දෙසැම්බර් 28 වැනිදා කුජ-බුධ යුද්ධයෙන් බුධට ජය

දෙසැම්බර් 8, 2023

මේ වසරේ අවසාන ග්‍රහ යුද්ධය දෙසැම්බර් 28 පෙරවරු 06.02 ට ඥානකාරක බුධ සමඟ සෙන්පති අඟහරු අතර සිදු වනු ඇත. එයින් බුද්ධියට ආධිපත්‍යය දරන බුධ ග්‍රහයා ජය ගනී.

ග්‍රහයන් අතර නිර්මාණය වනු ලබන සටනක් හෝ ගැටුමක් ග්‍රහයුද්ධය ලෙස විවරණය නොවනු ඇත. ග්‍රහ යුද්ධයක් යනුවෙන් ප්‍රකාශ වෙනුයේ ග්‍රහ කිරණ අතර ගැටුමෙකි. යම් ග්‍රහයන් දෙදෙනකු එකම දිනයෙහි එකම රාශියක එකම අංශයකට පැමිණි අවස්ථාව ග්‍රහ යුද්ධයක් ලෙස නම් කළ හැකිය. මෙබදු අවස්ථාවක එක් ග්‍රහයකුගේ කිරණ මාලාවට ආවරණය වීම නිසා අනෙක් ග්‍රහයාගේ කිරණ මාලාව පෘථිවිය මතට නොවැටී යනු ඇත. ඡ්‍යොතිර් විද්‍යාවට අනුව පෘථිවියට නොවැටෙනුයේ කුමන ග්‍රහයාගේ රශ්මි මාලාවද යන්න නිවැරැදිව දැනගත හැකිය. පෘථිවියට රශ්මිමාලාව වැටෙන ග්‍රහයා විජයග්‍රාහී ග්‍රහයා බැව් පෙනී යයි.

මේ බුධ කුජ ග්‍රහ යුද්ධයෙන් අඟහරු ගේ කිරණ බුධගෙන් ආවරණය වෙයි. එනිසා කුජ පරාජිත ග්‍රහයා වෙන්නේ ය. බුධ ග්‍රහයා විජයග්‍රාහී ග්‍රහයා වෙන්නේ ය. ඒ අනුව සේවක සේවිකාවනට, කම්කරු පන්තියට, කෘෂි කාර්මික, කාර්මික පැතිකඩට නව නිර්මාණ නිෂ්පාදන ධාරිතාවනට, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ විනෝදකාමී සංචාරක ක්‍රියාකාරකම්, සබඳතා විධිමත් වෙයි. මෙයට බුධගේ විජයග්‍රහණය බහුලව බලපාන බව පෙනී යයි.

හදිසි මාරක විපත්ති, අනතුරු බාධක, සොබාදහමෙහි මෙන්ම පාරිසරික විපත්ති ද අභිරහස්, රහස් කුමන්ත්‍රණ, අරගල, කැරළි කෝලහාල, අවම වන බව භූමි පුත්‍ර අඟහරුගේ පරාජිත බවෙන් පෙනී යයි. ප්‍රවීණ ලේඛකයෝ ශ්‍රේෂ්ඨතර පඬිවරයෝ, ග්‍රන්ථ කතුවරයෝ, ගුප්ත විද්‍යාධරයන් සතු මානසික බුද්ධිමය සංකලනනය වඩාත්ම ප්‍රභාමත් කර ගැනීමක් විද්‍යාමාන වෙයි. ආත්මලාභය මූලික කොටගත් ඇතැම් පිරිස් දුර්වල කරළීමක් මේ ග්‍රහ යුද්ධයෙන් ප්‍රදර්ශනය කරනු ඇත.

 

මේෂ රාශිය

රවි, කුජ, බුධ භාග්‍යස්ථානගත වීමෙන් ආලෝක ග්‍රහ බලය 03 වික්‍රමස්ථානගතවද බුධ ආධිත්‍ය යෝගයද නිර්මාණශීලි ක්‍රමවත් රැකියා ආදායම් මාර්ග තුළින් උසස්ම දියුණුවක් උදාකරගත හැකිය. නිවාස, භූමි ආයතන අතිරේක ආදායම් මාර්ග, සබඳතා මංගල කටයුතු, අධ්‍යාපනික පැතිකඩයන්ගේ දියුණුව ගෙන දෙයි.

 

වෘෂභ රාශිය

උත්සාහය, උනන්දුව, දියුණුවට මාර්ග යෙදෙමින් මංගල උත්සව ආශි‍්‍රතව කාර්යභාරයන් උදාවන කාලයකි. ආලෝක ග්‍රහ බල බුධ ආධිත්‍ය මෙන්ම සස යෝග බලය ද උදාව පවතිනු පෙනී යයි. පෙර පින් පල දෙන සිතැඟියාවන් බොහෝදුරට සපල වන ආශිර්වාදාත්මක ජීවන ගමන් මඟකට තුඩුදෙනු ලබන කාලපරාසයකි. පදිංචිය ආශි‍්‍රත උත්සව ආදි කටයුතු යෙදිය හැකිය.

 

මිථුන රාශිය

කේන්දර ස්ථාන ආලෝක ග්‍රහයන්ගෙන් අධිබලය ලබමින් ත්‍රිලෝචන යෝග බලය ලබයි. 07 වැන්නෙහි බුධ ආධිත්‍ය යෝග බලයද යෙදී සබඳතා, විවාහ මංගල කටයුතු, රැකියා ආදායම් මාර්ග, සරු කෙරෙයි. සමාජගත උසස් දියුණුවකට මෙන්ම ප්‍රභූ ඇසුරක්ද ලැබ ගනියි. සුබ කලක් උදාවෙයි.

 

කටක රාශිය

නිර්ණාමික නාමික සොර සතුරන් මර්දනය වෙමින් නිදුක් නිරෝගී බලය වර්ධනය වෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක බවක් උසුලයි. ඔබ මේ වන විට අරඹා ඇති කාර්යයන් දියුණූු කර ගත හැකි කාල පරාසයකි. උදාරතර ජීවිතය ආශි‍්‍රතව ඇසුරු කරන පිරිස්, ඊර්ෂ්‍යා, වෛර ක්‍රෝධ කාරි බවක් මතුකර ගනු ඇත. බොහෝදුරට සිහිකල්පනාවෙන් කටයුතු කිරීම ශුභදායක වෙන්නේය.

 

සිංහ රාශිය

07 වැන්නෙහි සස යෝග බලයද 05 වැන්න 11 වැන්න ආලෝක ග්‍රහබලය ද බුධ ආධිත්‍ය යෝගය 05 වැන්නේද යෙදී ඇත. සිකුරු ග්‍රහයාට මෙන්ම සෙනසුරුට ද ලග්නය පෙනීම උසස්තම ජීවිතයක් ලෞකික වශයෙන් ගත කිරීමට වාසනාව ගෙනෙන පිහිටීමකි. උසස්වීම් විජයග්‍රහණ බලාපොරොත්තු නොවූ විරූ නම්බුනාම, තනතුරු මූල්‍යමය ලාභ ප්‍රයෝජන ගලා එන කාලයකි.

කන්‍යා රාශිය

පදිංචි භූමිය, නිවාසය, ආශි‍්‍රත සුවිශේෂි සතුටුදායක බවක් ලැබෙනු ඇත. රවි කුජ, බුධ 04 වැන්නෙන් උදාවීමද ආලෝක ග්‍රහකිරණ ශුභවාදීව යෙදීම බුධ ආධිත්‍ය යෝගයද, රැකියා ආදායම් මාර්ගයන්හි බලාපොරොත්තු නොවූ අයුරින් තෘප්තිමත් බවක් යෙදෙනු පෙනී යයි. සමාජශීලි කටයුතු කෙරෙහි ශුභවාදී ක්ෂේත්‍රයන් විද්‍යමාන වෙයි.

 

තුලා රාශිය

03 වැන්න වූ වික්‍රමස්ථානගත රවි බුධ කුජගෙන් ආලෝක ග්‍රහකිරණද බුධ ආධිත්‍ය යෝග බලය ද ප්‍රබලව උදාවී යාමෙන් දෙස් විදෙස් සංචාරක කටයුතු සාර්ථක වෙයි. නිදුක් නිරෝගී බව උදාකොට ගෙන ශුභවාදී ප්‍රගතියට නව ගමන් මඟක් යෙදෙනු පෙනී යයි. විජයග්‍රාහි උදාරතර ජීවන ගමන්මඟකට තුඩුදෙන ග්‍රහචාරයක් පවතියි.

 

වෘශ්චික රාශිය

සස යෝග බලය, 04 වැන්නේද බුධ ආධිත්‍යය යෝග බලය මෙන්ම ආලෝක ග්‍රහ බැල්මක් 02වැන්න වූ ධනස්ථානගතවද යෙදී අධිවේගී දියුණුවකට පාත්‍රවීමේ භාග්‍යය මේ කාලයේ උදාවී ඇත. රැකියා ආදායම් ක්‍රියාකාරකම් උසස්ම ප්‍රගතියකට පාත්‍රය වනු ඇත. පෙර ගමන්කරුවකු ලෙස ක්‍රියාත්මකව සමාජගත උසස් බවක් පිළිබිඹු කෙරෙනු ඇත. ජීවන රටාව උසස් වෙයි.

 

ධනු රාශිය

ආලෝක ග්‍රහයන් රවි කුජ ලග්න ගතවද චන්ද්‍රයා සප්තම දෘෂ්ටියෙන්ද යුක්තව ත්‍රිලෝචන යෝගබලයද බුධ ආධිත්‍ය යෝගය සමඟ ධර්මකර්මාධිපති සමඟ නාථ යෝග බලයෙන්ද වෙශී වොශී උභයචාරි බලයෙන්ද බලවත් ග්‍රහචාරය අතිශය ප්‍රශස්ත වෙයි. හදිසි තීරණ තීන්දු නොගෙන සාමකාමී ගමන් මඟකින් යුතුව කටයුතු කිරීමෙන් ජය ලැබෙයි.

 

මකර රාශිය

බුධ ආධිත්‍ය යෝග බලය 06 -12 ආලෝක ග්‍රහ කිරණ ලැබීයාමෙන් පදිංචිය, භූමිය, රැකියා ආදායම් මාර්ග නිර්මාණශීලි ප්‍රගතිය, උදා කෙරෙනු ඇත. දැඩි මානසික කළමනාකරණය තුළින් ආශි‍්‍රත ජනසමාජය ද අභිබවා යාමෙහි ශක්තිය ධෛර්යය උදා කෙරෙනු ඇත. විවාහ මංගල කටයුතු, සාර්ථක බවට පාත්‍ර කෙරෙයි.

 

කුම්භ රාශිය

සස යෝග බලය ලග්නගතවද බුධ ආධිත්‍ය යෝග බලය අයස්ථානය වූ 11 වැන්නේද 05 -11 ස්ථානගත ආලෝක ග්‍රහකිරණද ලබා උසස්තම ජීවන ගමන්මඟකට මඟ හෙළි කෙරෙයි. රැකියා ආදායම් මාර්ග නිවාස, භූමිලාභ ගෙන දීමේදී අපේක්ෂාවන් බොහෝ දුරට සතුටුදායක බවට විද්‍යමාන කෙරෙමින් ඇසුරු කරන සමාජයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරළීමේ ශක්තිය ධෛර්යය ළඟා කර ගනියි.

 

මීන රාශිය

රැකියා ආදායම් මාර්ග මෙන්ම ජීවිතයෙහි ආලෝක ගමන්මඟක් කර්මස්ථානය වූ 10 වැන්නෙන් විකාශනය වෙයි. 04 -10 ආලෝකන ග්‍රහ ගමන් මඟෙන් තිලෝචන යෝග බලයද 10 වැන්නේ බුධ ආධිත්‍ය යෝගයද සිකුරුට ලග්නය පෙනීයාමෙන් බාධක අවහිර දුෂ්කරතා බොහෝදුරට මඟහැරී යනු පෙනීයයි. ජීවන ගමන් මඟෙහි රන් දොරටුව විවර කෙරෙන භාග්‍යමත් කාල පරාසයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.