ලිංගික දුබලතා නසන අමුක්කරා

ජුනි 23, 2023

උදෑසනම බෙහෙත් ශාලාව ඇරීමෙන් පසුව වෙද මහතා බුදුන් වදින විට කිසිවකු පැමිණ වෙද මහතා සිටින්නේ දැයි විමසනු ඇසිණි. බුදුන් වැදීමෙන් පසු ඉදිරිපසට පැමිණි වෙද මහතා දුටුවේ තරුණ යුවළක් හිදගෙන සිටින අයුරුයි.

වෙද මහතා එනු දැක නැගීසිටි ඔවුන් “වෙද මහත්තයෝ අපිට බේත් ගන්න පුළුවන්ද” යැයි විචාලේය. එන්න ඇතුළට යැයි ඔවුන් කැඳවූ වෙද මහතා මොකක්ද ප්‍රශ්නය යැයි ඇසීය.

ඔවුන් දෙදෙන එකිනෙකාගේ මුහුණු බලාගෙන සිටියා විනා කතා නොකළහ. ඇයි? මොකක්ද අසනීපය යැයි නැවත නැවතත් වෙද මහතා විචාළේය.

වෙද මහත්තයෝ අපි බැදලා අවුරුදු දෙකහමාරක් වෙනවා. තවම දරුවෙක් නැහැ. පරීක්ෂණ ඔක්කොම කළා. එතකොට කිව්වෙ මහත්තයගෙ පොඩි දුබල කමක් තියෙනවා කියල. ඒකට ආයුර්වේද බෙහෙත් තියෙනවද කියල දැනගන්නයි, තියෙනව නම් බෙහෙත් ගන්නයි කියල ආවෙ යැයි එම යුවළගෙන් කාන්තාව පැවසීය.

අපෝ ඕවාට හොඳම බේත් තියෙන්නෙ ආයුර්වේදයේ තමයි.වාජීකරණ තන්ත්‍රය කියල ආයුර්වේදයේ සඳහන් වෙන කොටසේ තියෙන්නේ ලෙඩ රෝග නසලා තරුණ බව ආරක්ෂා කර ගන්න ක්‍රම සහ විධි ගැනයි. “වාජී“ කියලා සංස්කෘත භාෂාවෙ කියන්නෙ අශ්වයාට. ශක්තිමත්ම සතා විදියටයි සලකන්නෙ. ඒ වගේම යන්ත්‍රවල ශක්තිය අශ්ව බල (ඩධපඵඥ නධඹඥප) වලින් දක්වල තියෙන්නෙ ඒ නිසයි.

වාජිකරණ තන්ත්‍රයේ තරුණ බව ඇතිකරන ඒ වගේම ශරීර දුබලතා නසන බේත් ගොඩක්ම ආයුර්වේදයේ තියෙනවා. අමුක්කරා, බිංතල්, කිරිබදු අල, වඳුරු මෑ ඒ අතුරින් ප්‍රධානයි.යනුවෙන් වෙද මහතා ආයුර්වේද ප්‍රතිකාරවල මහිමය ඔවුන්ට පහදාලීය.

එතකොට අපේ මහත්තයට හොඳ මොනවගේ බේත් දැයි වෙද මහතාගෙන් තරුණිය විමසූ විට හොඳම බේත තමයි අමුක්කරා.අමුක්කරාවලින් හදපු බේත්වලින් ඔය අසනීප ඔක්කොම දුරුකරන්න පුළුවන්. එතකොට ඉක්මනටම දරු සුරතල් බලන්න පූළුවන් වේවි යැයි වෙද මහතා ඔවුන්ට පැවසීය.

එතකොට අමුක්කරා කියන්නෙ හොඳම බේතක්ද? එහෙම වුණොත් නම් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳේවි.” යයි බලාපොරොත්තු සහගතව එම තරුණ සැමියාට පැවසීය.

ඔව්. ඔව්. අමුක්කරා තියෙන බේත් නියම විදියට ගත්තොත් ඔය ප්‍රශ්න විසදේවි.යැයි වෙද මහතා නැවතත් කීය.

අමුක්කරා මොන වගේද? ඒවායෙ ගුණාගුණ මොනවාද? යනුවෙන් ඔවුන් විමසන විට වෙද මහතා ඒ ගැන මෙසේ විස්තර කීය. අමුක්කරා පඳුරු වශයෙන් හැදෙන ශාකයක්. මීටර් 1ක් පමණ උසට මේ පඳුරු හැදෙනවා. මේවායේ කඳ කොටසේ බූව සහිතයි. මේවායෙ මුල දිගයි. මහතයි. මේවා අල වශයෙන් ඖෂධ සඳහා යොදා ගන්නවා. මේ අල වලින් අශ්ව මූත්‍රා ගඳ එන නිසා අමුක්කරාවලට ”අශ්වගන්ධා” නම යෙදෙනවා. ඒ වගේම අමුක්කරාවල මල් කොළ පාටයි. ගෙඩි රතු පාටයි.

මේ අමුක්කරා කියන නම දෙමළ භාෂාවෙන් ආපු නමක්. සිංහලෙන් “අස්ගොදු”කියල කියනවා. සංස්කෘත භාෂාවෙන් අශ්වගන්ධා කියන නමට අමතරව තවත් නම් 25 ක් පමණ තියෙනවා. දෙමළ භාෂාවෙන් අමුක්කරාවලට අමතරව අමුක්කීරම් ආදී නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ධ්දඤඪචද ඨඪදඵඥදඨ. ර්‍ථධඪඵධද ඨධධඵඥඡඥපපර. එඪදබඥප ජඩඥපපර ආදී නම් යෙදෙනවා. ඒ වගේම අමුක්කරාවල උද්භිද විද්‍යාත්මක නාමය ,එඪබඩචදඪච ඵධථදඪටඥපච වන අතර කුලය ඉර්‍ණඹ්ඒව්ඒඛ්ඡ්ඒඡ් හෙවත් කණ්ඨකාරී කුලය වෙනවා යනුවෙන් වෙද මහතා විස්තර කරන විට අමුක්කරා හැදෙන්නෙ කොහේද?” යනුවෙන් එම තරුණයා ඇසීය.

එවිට වෙද මහතා “අමුක්කරා වියළි දේශගුණික කලාපවල පහසුවෙන් බහුල වශයෙන් වැවෙන බවත් ශ්‍රී ලංකාවේ වියළි කලාපීය කැලෑ ආශ්‍රීත ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ඇති බවත් උතුරු ඉන්දියාව, පාකිස්තානයේ උතුරු ප්‍රදේශ, අරාබි රටවල සහ අප්‍රිකානු වියළි ප්‍රදේශවල දක්නට ලැබෙන බවත් කීය.

ඒ වගේම අමුක්කරා ස්නායු උත්තේජනය කිරීමේ විශිෂ්ට ගුණයකින් යුක්ත වෙනවා. වේදනාව නසන, බඩගිනි වඩන, ශ‍රීරය පෘෂ්ඨිමත් කරන, නින්ද ඇතිකරන, ලේ පිරිසිදු කරන, ඒ වගේම මළ බද්ධය නසන ගුණයන්ගෙනුත් අමුක්කරා සම්පූර්ණයි. විශේෂයෙන් ශරීරයේ බලය ඇතිකරනවා වගේම කාම උත්තේජනය ඇතිකරන ගුණයන් හොඳීන්ම ලබාගන්න අමුක්කරාවලින් හදපු බේත්වලින් පුළුවන් “යැයිද වෙද මහතා වැඩිදුරටත් පැවසීය.

එතකොට වෙද මහත්තයෝ මොනවද අමුක්කරා වලින් හදන බේත්” යනුවෙන් ඔවුහු ඒ ගැන තවත් විමසිලිමත් වූහ.

බෙහෙත් නම් ගොඩක්ම තියෙනවා. විශේෂයෙන් ලිංගික දුබලතාවලට බේත් ගොඩක් තියෙනවා. අමුක්කරා අල, තල, තිප්පිලි. සමාන ප්‍රමාණ ගෙන චූර්ණ කර වරකට කලං භාගය් බැගින් ගෙන ගිතෙල් මී පැණි සමඟ අනා කෑමට ගැනීම හොඳයි.

අමුක්කරා අල, බිංතල් අල, රටඉදි, උදු, වියළි මුද්දරප්පලම්, සමානව අරගෙන චූර්ණ කර මී පැණි, ගිතෙල් සමඟ වරකට කලද බැගින් ගන්න.

අමුක්කරා අල, වියලි කිරිබදු අල, වැල්මී සමානව ගෙන කුඩුකර වරකට කලං 2 බැගින් උදේ සවස බටර් .ගිතෙල් හෝ මී පැණි සමඟ ගන්න.

මේ බෙහෙත් වර්ග ඔබට හොඳයි යනුවෙන් ද වෙද මහතා එම යුවළට පවසා තවත් බේත් රාශියක්ම තවත් රෝග රැසකට ඇතැයි පවසා ඒවාද විස්තර කළේය.

සුවබර නින්දකට අමුක්කරා චූර්ණය සීනි, ගිතෙල් සමඟ ගැනීමද, අමුක්කරා අල චූර්ණය උණු වතුරට දමා පානයද හොඳයි.

ස්ත්‍රී වද භාවයට අමුක්කරා අල ග්‍රෑම් 6 බැගින් එළකිරි සමඟ ගැනීම (මෙය සෘතු වී දින 5ක් 6ක් ගතවී ගැනීම හොඳයි)

ඇදුම රෝගයට අමුක්කරා කෂාය ගිතෙල් මී පැණි සමඟ ලේහ කිරීම සුදුසුයි.

සන්ධි ඉදිමුමට අමුක්කරා අල කුඩුකර වරකට ග්‍රෑම් 3 බැගින් ගැනීම හොඳයි.

සර්ප විෂට අමුක්කරා කොළ, පොතු, ගෙඩි, මල් කොටා මිරිකා යුෂ ගෙන එළු මූත්‍ර දමා කෝප්ප භාගය බැගින් බොන්න. මේ වගේ බෙහෙත් රැසක් අමුක්කරා අඩංගුව යෙදෙනවා. ඒ නිසා අමුක්කරා කියන්නේ දිව්‍ය ඖෂධයක්. ඔය ගොල්ලන්ගෙ ප්‍රශ්නෙත් අමුක්කරාවලින් විසඳ ගන්න පුළුවන් “යැයි ද වෙද මහතා කීය.

ඔබතුමා අපිට අමුක්කරා ගැන ගොඩක් විස්තර කිව්වා. අපේ ප්‍රශ්න වලට හොඳම අමුක්කරා කියල අපිට විශ්වාසයි. ඒ වගේම අමුක්කරාවලින් හදපු නිෂ්පාදිත ඖෂධත් ඇති නේද? අපිට ඒව තියෙනවනං ගොඩක් ලේසියි. යනුවෙන් එම තරුණ යුවළ නැවත වෙද මහතාගෙන් විමසීය.

එවිට වෙද මහතා ඔව්. ඔව්. හදපු බෙහෙතුත් ගොඩක් තියෙනවා.අශ්වගන්ධාරිෂ්ඨය, අශ්වගන්ධා චූර්ණය, අශ්වගන්ධා රසායනය, පෙනෙල අමුක්කරා පැණිය, අශ්වගන්ධා ඝෘතය, අශ්වගන්ධා තෛලය ආදී වශයෙන් බෙහෙත් ගොඩක් තියෙනවා.හැබැයි මේ ඔක්කොම වගේ ඔබලාගෙ ප්‍රශ්නවලට හොඳයි. ඒත් මේවා හිතුමතේ අරන් බෑ. වෛද්‍ය උපදෙස් අනුව ගන්න ඕන. ඒ නිසා මම ඔබලාට සුදුසු විදියට මම බේත් ලියල දෙන්නම් ඒ විදියට ගන්න.” යැයි පවසා බෙහෙත් වට්ටෝරුව ලියා ඔවුන්ට දෙමින් මේ විදියට බේත් බීලා සති 2කින් එන්න.එතකොට අනෙක් බේත් ලියල දෙන්නම්” යැයි පවසමින් ඔවුන්ට බෙහෙත් ලබාදුනි.

ඉන්පසු එම දෙදෙනා හොඳයි වෙද මහත්තයෝ. ඔබතුමා කියපු විදියටම අපි බෙහෙත් ටික බීලා ආයෙත් එන්නම්. ඔබතුමාට බොහොම පින් “යනුවෙන් පවසා බලාපොරොත්තු සහිතව සතුටු සිතින් බෙහෙත් ශාලාවෙන් නික්මුණහ.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.