රෝගාබාධ රැසකට යොදාගනු ලබන අගනා ඔසුවක් කිරිඳි

සැප්තැම්බර් 11, 2020

අප අවට පරිසරය තුළ දක්නට ලැබෙන තුරු ලතා අතුරින් ඉතා වැඩි ප්‍රමාණයක් කුමක් හෝ රෝගයක් සඳහා යොදනු ලබන ඖෂධ සංයෝග අඩංගු වේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යෙදෙන මේ ඖෂධ යෝග සඳහා නැතිවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් කිරිඳී ශාකය හැඳීන්විය හැකිය. විවිධ වූ ඖෂධ යෝග සඳහා යෙදෙන ඖෂධ ද්‍රව්‍යයක් මෙන්ම වෙනත් ප්‍රයෝජන රාශියක් ලබාදෙන ශාකයක් වශයෙන් ද කිරිඳී ශාකය හැඳීන්විය හැකිය.

කිරිඳී වැවෙන ප්‍රදේශ

* විදේශීය වශයෙන් :

ඊසානදිග ආසියාවට ආවේණික වූ ශාකයක් වශයෙන් ‘කිරිඳී’ හඳුන්වනු ලබයි. ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංග්ලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල කිරිඳී වැවේ.

* දේශිය වශයෙන් :

ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් දක්නට නොමැති අතර එසේම අප රට තුළ ආර්ථික බෝග වගාවක් වශයෙන් ද ස්ථාපිතව නොමැත.

කිරිඳී ශාකයේ ස්වරූපය:

මෙය තෘණ කුලයට අයත් ශාකයක් වෙයි. වාර්ෂික ශාකයක් ලෙස වවනු ලබන මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර් 1 ක් පමණ උසට වැඬේ. මෙම ශාකයේ කඳ මෘදු වන අතර අතු රාශියක් දක්නට ලැබේ. බොහෝ අතු සහිතව ඝනව වැඩෙන පඳුරුමය ශාකයකි. කඳේ පහළින් දක්නට ලැබෙන ගැටවලින් ද මුල් හට ගනු ලබයි.

තෙත් සහිත හිරු එළිය සහිත එළිමහන් බිම්වල හොඳීන් වැවෙන ශාකයකි. එසේම වී සහ තිරිඟු නොවැඩෙන ඉතා උස්බ්ම්වල වුවද හොඳීන් වැඩෙන ශාකයකි. මෙම ශාකවල පත්‍ර සිනිඳු වන අතර දිලිසෙන සුළුය. පත්‍රවල මතුපිට අළු පැහැයට හුරු කොළ පැහැයක් ගනු ලබන අතර මෙම පත්‍රවල ස්වරූපය බඩ ඉරිඟු ශාකයේ පත්‍රවලට බෙහෙවින් සමානකම් දක්වයි. පත්‍රයක දිග සෙ.මී. 15 -40 දක්වා වන අතර පළල සෙ.මී. 2 - 6 පමණ දක්වා ද වේ. පත්‍රවල අග්ගිස්ස තියුණු හා උල් හැඩයක් ගනී.

මෙම ශාකයේ හටගනු ලබන මල් ඒක ලිංගික වන අතර සාමාන්‍ය වශයෙන් මලක දිග සෙ.මී. 1 ක් පමණ වේ. මේවායේ මල් කහ පාටට හුරු රතු පැහැතිය. තවද ස්ත්‍රී සහ පුරුෂ මල් එකම ශාකයක හටගනු ලබයි. බොහෝ සෙයින් මල් කිනිති පහළට නමා වැටේ. මෙම මල්වල පරාගනය සිදුවන්නේ සුළඟ මඟිනි. කිරිඳී ශාකයේ හටගනු ලබන ගෙඩි ගෝලාකාර වන අතර ඒවා මි.මී.10 ක් පමණ විශ්කම්භයෙන් ද යුතු වේ. හොඳීන් පැසුණු ගෙඩි නිලට හුරු කඳ අළු පැහැතිය. මෙහි ඇති බීජ ඕවලාකාර හෝ අණ්ඩාකාර වන අතර එහි විශ්කම්භය මි.මී.5 ක් පමණ වේ. කිරිඳී ඇට මඟින් බෝ කර ගැනීම කරනු ලබයි.

කිරිඳී පිළිබඳව විවිධ භාෂාවල හඳුන්වන නාම :

* පොදු සිංහල නාම: - කිරිඳී වශයෙන් ද

සංස්කෘත බසින් : ගවේදුකා නාමය යෙදේ.

ඉංග්‍රීසි බසින් job and Acutes උද්භිද විද්‍යාත්මක නාමය : Coix lacryma jobi වේ. 

කුලය Gramineae හෙවත් තෘණ කුලයට අයත් වේ.

* ව්‍යාවාහාර අංග :

මෙහි ගෙඩි බීජ සහ මුල් ඖෂධ ලෙස භාවිතයට ගනු ලබන අතර බීජ ආහාරමය වශයෙන් යොදා ගනියි.

කිරිඳීවල ආහාරමය වටිනාකම :

කිරිඳී ඇට ආහාරමය වශයෙන් වැදගත් වේ. ඇට ගෙන පොතු හැර පිසගනු ලබන බත් සුප් කැඳ සහ වෙනත් ආහාර . . .

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.