ධන හානි පෙන්වන රේඛා

පෙබරවාරි 23, 2024

 

පසුගිය සතියේ හදිසි ධන ලාභයක හිමිකම ඔබගේ අත්ලේ සටහන් වන ආකාරය ගැන සාකච්ජා කළ අතර, අද ආර්ථිකමය වශයෙන් සිදුවන ධන හානි අත්ලේ සටහන් වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු.

ආර්ථිකමය පාඩු හෙවත් ධනහානි දෛව්‍ය රේඛාවට බලපෑම් කරන අනිකුත් රේඛාවලින් හඳුනා ගත හැකිය.ඒ අනුව ගුරු මණ්ඩලේ පිහිටි තරු සලකුණකින් පැමිණෙන රේඛාවකින් ( A) දෛව්‍ය රේඛාව කැපී එම කැපුම් ලක්ෂ්‍යයේ සිට ඉහළට දෛව්‍ය රේඛාව දුර්වල වී පිහිටා ඇත්නම් දේශපාලන හො ඒ හා සමාන වු නායකත්වයත් සදහා අවතීර්ණවීමට යාමෙන් හෝ අවතීර්ණ වීමෙන් වන අසාර්ථක භාවය නිසා සිදුවන ධන හානියක් හෙවත් ආර්ථිකමය පාඩුවක් බව හඳුනා ගත හැකිය.

එසේම බුධ මණ්ඩලයේ දැල් සලකුණකින් ( B) පැමිණෙන රේඛාවක් මඟින් දෛව්‍ය රේඛාව කැපී ඇත්නම් වංචනික ක්‍රියාවක් නිසා සිදුවුන ආර්ථිකමය පාඩුවක් පෙන්වන අතර මෙය බොහෝදුරට වංචනික ක්‍රියාවකට මුදල් යෙදවීමක් නිසා සිදුවිය හැකිය. ජීවන රේඛාවට සමාන්තරව පහළට බසින රේඛාවකින් පැමිණෙන රේඛා ඛණ්ඩයකින් ( C) දෛව්‍ය රේඛාව කපා දමා ඇතිනම් මිතුරෙකු නිසා තමාට සිදුවන පාඩුවක් පෙන්නුම් වේ. මිතුරෙකුට මුදල් දීම නැතිනම් මිතුරෙකු සමඟ ව්‍යාපාර ගනුදෙණු සිදුකිරීමෙන් මෙවැනි ආර්ථික පාඩු සිදුවිය හැකිය. ජීවන රේඛාවේ පිහිටි දම්වැල් සලකුණක් මඟින් පුද්ගලයෙකුගේ දිර්ඝ කාලීන අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන අතර එම දම්වැල් සලකුනින් නිකුත් වන රේඛා කණ්ඩයකින් (D ) දෛව්‍ය රේඛාව කපා දමා ඇත්නම් අසනිප තත්ත්වයක් හේතුවෙන් පිළියම් සඳහා මුදල් වියදම් වන බව පෙන්නුම් කරන ලක්ෂණයකි. තවද චන්ද්‍ර මණ්ඩලයේ යටම කොටසේ දැල් සලකුණකින් පැමිනෙන රේඛාවකින් (E ) දෛව්‍ය රේඛාව කපයි නම් වකුගඩු, ගර්භාශය හෝ ලිංග ප්‍රදේශ සම්බන්ධයෙන් ඇතිවන අසනීප තත්ත්වයකට මුදල් වියදම් වීමක් හෙවත් සිදුවන ආර්ථික පාඩුවක් ලෙස හඳුනා ගත හැකිය. මේ ආකාරයට සිදුවන ආර්ථිකමය පාඩු හෙවත් ධනහානි අත්ලේ රේඛා ලක්ෂණයන්ගෙන් පෙන්නුම් කරන අතර වයස දෛව්‍ය රේඛාවෙන් ලබාගත යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.