මාර්තු 25 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණය කන්‍යා රාශියේ දිදියුණුවට පාර කියන ග්‍රහණ දිනයේ තීන්දුව

මාර්තු 1, 2024

 

සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ අනපේක්ෂිත වෙනස්කම්වලට හේතු වන හැරවුම් ලක්ෂ්‍ය ඇති කරන සංසිද්ධියක් බව ඡ්‍යොතිෂයේ පිළිගැනීමයි.

ඒ අනුව මෙතෙක් යම් කරුණක් සම්බන්ධව ඔබ යම් අතීරණයක සිටියේ නම් ග්‍රහණයක් දිනයේ සංඥා කරන්නේ එහි නිශ්චිත තීරණයකට එළැඹීම බව ඉන්දියානු ඡ්‍යොතිෂයේ පැවසේ.

ග්‍රහණයකදී සෙවණැලිවල බලය පෙන්වන බැවින් වැළලී ගිය සත්‍යය සහ රහස් හෙළිදරවු වීමත් තවදුරටත් කරුණු සැඟ වී තිබීමෙන් තොරව විවෘතව කටයුතු කිරීමට සැලසීමත් දැකගත හැකි වනු ඇත. එමඟින් ග්‍රහණ අවස්ථාවලදී අභිවෘද්ධියට මං සැලසෙන බව විශ්වාස කෙරේ. එනිසා ග්‍රහණ දිනය අසුබ දිනයක් බවට ඇති මතයෙන් බැහැරව සුබවාදීව කටයුතු කිරීම යහපත්ය.

ඒ අනුව මාර්තු 25 කන්‍යා රාශිය ඇසුරෙහි යෙදෙන අර්ධ චන්ද්‍රග්‍රහණයෙන් මිනිසුන් අතර සුසංයෝගය වර්ධනය කෙරෙන බව මෙන්ම සමීප සම්බන්ධතාවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ඡ්‍යොතිෂඥයෝ පෙන්වා දෙති.

එබැවින් ඔබේ ජීවිතයේ මෙතෙක් අවිනිශ්චිත තීරණයක සිටි කරුණක් වේ නම් මාර්තු 25 වැනිදා දහවල් 12.45ට ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළැඹෙන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.