අද (08) රාත්‍රිෙය් බුධ නැප්චූන් යුද වදී හොඳ නරක මිශ්‍රපල ලැබෙන වකවානුවක්

මාර්තු 8, 2024

 

ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ කරන අතර එයින් නැප්චූන් ජයග්‍රහණය කරයි.

එහි ප්‍රතිපල ලෙස සොබාදහමෙහි පැවැත්ම අනිටු මඟකට තුඩු දෙමින් ජීව ශක්තිය නිරතුරුවම විකෘති බවට පාත්‍ර කෙරෙනු ඇත.

ලෝකවාසීන් අතර ආවාහ විවාහ කාර්යභාරයන්හි නොමනා පිළිවෙත් නිසා අර්බුද ගැටලු මතුවිය හැකිය.

විෂකාරක (වයිරස් ) ඇසුරින් බෝවන රෝග බොහෝ දුරට පැතිරෙනු ඇති අතර මැතිවරණ උණුසුම්බවක් ද ඇති කෙරෙනු ඇත.

කුණාටු, භූමි කම්පා දස දෙස පැතිරෙනු ඇත. ජනමාධ්‍ය මෙන්ම ජන සන්නිවේදන, නිවේදක කටයුතුවලට මූලික වන ඤාණකාරක බුධ ග්‍රහයා පරාජිතවීම ඒ ක්ෂේත්‍රයන්හි අඩපණවීමකට හේතු විය හැකිය.

දූෂිත ක්‍රියාකාරකම්, මැර ක්‍රියා, නීතිවිරෝධී ක්‍රියා, දාමරික කටයුතුවල යෙදෙන්නන් අතර ආරවුල් මතභේද උත්සන්න විය හැකිය.

වැඩකරන ජනතාවගේ අඩු ලුහුඬුකම් කෙරෙහි රාජ්‍ය අවධානය යොමු කරෙනු ඇත.

ලොව පුරා මෙන්ම රට පුරා දැවැන්ත ව්‍යාපෘති අරඹමින් සංවර්ධන රාමුව සක්‍රීය කෙරෙන කාලයකි.

දෙස් විදෙස්හි ආකූල ව්‍යාකූල බවක් සමාජගත පැවැත්ම තුළ නිතර රැඳෙනු ඇත. එසේම වර්ජන කඩාකප්පල් කරළීමේ ප්‍රවණතාවයක් ද මතු කෙරෙනු ඇත.

එහෙත් නාවික, ගුවන්, මුහුදු ගමනා ගමන කටයුතු කඩාකප්පල් වීමේ ප්‍රවණතාව වැඩිවෙයි.

නිතර හදිසි තීරණ තීන්දු නොගෙන උසස් මානුෂික ගුණාංග අනුව ක්‍රියාත්මක වීම යහපත් වෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.