සමරිසියන් බිහි කරන ග්‍රහ පිහිටීම්

අප්‍රේල් 19, 2024

 

ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙතට ලිවීමට අදහසක් පහළ වූයේ මෑතකාලයේදී අසම්මත ලිංගික සම්බන්ධතාව ඉහළ ගොස් ඇති බවට ලොව පුරා පැතිර යන ප්‍රවෘත්ති සමඟය.

ඒ අනුව වර්තමාන සමාජයේ පවතින අසීමිත නිදහසත්, ආගම ධර්මයට, මිනිස් ගුණධර්මවලට මුල් තැනක් නොදීමත්, මිල මුදල් වස්තු, සම්පත්වලට මුල් තැනක් දීම යන කරුණු මත බොහෝ තරුණ තරුණියෝ, සමලිංගික සේවනයට සහ විවිධ වූ විකෘති ලිංගික ක්‍රියාවන්ට යොමු වීමේ යම් ප්‍රවණතාවක් දක්නට ඇත.

ඒ අනුව මෙකී විකෘති කාම සේවනය පිළිබඳව ඡ්‍යොතිෂමය දෘෂ්ටිකෝණයකින් කරුණු විමසා බලන කල ලග්න කේන්දරයක සිකුරු 22 වෙනි දෙර්කාණාධිපතිව සිටියදී හෝ සිකුරු කටක, සිංහ, කන්‍යා, නවාංශකයක හෝ රාශියක සතුරුව, නීචව සිටි විටදී හෝ වක්‍රව හෝ අස්තව සිටියදී ලග්න කේන්දරයක 4 අධිපතියා ද දුර්වලව පාප පීඩිතව ඇති විටදී එකී 7 අධිපතියා 6 වැන්නාධිපතිගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් තවදුරටත් පාප පීඩිතව ඇත්නම් එවන් ග්‍රහබලයක් ඇති ජන්මීන් සමලිංගික සේවනයට යොදවන්නේ ලිංගික ශක්තිය දුර්වල නිසාය.

යට විග්‍රහ කළ ලෙස සිකුරු ලග්න කේන්දරයක දුර්වලව සිටියදී දුර්වල 7 වැන්නාධිපතිව 8 අධිපතිගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේ නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මීන් විකෘති කාම සේවනයට යොමු වන්නේ අන්‍යයන් විසින් ඔහු හෝ ඇය බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් සමලිංගික සේවනයට යොමු කිරීම නිසාය.

ඉහත විග්‍රහ කළ පරිදි සිකුරු ලග්න කේන්දරයක දුර්වලව සිටියදී 7 අධිපතිගේ දුර්වලව පාප පීඩිතව ඇති විටක දී එකී දුර්වල 7 අධිපතිට 12 වැන්නාධිපතිගේ දෘෂ්ටියක් හෝ සංයෝගයක් වේ නම් ඔහු හෝ ඇය විකෘති කාම ආස්වාදයට නැඹුරු වන්නේ ඔහු හෝ ඇය එයට ඇති දැඩි ආශාව හෙවත්, පෙර ආත්මවල ඇති කර ගන්නා ලද පුරුද්දක ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව ඉහත විග්‍රහ කළ කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අපි උදාහරණ කේන්දර කිහිපයක් අධ්‍යයනය කරමු. අංක එක උදාහරණ කේන්දරය අයත් වන්නේ එංගලන්තයේ ජීවත්වූ ලෝක ප්‍රකට ගත් කතුවරයෙක් වන ඔස්කාර් වයිල්ඩ්ටය. එම සිංහ ලග්නයේ කේන්දරය හිමි ඔහුගේ

උපත 1854/10/16 එංගලන්තයේ දී අලුයම 2.38ට අස්ලිස නැකතේ 2වන පාදයෙන් සිදුව ඇති හෙයින් බුධ මහ දශාව ඉදිරියට වර්ෂ 09යි මාස 1යි දින 19ක් ශේෂව තිබුණි.

රති කාමයට කාරක සිකුරු ග්‍රහයා 2 වැන්නෙහි නීච, කුජ, ශනි යන ග්‍රහයන්ගෙන් පීඩා වූ රාහු ගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩා වීමත් 7 අධිපතිව සෙනසුරු 10 වැන්නෙහි රාහු, කේතු යන පාළු ග්‍රහයන්ගෙන් ද 2 වැන්නෙහි පතිත නීච සිකුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවීමත් පුරුෂ ශක්තියට කාරකත්වයක් දරයි. අඟහරු රවිට අස්තව රාහු - කේතු 6 අධිපති ශනිගෙන් පීඩාවීම නිසා හෙතෙම සමලිංගික හැසිරීම්වලට දැඩි කැමැත්තක් දක්වන පුද්ගලයකු වීමට හේතු විය. 12 වැන්නාධිපති සඳු චිත්තකාරක ග්‍රහයා වෙමින් 12 වැන්න වූ කටකයේ ස්වක්ෂේත්‍ර බලය ලබමින් රාශි දෘෂ්ටියෙන් 10 වැන්නෙහි සිටින 7 අධිපති සෙනසුරුට රාශි දෘෂ්ඨියෙන් ද 2 වැන්නෙහි පතිත නීච කලත්‍ර කාරක, සිකුරු පූර්ණ දෘෂ්ටියෙන් දැකීම හෙතෙම පෙර ආත්මගත පුරුද්දක ප්‍රතිඵලයක් වශයෙන් සමලිංගික සේවනයට යොමුවීමට දැඩි කැමැත්තක් දැක්වූ පුද්ගලයකු බව වඩාත් පැහැදිලිව පෙන්වා දෙන ග්‍රහබලය වන්නේය.

ඒ නමුත් මොහුට විවාහයක් සිදු විය. කලත්‍රකාරක සිකුරු වෘෂභ නවාංශකයේ ස්වක්ෂේත්‍ර බලය ලැබීම 7 අධිපති සෙනසුරු, උපචය භාවයක් වන 10 වැන්නෙහි වක්‍ර නිසා චෙෂ්ටා බලය ලැබ කුලීර යෝග උදා කළ ස්ත්‍රිකාරක සඳුගේ නැකතක පතිතව සිටීම, ඔහුට විවාහයක් සිදුවීමට හේතු ග්‍රහබලයක් විය. එමෙන් පුත්‍රකාරක ගුරු 5 වැන්න වූ ධනුවේ මූල ත්‍රිකෝණ බලය ලැබ වර්ගෝත්තමව බලවත්ව සිටීම නිසා ඔහු විවාහයෙන් දරුවන් 4 දෙනකු ලැබූ මුත් යට සඳහන් කළ පරිදි කාමයට සම්බන්ධ ග්‍රහයන් වන කුජ, සිකුරු 7 අධිපති සෙනසුරුගෙන් පීඩාවීම නිසා ඔහු විකෘති කාම ආස්වාදයට දැඩි නැඹුරුවක් දැක්වීම හේතු කොටගෙන ඔහුගේ යුග ජීවිතය ආසාර්ථක වූ අතර, පවුලෙන් නෙරපන ලද හෙතෙම පසු කලෙකදී සමාජරෝගයන්ගෙන් පීඩා විඳ මහ මඟ මිය ගියේය.

දැන් තවත් උදාහරණ කේන්දරයක් වෙත අපි අපගේ අවධානය යොමු කරමු.

උපත 1958/08/29 දින ප.ව. 7.33ට ඇමෙරිකාවේ ගැරි ඉන්ඩියානාහිදී

ඉහත කේන්දරය අයත් වන්නේ ලෝක ප්‍රකට පොප් ගායකයකු වූ මයිකල් ජැක්සන් හටය. ඔහු උපන් කුම්භ ලග්න කේන්දරයේ 7 වැන්නාධිපති රවි උපේන්ද්‍ර යෝගය උදා කරන්නේ වර්ගෝත්තම බලයෙන් යුතුව සිටීම නිසා ඔහුට ඇමෙරිකාවේ හිටපු ජනපි‍්‍රය ගායකයකු වන එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය සමඟ යුග ජීවිතයට ඇතුළු වූ නමුත් එම විවාහය ඉතා කෙටි කාලයකින් කෙළවර වූයේ ඔහු ස්වකීය විකෘති කාම ආශාවන් සංසිඳවා ගැනීමට බාලයින යොදවා ගන්නා බවට කරුණු හෙලිදරව් වීම නිසාය. එපමණක් නොව මොහු බාල අපරාධයේ යෙදෙන්නෙකු බව කරුණු හෙළිදරව් වීම නිසා මයිකල් ජැක්සන් ලොව පුරා සිටින පොප් සංගීත ලෝලීන්ගේ අප්‍රසාදයට ලක්විය . ඒ පිළිබඳ ඉහත කේන්දරය අනුව කරුණු පරික්ෂා කර බලන කල රතිකාමය ගැන කියැවෙන ග්‍රහයෙක් වන සිකුරු 6 වැන්න වූ කටකයේ සතුරුව සිටීම සහ 6 වැන්න සිකුරු ග්‍රහයාගේ බලය ඉතා දුර්වල කෙරෙන භාවයක් හෙවත් සිකුරු දරුණු ග්‍රහයෙක් බවට පත්ව දුර්වලවීම දුබල සිකුරුගේ පාපි බලය තවරාගත් සඳු ලග්නයේ පතිතව 7 අධිපති රවි දැකීමෙන් පැහැදිලි වන්නේ මයිකල් ජැක්සන් ලිංගික බෙලහීනතාවක් මත බාල අපචාරයට යොමුවූ බවයි. මෙහිදී බාලයන් නිවේදන කෙරෙන බුධ දරුවන් නිවේදන කෙරෙන 5 වැන්න වූ මිථුන රාශියේ අධිපති වෙමින් 7 අධිපති රවි සමඟ යෝගව යට කී 6 අධිපති සඳුගෙන් ද ලග්නාධිපති මෙන්ම 12 වැන්නාධිපති වූද 22 වෙනි දෙර්කාණාධිපති සෙනසුරු සහ නපුංසක කේතු යන ග්‍රහයන්ගේ සප්තම සහ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවී සිටීම මයිකල් ජැක්සන් බාල අපචාරයේ යෙදීමට හේතුවූ ප්‍රධාන ග්‍රහ බලය වන්නේය.

දැන් අපි තවත් උදාහරණ කේන්දරයක් වෙත අපගේ අවධානය යොමු කරමු.

උපත 1925/11/17 අලුයම 2.15ට අමෙරිකාවේදී සෙනසුරුගේ හිමි අනුර නැකතේ 4 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් ශනි මහ දශාව ඉදිරියට වර්ෂ 1යි මාස 8යි, දින 12ක් ශේෂව තිබුණි.

ඉහත කේන්දරය අයත් වන්නේ සමලිංගික සේවනය හේතු කොටගෙන ඒඩ්ස් රෝගය වැලඳීමෙන් මිය ගිය ජනපි‍්‍රය හොලිවුඩ් සිනමා නළු රොක් හඩ්සන්ට ඔහු උපන් කන්‍යා ලග්න කේන්දරයේ 7 අධිපති ගුරු සිව්වැන්නෙහි වර්ගෝත්තම බලය ලැබ කලත්‍ර කාරක සිකුරු ග්‍රහයා සමඟ යෝග වේ. එම කේන්දරයේ බලවත් ගුරු, කුජ, සමඟ යෝග වූ ශනි පූර්ණ දෘෂටියෙන් දැකීම නිසා ඔහු අධිකාම ශක්තියෙන් යුත් පුද්ගලයකු් බව ලග්න කේන්දරය පෙන්වා දෙන්නේය.

මෙහිදී ස්ත්‍රී ග්‍රහයන් වන සඳු ලග්නයේ තුන්වැන්නේ නීච වීමත් සිකුරු නවාංශකයේ නීච වීමත් හේතු කොටගෙන මොහු පහත් ස්ත්‍රීන් සේවනය කරන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන අතර ඒ අනුව තරුණ කාලයෙහි මොහු බොහෝ ගණිකාවන් සේවනය කිරීම නිසා සමාජ රෝග වැලඳී ඉතා අසරණ වී පසුව එකී රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර මඟින් සුව කරගත් අතර, එතැන් පටන් ඔහුට ස්තී‍්‍රන් අපි‍්‍රය වූ අතර විදේශ සංචාරයකදී පුද්ගලයකු විසින් සමලිංගික අත්දැකීමක් ලබාදීම හේතු කොට මොහු පසු කාලයේදී දැඩි ලෙස සමලිංගික සේවනයට ඇබ්බැහිවීම හේතු කොට ගෙන ඒඩ්ස් රෝගය වැලඳී මිය ගියේය.

මොහුට 7 අධිපති ගුරුගේ බලවත්වීම මත විවාහයක් සිදු වුවද 7 අධිපති කුජ - ශනි යන ග්‍රහයන් ගෙන් යට කී ලෙස පීඩාවීමත් රාහු-කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරී යෝගයකට මැදි වීමත් හේතු කොට ගෙන විවාහය දික්කසාදයකින් කෙළවර විය. ඒ අනුව රොඩ් හඩ්සන්ගේ කේන්දරයෙහි ස්ත්‍රී ග්‍රහයන් දුර්වල වීමත් පුරුෂ ග්‍රහයන් වන රවි, කුජ, ගුරු, ශනි යන ග්‍රහයන් බලවත් වී එකී පුරුෂ ග්‍රහයන් 7 අධිපතිට බලපෑම් කිරීම ඔහු ස්ත්‍රි සේවනයට වඩා සමලිංගික සේවනයට රුචිකත්වයක් දැක්වීමට හේතු වූ අනෙක් කරුණ විය. ඒ අනුව විවාහයක පුරුෂයෙක්ගේ කේන්දරයක එවැනි ග්‍රහ පිහිටීම් ඇති විට එම පුද්ගලයාට පසු කාලෙකදී විවාහ ස්ත්‍රියගේ කම්සැපය නීරස වී සමලිංගික සේවනයට යොමු විය හැකිය.

 

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.