පියුමාකාර-විෂ්ණු-මහෞෂධ යෝග බලැතිව සිකුරු මීනයට සංක්‍රමණය වෙයි

පංච මහා පුරුෂ යෝගවලින් ලග්න අටකට සෞභාග්‍යය
මාර්තු 22, 2024

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

පියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත් සිකුරු මාර්තු 31 ඉරුදින පස්වරු 04.47ට මීන රාශියට සංක්‍රමණය වෙයි.

මෙය සිදු වන්නේ පුවපුටුප 04 පාදය, උත්‍රපුටුප 01, 02, 03, 04 රේවතී 01, 02, 03, 04 පාද නවයක් පසුකොට වන අතර අප්‍රේල් 24 බුධ දින රාත්‍රී 11.59 දක්වා කාල පරාසයේ මෙහි බලපෑම පවතී. එම කාල පරාසය ජන්මලාභී සැමට ඉතාම ප්‍රශස්ත වෙයි.

රවි හිමි උදා රාශිය මෙන්ම ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි ග්‍රහ සටහනෙහි 08 වැන්නෙහි රවි ශුක්‍ර සුසංයෝගයට අනුව නිදන් වස්තු සහ ඉතා වටිනා මැණික් ආදී සැඟවුණ වස්තු මතු වීමේ ප්‍රවණතාවක් මතු කෙරෙයි. එහෙත් චන්ද්‍රයාගේ චාරය මත කේන්දරස්ථාන හිස්වී යාමෙහි වෙනස ද දෘශ්‍යමාන කෙරෙනු ඇත. ආලෝක ග්‍රහයන් දෙදෙනකු ශුභවාදීව පවතිනු ලබයි.

රාජ්‍ය කාරක රවි මිත්‍රශීලීව උච්ච සිකුරු සහ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණලාභි නැප්චූන් සමඟ සම්බන්ධතා මතු කෙරෙයි. මේ ග්‍රහ තත්ත්වය මත උපදින දරු දැරියන් අනාගතයෙහි දෙස් විදෙස් පතළ වන අතර උසස් අධ්‍යාපනයකට භාග්‍යය වාසනාව ඇති ජන්මලාභීන් බැව් ප්‍රකට කෙරෙනු ඇත. භව භෝග උපභෝග සම්පත් වර්ධනය වෙයි. කලාකාමී ක්ෂේත්‍රය ප්‍රබුද්ධ බවකට තුඩුදෙනු ඇත. සබඳතා, විවාහ මංගල අධික කෙරෙනු ඇත. රංගන, ගායන, වාදන සඳහා තිලිණ ප්‍රසාද ගරු නම්බුනාම ඉදිරි කාලයේ බොහෝ දුරට ලැබෙනු ඇත. ඇඳුම් පැලඳුම් අලංකාර නිමවුම් භාණ්ඩ කෙරෙහි දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය වෙයි. ව්‍යාපාරිකයන්ට, කොන්ත්‍රාත්කරුවන්ට අතිශය ප්‍රශස්ත කාල පරාසයක් ඉදිරියෙහි සක්‍රිය වෙයි.

 

මේෂ ලග්නය

ත්‍රිකෝණ දෘෂ්ටියෙන් නීච භංග රාජයෝගය, වෙශි වොශී උභයචාරී යෝග බලය යෙදුණ ද 8 වැන්න දුර්වල වී යාම නිසා අපේක්ෂාවන් ඉටු වීම ප්‍රමාද වන බවක් පෙනේ. එය දැඩි මානසික අසහනකාරී බව ගෙන දීමට හැකි බැවින් කල්පනාකාරී වන්න. උදරය සම්බන්ධ, කොන්ද, තුනටිය, දණහිස් පාද ආශි‍‍්‍රත වරින්වර රෝගාබාධ ගෙන දෙනු ඇත.

 

වෘෂභ ලග්නය

10 වැන්න වූ කර්මස්ථානයේ යෙදෙන සස යෝග බලය මත රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. අය ස්ථානය වූ 11 වැන්නෙහි රවි, සිකුරු, නැප්චූන් බලය වර්තමාන අපේක්ෂාවන් බොහෝ දුරටම සාර්ථක කරනු ඇත. යෝග බල අනුව අනාගත දියුණුව ගෙනදෙනු ඇත.

 

මිථුන ලග්නය

10 වැන්න වූ මාලවී යෝග බලය උදාරතර ජීවන ගමනකට භාග්‍ය වාසනාව ගෙන දෙයි. එහෙත් 04, 06, 08 ස්ථාන දුර්වලතා මතු කෙරෙයි. අයස්ථානය වූ 11 වැන්නේ ග්‍රහ පිහිටීම් අනුව ලැබීම් කටයුතු කෙරෙහි සතුටුදායක බවක් නිර්මාණය වෙයි. උසස් ජීවිතයකට භාග්‍යය ඇත.

 

කටක ලග්නය

08, 09, 10 යන ස්ථානයන්හි ග්‍රහචාරය ප්‍රබල බවකින් අනූන බැව් පෙනී යයි. විශේෂයෙන් 09 වැන්න වූ භාග්‍යස්ථානය ආශි‍‍්‍රතව වර්තමාන කාර්යයන් සතුටුදායක බවක් ගනු ලබයි.

නිසි කළමනාකරණයකින් කටයුතු කිරීමෙන් ශුභවාදී නව උසස් දියුණුවකට හේතු වාසනා වෙයි.

 

සිංහ ලග්නය

සස යෝග බලය 07 වැන්නෙහි යෙදීම බාධක අවහිර දුෂ්කරතා මඟ හැරෙනු ඇත. 9 වැන්න වූ භාග්‍යස්ථානගතව බුධ ගුරු යුරේනස් ද 08 වැන්නෙහි සිකුරු රවි ප්‍රබුද්ධයෝ ද යෙදෙනු පෙනී යන්නේ ය. මුහුණ, පපුව, යටිබඩ ආශි‍‍්‍රත රෝගාබාධ ඇති කරයි.

 

කන්‍යා රාශිය

07 වැන්නෙහි මාලවී යෝග බලයද 08 වැන්නෙහි බුධ ගුරු යෝග බලයද 06, 07, 08 වෙශි වොශී උභයචාරි බලයද බොහෝ දුරට අපේක්ෂාවන් සාර්ථක කෙරෙනු ඇත. හිස, උරහිස්, උදරය ආශි‍‍්‍රත රෝගාබාධ මතු කෙරෙනු පෙනී යයි.

තුලා රාශිය

දෙස් විදෙස් සංචාරක කටයුතු ද 05 වැන්නෙහි කුජ ශනි යෝග බලයද 06 වැන්නෙහි ග්‍රහ බලයද අනුව ව්‍යාපාරික කටයුතු දියුණුකර ගත හැකිය. සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථකත්වයට නැඹුරු වෙයි.

 

වෘශ්චික රාශිය

04 වැන්නෙහි සස යෝග බලය ද 05 වැන්නෙහි ග්‍රහ චාරයද බොහෝ දුරට මෙතෙක් අසාර්ථක බවකින් පැවතුණු කටයුතු සහ අවහිර බාධක දුෂ්කරතා දුරු කෙරෙනු ඇත. යාන වාහන ගොඩමඩ ඉඩකඩම්හි ලාභ ප්‍රයෝජන වෘශ්චික රාශි හිමියනට ළඟා කෙරෙයි.

 

ධනු රාශිය

04 වැන්නෙහි මාලවී යෝගයද වෙශි වොශී උභයචාරී යෝග බලයද 03, 04, 05 ස්ථාන ආශි‍‍්‍රතව යෙදී ඇත. උසස් දියුණුවකට භාග්‍යය වාසනාව යෙදී ඇත. ධර්ම ශාස්ත්‍රීය දියුණුව ඇතුළුව අනෙකුත් ලැබීම් කටයුතු සාර්ථක බවක් පෙනී යයි.

 

මකර රාශිය

සිතැඟියාවන් ඉටු කර ගැනීමෙහි ග්‍රහ ශක්තියක්ද යෙදී ඇත. උත්සාහය උනන්දුව නිර්මාණශීලි කටයුතු ද බාධකවලින් තොරව සතුටුදායකව ඉටු කරගත හැකිය.

 

කුම්භ රාශිය

ලග්නගත සසයෝග බලය මෙන්ම ධනස්ථානයක සිකුරු උච්චය. තැන්පත් දේපළ වස්තුව ද ගොඩමඩ ඉඩකඩම් ආශි‍‍්‍රත කටයුතු ද සතුටුදායක බවක් ගනු ලබයි. උසස් අධ්‍යාපනයකට මෙන්ම වාණිජ ව්‍යාපාර කෙරෙහි සුදුසු කාල පරාසයන් වර්තමානයෙහි යෙදී ඇත.

 

මීන රාශිය

මාලවී යෝග බලය ලග්න ගතවද පියුමාකාර විෂ්ණු මහෞෂධ යෝග බලතල ඇතිව උසස් ව්‍යාපාර ගෙන යාමෙහි ද දෙස් විදෙස් සංචාරක සේවා කටයුතුද උසස් අදහස්ද සතුටුදායක බවක් ගනු ලබයි. ආරම්භ කරන ලද කටයුතු ඉතා සාර්ථක බවකින් කළමනාකරණය කළහැකි වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.