සතියේ පඤ්චාංගය

අප්‍රේල් 19, 2024

 

දිනූ තත්ත්වය

 

ශක වර්ෂ 1946ක් වූ මේෂ රවි 06 භාග බක් පුර එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 12 භාග බක් අව දියවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

 

රවි – මේෂ

කුජ – කුම්භ ( 23 දා උදේ 08.38 මීන)

බුධ – මීන

ගුරු – මේෂ

ශුක්‍ර – මීන ( 24දා රාත්‍රී 11.59 මේෂ)

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – අස්විද

කුජ – පුවපුටුප

බුධ – රේවතී

ගුරු – කැති

ශුක්‍ර – රේවතී ( 24දා රාත්‍රී 11.59 අස්විද)

ශනි – පුවපුටුප

රාහු – රේවතී

කේතු – හත

යුරේනස් – කැති

නැප්චූන් – උත්‍රපුටුප

 

 

පෝය

අපේ‍්‍රල් 23 අඟහරුවාදා අලුයම 03.27න් පුර පසළොස්වක ලබා 24 බදාදා අලුයම 05.20න් ගෙවේ. 23 අඟහරුවාදා සිල්.

 

චන්ද්‍ර චාරය

20දා රාත්‍රි 08.51 කන්‍යා

23දා උදේ 09.18 තුලා

25දා රාත්‍රී 07.58 වෘශ්චික

 

දිනූ තත්ත්ූවය

අපේ‍්‍රල් 19 සිකුරාදා

මේෂ රවි 06 භාග බක් පුර එකොළොස්වක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.01 ඉර බැසීම 06.19, මා නැකත උදේ 10.58න් ගෙවී පුවපල් නැකත ලබයි. බක් පුර එකොළොස්වක තිථිය රාත්‍රී 08.07න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය රාත්‍රී 12.45න් ගෙවී වෘධි යෝගය ලබයි. වණිජකරණය උදේ 06.49න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 08.07න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව – ඇස

මරු – ගිනිකොන

යෝගිනී – ගිනිකොන

සුබදිසාව – නැඟෙනහිර

 

අප්‍රේල් 20 සෙනසුරාදා

මේෂ රවි 07 භාග බක් පුර දොළොස්වක තිථිය ලත් ශනි දින. ඉර උදාව 06.00. ඉර බැසීම 06.19 පුවපල් නැකත දහවල් 02.05න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. බක් පුර දොළොස්වක තිථිය රාත්‍රී 10.43න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා පවතී. වෘධි යෝගය අලුයම 01.46න් ගෙවී ධෘම යෝගය ලබයි. බවකරණය උදේ 09.25න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 10.43න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – කන

මරු – නැඟෙනහිර

යෝගිනි – නිරිත

සුබ දිසාව – දකුණ

 

අපේ‍්‍රල් 21 ඉරිදා

මේෂ රවි 08 භාග බක් පුර තෙළෙස්වක තිථිය ලත් රවි දින. ඉර උදාව 06.00. ඉර බැසීම 06.19. උත්‍රපල් නැකත සවස 05.08න් ගෙවී හත නැකත ලබයි. බක් පුර තෙළෙස්වක තිථිය දවස පුරාම යෙදි පවතී. ධෘම යෝගය අලුයම 02.48න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. කෞලවකරණය දහවල් 11.59න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – බැම

මරු – උතුර යෝගිනී – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

 

අපේ‍්‍රල් 22 සඳුදා

මේෂ රවි 09 භාග බක් පුර තුදුස්වක තිථිය ලත් සඳු දින. ඉර උදාව 06.00. ඉර බැසීම 06.19 හත නැකත රාත්‍රී 07.59න් ගෙවී සිත නැකත ලබයි. බක් පුර තෙළෙස්වක තිථිය අලුයම 01.12න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය අලුයම 03.44න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 01.12න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 02.21න් ගෙවී

වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – නළල

මරු – වයඹ යෝගිනී – බටහිර

සුබ දිසාව – දකුණ

 

අපේ‍්‍රල් 23 අඟහරුවාදා

මේෂ රවි 10 භාග බක් පුර පසළොස්වක තිථිය ලත් කුජ දින, ඉර උදාව 05.59. ඉර බැසීම 06.19. සිත නැකත රාත්‍රී 10.31න් ගෙවී සා නැකත ලබයි. බක් පුර තුදුස්වක තිථිය අලුයම 03.27න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය අලුයම 04.29න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. වණිජකරණය අලුයම 03.27න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.24න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – හිස්මුදුන

මරු – බටහිර යෝගිනී – වයඹ

සුබදිසාව – දකුණ

 

අපේ‍්‍රල් 24 බදාදා

මේෂ රවි 11 භාග බක් පුර අව පෑලවිය ලත් බුධ දින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.19. සා නැකත දවස පුරාම යෙදී පවතී. බක් පුර පසළොස්වක තිථිය අලුයම 05.20න් ගෙවී බක් අව පෑලවිය තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය අලුයම 04.57න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බවකරණය අලුයම 05.20න් ගෙවී බාලවකරණය ලබා එය සවස 06.04න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – හිස මරු – නිරිත

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

අපේ‍්‍රල් 25 බ්‍රහස්පතින්දා

මේෂ රවි 12 භාග බක් අව දියවක ලත් ගුරු දින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.19 සා නැකත රාත්‍රී 12.40න් ගෙවී විසා නැකත ලබයි. බක් අව පෑලවිය තිථිය උදේ 06.47න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය උදේ 06.06න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. කෞලවකරණය උදේ 06.47න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 07.18න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – නළල

මරු – දකුණ යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.