බුධ සිකුරු සංයෝගය හා ලෞකික සැප සම්පත්

මැයි 10, 2019

සිකුරු බුධ සංයෝගය කේන්ද්‍රයක යම් ශුභ ස්ථානයක පිහිටීම විවාහ ජීවිතයට මෙන්ම ලෞකික සැපසම්පත් විඳීමට සලස්වනු ලබන ඉතා වැදගත් යෝගයකි. විවාහයක් සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට සිකුරා බෙහෙවින් බලපාන්නේය. එබැවින් බුධ සිකුරු සංයෝගය ශුභව පිහිටියහොත් ඉතා වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට සලස්වයි. නරක අයුරින් පිහිටියහොත් නින්දා,අපහාස විඳින්නට සිදුවන අවාසනාවන්ත බව උදාකරයි.

බුද්ධියට අධිපතියා බුධය. කථාවට. වචනයට, කලාවට, ස්ථානෝචිත ප්‍රඥාවට , කපටි ශූර ක්‍රියාවන්ට, මායාවට අනුන් රැවටීමට, රැවටීමෙන් හෝ අන්‍යයන් තමා කෙරෙහි අද්දවා ගැනීමට, විශේෂයෙන් ලියුම්කියුම් කලාවට, ලියුම්කියුම් මඟින් අන්‍යයන්ගේ අවධානය දිනාගැනීමට බුධ ඉතා සමර්ථය. එහෙත් බුධ නපුංශක ග්‍රහයෙකු බැවින් තනිව සිටින විට බුධගෙන් කිසිදු වැඩක් සිදුනොවෙයි. එහෙත් වෙනත් ග්‍රහයකු හා එක්වූ විට එකී ග්‍රහයාගෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඉතා සූක්ෂ්ම ලෙසත්, පිරිසුදුවටත්, ලක්ෂණටත්,කිසිදු අඩුපාඩුවක් නැතුවත් කරදීමට බුධ අති දක්ෂයෙකි.

සිකුරා සමඟ සංයෝග වීමේදී බුධ හැටපැහිච්ච ගැහැණියකගේ ස්වභාවය ගනියි. ආශාවෙන් පෙළෙන රූමත්, තරුණ , හුරුබුහුටි කෙල්ලකට තරුණ මදයෙන් ඉල්පුණු නාඹර සටකපටි කොල්ලෙකුගෙන් ලැබෙන උපදෙස් හා ආධාර උපකාර බුධගෙන් සිකුරුට ලැබෙයි. පෙම් හසුන් ලිවීමට අද කාලයේ හැටියට නම් ඉ.ර්.ඉ ගසන්නට නිසි වයසටත් කලින් පෙළඹෙන්නේ මේ කිවි බුධ යෝගය ඇති අයයි. කිවි, බුධ සංයෝගය කේන්ද්‍රයක ශුභස්ථානයක ශුභ ආකාරයෙන් පිහිටියහොත් නිසි වයසටත් කලින්ම සහකාරයකු හෝ සහකාරියක සොයාගෙන ඇසුරුකිරීමට එවැනි අය පෙලඹේ.

කුජ බුධ සංයෝගය කේන්ද්‍රයේ 6-7-8-10-12 යන තැන් හැර අන් කොතැනක පිහිටියත් විවාහ ජීවිතය යහපත්වන බව ස්ථීර වශයෙන් කිව හැකිය. එහෙත් ඒ පිහිටීම පාප දෘෂ්ටි හා පාප සංයෝගයන්ගෙන් වැළකී ශුභදායක අන්දමින් පිහිටා තිබිය යුතුය.

 

ඡ්‍යොතිෂ විද්‍යා විශාරද, පොල්වත්තේ
ජස්ටින් පී. ගාල්ලගේ
ඡ්‍යොතිෂවේදී
ඩී.එස්. කළුආරච්චි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.