විවිධ බලැති පරිවර්තන යෝග

ජනවාරි 19, 2024

ඉපැරැණි ඍෂිභාෂිතයෙන් ගොඩනැඟුණ ඡ්‍යොතිෂය පෝෂණය කළ විග්‍රහ කළ ඍෂිවරු අතර පරාශර වාශිෂ්ඨ ජෛයමිණි විශ්වමිත්‍ර අත්‍රි අග්‍රස්ත්‍ය ආදි ඍෂිවරුන් ගැන කියවේ. මෑතකදී අප රට තුළ ඡ්‍යොතිෂ්‍ය පෝෂණය කිරීමට හා ප්‍රචලිත කිරීමට උත්සුක වුවත්වයි.ඒ. හරමානිස් අප්පුහාමි මහතා චාර්ලිස්ද සිල්වා මහතා දොන් ඩේවිඩ් ඈපා අප්පුහාමි මහතා හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතා මතකයට නැඟේ.

ඍෂිභාෂිතයට අනුව ඔවුන්ගේ විග්‍රහයනට පාත්‍රවන සුවිශේෂි යෝගබල විශේෂයකි, පරිවර්තන යෝග. ජන්ම පත්‍රයක ඉතා ශුභ ඵල උදාකරන ස්ථාන හා මධ්‍යම ශුභ ඵල උදාකරන ස්ථාන හා හය වැන්න, අටවැන්න සහ දොළොස්වැන්න අතර නිර්මාණය වන මෙම පරිවර්තනය යෝග කොටස් තුනකි.

1. අධික ශුභ ඵල උදාකරන මහා පරිවර්තන යෝග

2. මධ්‍යම ශුභ ඵල උදාකරන පරිවර්තන යෝග

3. අශුභ ඵල උදාකරන පරිවර්තන යෝග වශයෙනි.

මේ යෝග පිළිබඳ විග්‍රහ කරනවාට වඩා ඉහත කී පරිවර්තන යෝග විග්‍රහයට අනුව එකී අවස්ථා තුන නිරූපණය වන අයුරින් නිදසුන් තුනක් ඉදිරිපත් කිරීම සුදුසුයැයි සිතමි.

1902 ඔක්.22 කන්‍යා ලග්නයෙන් උපත ලද ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි දක්නට ලැබුණ ආචාර්ය ඩබ්ලිව්. දහනායක මැතිතුමාගේ ජන්ම පත්‍රයේ මහා පරිවර්තන යෝග දෙකක්ම දක්නට ලැබුණි. ලග්නය හා දෙවැන්න අතර වූ බුධ, සිකුරු පරිවර්තන යෝගය, හතරවැන්න හා පස්වැන්න අතර දක්නට ලැබෙන ගුරු, ශනි පරිවර්තන ග්‍රහ යෝගය, මධ්‍යම පරිවර්තන යෝග නොහොත් තරමක් ශුභඵල උදාකරන පරිවර්තන යෝගයකට නිදසුනක් පහත දැක්වේ.

1972.1.4 උදේ 8.00ට උපත ලද තරුණ ගොවි මහතෙකි.

මේ තරුණ ගොවි මහතා දක්ෂ මඩ ගොවිතැන්කරුවෙකි. ගොවිතැනෙන් යමක් උපයාගෙන ඔහු තරමක උසස් ජීවන රටාවක් ගත කරයි. භාග්‍යස්ථාන අධිපති බුධ අයස්ථානගතව ඔහුගේ මධ්‍යම පරිවර්තන යෝග බලය ශක්තිමත් කර ඇත.

තෙවැනි වර්ගයට අයත් දෛන්‍ය පරිවර්තන යෝග හෙවත් ශුඵ ඵල වෙනුවට අශුභ ඵල උදාකරන පරිවර්තන යෝගයකට නිදසුනක් මෙසේ සඳහන් කරමි.

කොළඹ දිස්ත්‍රික්කයේ උපත ලද විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකුගේ ජන්ම පත්‍රය තුළ එකී යෝගය පිහිටා ඇති අයුරු බලමු.

මෙහි හත්වැන්න නොහොත් විවාහක ස්ථානය වන මීන රාශිය අධිපති ගුරු හයවැන්නේ සිටින අතර හයවැන්න අධිපති ශනි 7 වැන්නේ සිටී. මෙය අශුභ පරිවර්තන යෝගයකි. පුවසල නැකත හිමි සිකුරු දසාවෙන් ඉපිද සිටින අතර 1938. 08. 08 උපත ලද මෙම විදුහල්පතිතුමා දැනට අවුරුදු 85 ඉක්මවා සිටී.

 

කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත

සාම විනිසුරු

උඩදුම්බර මිනිපේ

ප්‍රධාන අධිකරණය සංඝ නායක

කුඹල්ගමුවේ ධම්මාලංකාර හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.