සතියේ පඤ්චාංගය

මාර්තු 8, 2024

 

ශකවර්ෂ 1945ක් වූ කුම්භ රවි 25 භාග නවම් අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින සිට මීන, රවි 01 භාග මැදින් පුර විසේනිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – කුම්භ (14 දා දහවල් 12.36 මීන)

කුජ – මකර

බුධ – මීන

ගුරු – මේෂ

ශුක්‍ර – කුම්භ

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – පුවපුටුප

කුජ – දෙනට

බුධ – පුවපුටුප (09 දා අලුයම 02.51 උත්‍රපුටුප)

ගුරු – බෙරණ

ශුක්‍ර – දෙනට (12 දා රාත්‍රි 08.07 සියාවස)

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – හත

යුරේනස් – කැති

නැප්චූන් – පුවපුටුප

 

පෝය

මාර්තු 16 සෙනසුරාදා රාත්‍රි 09.45න් පුර අටවක ලබා 17 ඉරිදා රාත්‍රි 09.59න් ගෙවේ. 17 ඉරිදා සිල්.

 

චන්ද්‍ර චාරය

08 දා රාත්‍රි 09.18 කුම්භ

10 දා රාත්‍රි 08.42 මීන

12 දා රාත්‍රි 08.35 මේෂ

14 දා රාත්‍රි 10.46 වෘෂභ

 

 

දිනූ තත්ත්ූවය

මාර්තු 08 සිකුරාදා

කුම්භ රවි 25 භාග නවම් අව තෙළෙස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.22 සුවණ නැකත උදේ 10.40න් ගෙවී දෙනට නැකත ලබයි. නවම් අව දොළොස්වක තිථිය අලුයම 01.19න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. පරිඝ යෝගය අලුයම 04.46න් ගෙවී ශිව යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 01.19න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 11.41න් ගෙවී වණිජකරණය උදාවී එදින රාත්‍රි 09.57න් ගෙවී විෂ්ටිකරණය ලබා පවතී.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – කෙණ්ඩ

මරු – ගිනිකොන

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

මාර්තු 09 සෙනසුරාදා

කුම්භ රවි 26 භාග නවම් අව තුදුස්වක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.22 දෙනට නැකත උදේ 07.56න් ගෙවී සියාවස නැකත ලබයි. නවම් අව තුදුස්වක තිථිය 06.18න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. ශිව යෝගය අලුයම 12.45න් ගෙවී සිද්ධ යෝගය ලබා එය රාත්‍රි 08.32න් ගෙවී සාධ්‍ය යෝගය ලබා පවතී. විෂ්ටිකරණය උදේ 08.10න් ගෙවී ශකුණකරණය ලබා එය සවස 06.18න් ගෙවී චතුෂ්පාදකරණය ලබා පවතී.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – පතුල

මරු – නැඟෙනහිර

යෝගිනී – බටහිර

සුබ දිසාව – උතුර

මාර්තු 10 ඉරිදා

කුම්භ රවි 27 භාග මැදින් පුර පෑළවිය තිථිය ලත් රවි දින ඉර උදාව 06.20 ඉර බැසීම 06.22 සියාවස නැකත අලුයම 04.57න් ගෙවී පුවපුටුප නැකත ලබයි. නවම් අමාවක තිථිය දහවල් 02.32න් ගෙවී මැදින් පර පෑළවිය තිථිය ලබයි. සාධ්‍ය යෝගය සවස 04.15න් ගෙවී ශුභ යෝගය ලබයි. චතුෂ්පාදකරණය අලුයම 04.26න් ගෙවී නාගකරණය ලබා එය දහවල් 02.32න් ගෙවී කිංස්තුංග කරණය ලබා පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – මාපටැඟිලි

මරු – උතුර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

මාර්තු 11 සඳුදා

කුම්භ රවි 28 භාග මැදින් පුර දියවක තිථිය ලත් සඳු දින, ඉර උදාව 06.19 ඉර බැසීම 06.22 පුවපුටුප නැකත අලුයම 01.57න් ගෙවී උත්‍රපුටුප නැකත ලබා එය රත්‍රි 11.06න් ගෙවී රේවතී නැකත ලබයි. මැදින් පුර පෑළවිය තිථිය උදේ 10.48න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. ශුභ යෝගය දහවල් 12.00න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. කිංස්තුංගකරණය අලුයම 12.39න් ගෙවී බවකරණය ලබා එය උදේ 10.48න් ගෙවී බාලවකරණය උදාවී එදින රාත්‍රි 09.01න් ගෙවී කෞලවකරණය උදාවී පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – පතුල

මරු – වයඹ යෝගිනී – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

මාර්තු 12 අඟහරුවාදා

කුම්භ රවි 29 භාග මැදින් පුර තියවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.19 ඉර බැසීම 06.22 රේවතී නැකත රාත්‍රි 08.35න් ගෙවී අස්විද නැකත ලබයි. මැදින් පුර දියවක තිථිය උදේ 07.16න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය උදේ 07.56න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. කෞලව කරණය උදේ 07.16න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 05.41න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – කෙණ්ඩ

මරු – බටහිර

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – උතුර

මාර්තු 13 බදාදා

කුම්භ රවි 30 භාග මැදින් පුර ජලවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.18 ඉර බැසීම 06.22 අස්විද නැකත සවස 06.31න් ගෙවී බෙරණ නැකත ලබයි. මැදින් පුර තියවක තිථිය උදේ 04.07න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය අලුයම 04.10න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. ගරජකරණය අලුයම 04.07න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 02.47න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – දණහිස

මරු – නිරිත යෝගිනී – නිරිත

සුබ දිසාව – නැඟෙනහිර

මාර්තු 14 බ්‍රහස්පතින්දා

මීන රවි 01 භාග මැදින් පුර විසේනිය තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.18 ඉර බැසීම 06.22 බෙරණ නැකත සවස 05.03න් ගෙවී කැති නැකත ලබයි. මැදින් පුර ජලවක තිථිය අලුයම 01.31න් ගෙවී පුර විසේනිය තිථිය ලබා එය රාත්‍රි 11.32න් ගෙවී පුර සැටවක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය අලුයම 12.52න් ගෙවී වෛධෘති යෝගය ලබා එය රාත්‍රි 10.05න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.31න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.27න් නිමා වී බාලවකරණය උදාවී එදින රාත්‍රි 11.32න් ගෙවී කෞලවකරණය උදාවී පවතී.

විෂ කලාව – ඇස

අමෘත කලාව – ලිංග, යෝනි

මරු – දකුණ යෝගිනී – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.