියට අත්තික්කා දලු අඹරා ආලේපය සහ අත්තික්කා කොළ තම්බා ගත් වතුරින් සේදීම හොදයි.

බඩවැල්වල තුවාල සඳහා අත්තික්කා ගෙඩි තම්බාගෙන ආහාරයට ගැනීම ඉතා හොඳයි.

දියවැඩියාවට සහ ශරීරයේ දැවිල්ලට අත්තික්කා මුලක් කපා එයින් වෑස්සෙන ජලය පානය කිරීම ඉතා හොඳයි.

ඉදිමුම් වේදනා සහිත වණ තුවාල සඳහා අත්තික්කා කිරි ආලේපය සුදුසුයි.

මේ වගේ ඖෂධ යෝග රාශියක්ම අත්තික්කා අඩංගුව තියෙනවා. ඒ වගේම අත්තික්කා අඩංගු නිෂ්පාදිත ඖෂධ කිහිපයකුත් තියෙනවා“ යැයි පවසමින් වෙද මහතා ඒවාද නම් වශයෙන් හැඳින්වීය.

උදුම්බර පැණිය, උදුම්බර ක්වාථය, උදුම්බර තෛලය, උදුම්බර ඝණ සාරය ආදිය ඖෂධ ශාලාවල තියෙනවා. හැබැයි ඒවා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව පමණක් බවත් මතක තබාගැනීමත් වැදගත්’ යැයිද පැවසූ වෙද මහතා ආහාර වශයෙන්ද අත්තික්කා ගෙඩි ව්‍යංජනය, අත්තක්කා මැල්ලුම සහ අත්තික්කා ගෙඩි තම්බා පොල් සමඟ ආහාරයට ගැනීම ආදී ප්‍රයෝජනද ලැබෙන බව පැවසීය.

එම විස්තර ඇසූ එම මව සහ දියණිය බලාපොරොත්තු සහිතව වෙද මහතා දෙස බලා අනතුරුව මව මෙසේ පැවසීය.

වෙද මහත්තයෝ බැලුවාම අත්තික්කා කියන්නේ මේ ළමයගේ අසනීපවලට දිව්‍ය ඖෂධයක් වගෙයි පේන්නෙ. ඒ නිසා අද ඉඳලම මම දුවට අත්තික්කා හදල දෙන්නම්. අනෙක් බේත් ටිකත් දෙන්න”යැයි කීය.

හොඳයි. අපි එහෙනම් ඒ විදියට බේත් කරමු. මාස දෙක තුනක් යනකොට ඔය ලෙඩ ඔක්කොම හොඳවේවි.” යනුවෙන් පැවසූ වෙද මහතා ඔවුන්ට ප්‍රතිකාර ලබාදුනි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.