අකුරු කියවන්න දුර්ලභ ගණයේ සරස්වතී යෝගයක්

මාර්තු 15, 2024

 

කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ සරස්වතී යෝගයක් අප්‍රේල් මස උදා වෙයි. මේ නැකතින් අකුරු කියවන අයට උගතුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, කාව්‍ය විශාරදයන්, නීතිඥවරුන් වැනි රජයේ උසස් තනතුරු ලබන අය බවට පත් වන බව පැවසෙයි.

මේ දුර්ලභ යෝගය යෙදෙන 2024 අපේ‍්‍රල් මස 05 වෙනි සිකුරාදා දින උදේ 6.12ට යෙදෙන දෙනට නැකැතින් දකුණ බලා දරුවන්ට අකුරු කියවීම යහපති.

උක්සකුරු, කිරිබත්, කැවිලි, පලතුරු, සමන්පිච්ච මල්, බෙලිකොළ, ගිතෙල්, මීපැණි, විලඳ යන මේවා සරස්වතී දේවියට පුදා පිළිරුව ඉදිරියේ දරුවා අසුනක හිඳුවා අකුරු කියවීම අතිශය සුබදායකය.

2024 වසර සඳහා මේ නැකැත උදා වන්නේ එදින පමණි. මේ නැකැත උදා වන ආකාරය මුහුර්ත චින්තාමනියේ මෙසේ දැක්වේ.

සියතුඟු රැස් සිටියත් ග්‍රහයකුගේ
සියදින හෝරා ලත් කල ඔහුගේ
විය සරසවි මෙලෙසින් සං යෝගේ
කියවිය අකුරුත් නුනුවණ නොනැඟේ

ගුරුට අයිති මීන රාශියට සිකුරු ග්‍රහයා පැමිණීම සිකුරාදා දිනය වීම සිකුරුගේ තත්කාල හෝරාව උදා වීම එසේම සිකුරුගේ පංචම හෝරාව මෙම වේලාවට පැවතීම ආදි කරුණු රාශියක් යෙදීමෙන් මේ සරස්වති යෝගය යෙදේ.

දෙට, රේවතී, අස්ලිස, අද, සා, සියාවස, රෙහෙන, හත, සුවණ, පුවසල, බෙරණ, පුවපල් යන නැකත් හිමි අයට මේ නැකත සීහුම් වේ.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී මහතුං ජාතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.