අඟහරු ග්‍රහයා

මාර්තු 12, 2021

අප වටා කැරකෙන සෞරග්‍රහ මඩුල්ලේ ප්‍රධානියා රවි නැත්නම් අර්කඞ කියනවා. පවුලේ තාත්තා ඒ කිව්වේ සැර තාත්තා කිට්ටුවටවත් යන්න බැහැ. ඒ වගේම සැර ග්‍රහයෙක් තමයි අඟහරුවා.

අප වටා වේගයෙන් භ්‍රමණය වන සෞරග්‍රහ මණ්ඩලයේ ඔක්කොම ග්‍රහයන් 12 ක් ඉන්නවා. ඒ තමයි නව ග්‍රහ සමඟ ප්ලූටෝ. නැප්චූන් සහ යුරේනස්. මේ ඉංගී‍්‍රසි නම්. ඇත්තටම කිව්ව නම් රෝම දාර්ශනිකයන් දාපු නම්. පසුකාලයකදී මේ ග්‍රහ ත්‍රිත්වය ගැන එතරම් පලාපලයක් සඳහන් කළේ නැහැ.

අපි ඒ දවස්වල වරුණ, අග්නි, කියල නම් වලින් හැඳින්වූයේ මේ තමයි. නම් ග්‍රහයන් ගෙන් රාහු හා කේතුන් ඉවත් කරන්න තමයි ළඟදි නාසා ආයතනය සැරසුණේ. නමුත් මොන කාරණාවකින් හෝ එය සිදු වුණේ නැහැ. මේවා ග්‍රහයෝ නොවේ ග්‍රහ අසුරේන්ද්‍රයො කියල කිව්වට ඡ්‍යොතිෂයට ඉතා බලපෑම් කරනවා. කෙනෙකුට උත්පත්ති කේන්දරයේ රාහු නරකට ඉඳලා තත්කාල කේන්දරයේ සතුරු හෝ නීච වුණොත් ඉවරටම ඉවර කරනවා. සෙනසුරාට දෙවෙනි වන්නේ නැහැ. සිද්ධි නාගර්ජුනය දමන්නටම වෙනවා. වැටකෙයියා පැදුරුවල නිදන්නම වෙනවා.

අප වටා කැරකෙන සෞරග්‍රහ මඩුල්ලේ ප්‍රධානියා රවි නැත්නම් අර්කඞ කියනවා. පවුලේ තාත්තා ඒ කිව්වේ සැර තාත්තා කිට්ටුවටවත් යන්න බැහැ. ඒ වගේම සැර ග්‍රහයෙක් තමයි අඟහරුවා. මහී කියලත් කියනවා. අයිත් වැඩිපුරම පොළොවේ ජීවත් වන සත්වයන්ට, සත්වයන්ට කිව්වට සත්වයන්ගේ ලේ ධාතුවට දවසේ පැය ගණන මනින කොට ස්ලෝකයේ සඳහන් කළේ. මේ විදියටනේ. අර්කඞ සුක්ක්‍රො බුධඞ . චන්ද්‍රඞ සැනිර් මන්ත්‍රි මහීශුතඞ - මේ මහීශුතඞ කිව්වේ. අඟහරුවට තමයි. මේ අඟහරු ලෝකයට ගිය අයත් ඉන්නවා. ඔවුන් කියන විදියට වැඩිපුරම කුරුමිට්ටෝ වාසය කරන බවක් කියනවා. මේ අඟහරුවා ගැන ගොඩක් අය නියමාකාරයට දන්නෙ නැහැ. හැම ග්‍රහයෙක්ම යහපත් වගේම අයහපත් වන බවත් පෙනෙනවා. සෙනසුරා කිව්වම අපට මතක් වන්නෙ ඒරාශ්ඨක. ඒ වගේ අඟහරුවා නැත්නම් කුජ කිව්වාම එක පාරටම මතක් වන්නේ විවාහබාධක. මොකද මේ අඟහරුවා උත්පත්ති කේන්දරයේ 7 වැනි හෝ 8 වැන්නෙ හතුරුව හිටියොත් විවාහයට සොරි වනවා. එතකොට ස්ඛන්ධ භූපර යන්ත්‍රයට නියමාකාරයට බඳින්න වේවි. අඟහරුවා ආඩම්බරකාරයා. වාහනය මොනරා. වර්ණය රතු, දිශාව දකුණ, අවතාරය මිනිස් රූපය, අඟහරුවගේ අපල කාලවලට මතුරන විට දිෂ්ටියට පෙනෙන්නෙ මිනිස් රූපය, අඟහරුවා ශරීරයේ රුධිරයට බලයි. නරක් වුණොත් බුද්ධ පුත්‍රයින් කියල බලන්නෙ නැහැ. මේ දවස්වල මේ අඟහරුවා ගැන ලියන්න විශේෂ වුවමනාව පසුව සඳහන් කරන්නම්. අනික අඟහරුවා පතුරවන්නා. දැන් ටිකක් වැටහෙනවා ඇති. පසුගිය හා දැන් පවතින වසංගතයෙදී මේ අඟරුවා හිස ඔසවනවා කියලා. මේ අඟහරුවට රාශි දෙකක් අයිතියි. මේ මේෂ ලග්නය හා වෘශ්චික ලග්නය පසුගිය දිනක ප්‍රසිද්ධ පුවත් පතකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආයතයෙන් රාජ්‍ය ඇමතිතුමා කියල තිබුණා ලංකාවේ දවසකට පවුල් 400ක් දික්කසාද වන බව. ඒක කරන්නෙත් මේ අඟහරුවගේ පිහිටීම හින්දා බව කිව්වොත් විශ්වාස කරනවද. දෙදෙනාගෙම ඉවසීම නැති කරල විවාහය කලින් කඩිනම් කරල පසුව කඩා විසුරුවා හරින්නේ මේ එකම අඟහරුවාමයි.

පෘථිවියට මේ අඟහරුවා ඉතා කිට්ටුයි. මෙයා නරක් වුණාම ඒවා කළාට යහපත් උච්ච කාලෙට 2 වැනි රාශිය, 10 වැනි රාශිය හා 11 වැනි රාශිවල පිහිටියොත්, ධනය, රැකි රක්ෂා, උසස්වීම්, ධන ලාභ , මැණික් ලාභ ලැබෙනවා. ඒකත් අමතක කරන්න එපා. ඕනෑම කේන්දරයක අඟහරුවා තුන් වැන්නේ යහපත් නම් හෙතෙම කඩිසර පුද්ගලයෙක්. හැබැයි පාපියෙක් නොදැක්කොත්.

මේ අඟහරුවාගේ නරක කාලයට සමහර අය රෝහල් ගත වනවා. ඒ අයගේ රුධිර සාන්ද්‍රතාවය උදේට අඩුවනවා. හවසට වැඩිවනවා. කොච්චර ප්‍රතිකාර කළත් සුවයක් නැහැ. ඔන්න ඔය කාලෙට සමහර වෛද්‍යවරු කියනවා. ඔය ගමේ ගොඩේ ප්‍රතිකාරයක් වත් කරල බලන්න කියලා මොකද නොකියා කියනවා. ඡ්‍යොතිෂය, ගුප්ත ශාස්ත්‍රය පැත්තෙත් යමක් කරන්න කියලා එතකොට අඟහරුවට නියමිත යන්ත්‍රය ශරීර ස්පර්ශ කලාම නිකන්ම හොඳ වනවා. අර අභිසම්භිධානය වගේ මතකයිනේ. අභිසම්භිධානය බුද්ධ යන්ත්‍රය සමහර රාජකීය ඡ්‍යොතිර්වේදීන් රට ගැන කියනවා. රටේ ප්‍රධානියාගේ ජන්ම පත්‍රය පරික්ෂා කරලා. එහෙම හරියනවාද රට ගැන කියන්න ඕනෑ. රටේ ජන්ම පත්‍රය පරික්ෂා කරලා. ඇමරිකාව ගැන පරික්ෂා කරල ලංකාව ගැන කියන අයත් නැතුව නොවේ. ඒ අය පසුගිය දිනවල හරි අසරණ වුණා. අඟහරුවා ගැන කියන කොට මේ ටිකත් සඳහන් කරන්න හිතුණා. ඕනෑම ජන්ම පත්‍රයක 6,8,12 කොටුවල රවි සහ බ්‍රහස්පති නීචව පතිත වෙලා තිබුණොත් කවදා හෝ දිනක අංශභාගයක් නූනත් එවැනි රෝගයක් හදනවා. ඒ ගැනත් හිතන්න. ඊට අමතරව රවි හා ගුරු සමඟ අඟහරුවත් සම්බන්ධ නම් ඔලුවේ ලේ කැටියක් හිර කරලා තමයි මේ රෝගය හදන්නේ. මිනිස් ශරීරයෙහි හිසට බලවතා රවි ඒ කාර්ය බාරගන්නවා. ලේ කැටි කිරීම කරන්නෙ අඟහරුවා වට්ටන්නෙ බ්‍රහස්පති. මේ ග්‍රහ තුන් දෙනාම එකතු වෙලා තමයි මේ රෝගය හදන්නේ. ඔබට හරියටම ජොතිෂය බැරි වුණත් මේ ග්‍රහයෝ මේ කොටුවල නම් පරිස්සම්වන්න පුළුවන් නිසයි මේක ලිව්වේ. ඔබ මේක මතක තබා ගන්න. මේ අංශභාගය රෝගය නිසා ඔබ එක තැන්වීම ඔබටම වළකාලන්න පුළුවන්. පූර්ණව මේ රෝගය හැදෙන්ට මේ ග්‍රහයෝ ත්‍රිත්වයම එකතු වන්න ඕනෑ. එහෙම නූනොත් අඩු ප්‍රමාණයකින් තමයි රෝගය හදන්නෙ. මේ රෝගය හැදෙන්න කලින් ඔබට කලාන්තය දාවි. එතකොටම වාඩිවන්න. එවිට ඔබව බිමට වැට්ටීමට බ්‍රහස්පතිට නොහැකි වනවා.

තවත් පුංචි දෙයක් අඟහරුවා ගැන කියන්නද? මෙයා ලිංගාශි‍්‍රතව රෝග හදන්න දක්ෂයා. මනුෂ්‍ය ශරීරය උෂ්ණාධික කරන්නෙ මෙයා. ඔබ දන්නවා නේද? ඩ්ධ්ඍ රෝගය ගැන. ඒක හදන්න. මුල්තැන හිමි අඟහරුවට ශරීරයේ කාම නිල ක්‍රියාකරවන්නෙත් සමාජ රෝග හදන්නෙත් මේ අඟහරුමයි. එය කාම නිල වලට අඟහරුගේ කිරණ වැදුනාම ඔබ කරන දේ ඔබම දන්නේ නැහැ. සරාගී යෝග ඇති කරවන්නෙත් මේ අඟහරුවා කොහොම හරි කාමය පැත්තට අඟහරුට ක්‍රියාත්මක වුණාම බිරිඳ ඉන්නවද දරුවො ඉන්නවද කියලා හිතෙන්නෙ නැහැ. කුකුළු කේන්ති කාරයෝ ගැන අහල තියෙනවා නේද? ඔය සමහරු කියන්නේ ඔයා සෝඩා බෝතලය වගේ කියලා. ඒ අඟහරුවා ක්‍රියාත්මක වුණාම. රෝගයක් පතුරවන්නත් දක්ෂයා. අඟහරුවා නරක් වුණාමත් ඒ වගේමයි. හරි ප්‍රවේසම් වන්න ඕනෑ. කල්පනාව එනකොට සිදුවන්න ඕනෑ ඒවා. සිදුවෙල ඉවරයි. කන්‍යා දූලා ඉන්න මෑණිවරුන්ට පුංචි පණිවිඩයක් දෙන්නම්. ඔබට ඒ වයසේ ගැහැනු දරුවො ඉන්නව නම් අඟහරුවගේ අතුරු දශාව නම් ගෙවන්නෙ වැඩි හරියක් මාසේ පුර පෝයට කලින් දින 14 තුළ දරුවාගේ ප්‍රථම මල්වරය වෙනවා.

මේ පණිවිඩය මෑතකදී විවාහ වූ අපේ පතිනි වරුන්ටයි. පතිනිය කිව්වේ විවාහයෙන් පසු දරුවෝ අපේක්ෂිත ගැහැනු දරුවන්ටයි. කොටින්ම කිව්වොත් දරුවෙක් ගැබ්ගත් අයටයි මේ කාලටෙ ඔබට රාහු, සෙනසුරු, අඟහරුවා හතුරු හෝ නීච නම් ගබ්සා වීම්, මුත්‍රා අමාරුවලින් ගොඩක් ප්‍රවේශම් වන්න. වැඩි උඩ නඟින්න එපා. ඔබ පදිංචි උඩු මහලේ නම් නිදන්නේ උඩු මහලේ ඇඳක නම් දරුවෙකුගේ පිළිසිඳ ගැනීමේ ලකුණු පහලවෙලා නම් අදම පහළ මාලයට මාරුවන්න. මේ ග්‍රහයන්ට මේ කාලෙට තරප්පු පෙළ නැග්ගත් ඇති ගබ්සා ඇති කරන්න. මේ අඟහරුවට යහපත් තැන් කියලා රාශි වගයක් සමහර පොත්වල සඳහන් කරනවා. ඒ වුණත් ඒ හැම ග්‍රහයෙක් ඕනෑම රාශියක හොඳට පතිත වුණොත් යහපත් ප්‍රතිඵලත් නරකට පතිත වුණොත් නරකට ප්‍රතිඵලත් දෙනවා. මෙතැනදී ගෝචර රාශිය දිහා බලන්න ඕනෑ. අටවැනි රාශියේ ඒ කිව්වේ අෂ්ඨමයේ අඟහරුවා ජීවිත හානිය පවා දෙනවා. නරක් වුණොත් බෞද්ධ දර්ශනයෙ නම් ඒවා ඉතින් පාප කර්ම කියල නිහඬ වනවා. අඟහරුවට නියමිත යන්ත්‍රය තමයි අභිසම්භිධානය හැරුනාම ස්ඛන්ධ භූපර යන්ත්‍රය , ජපවාර ගණන 1800 යි. දිෂ්ඨි මන්ත්‍රවලට ඉෂ්ඨපුවරය, කාලි දිෂ්ඨිය හොඳයි. රාම දිෂ්ඨිය වැනි ලොකු දිෂ්ඨි ඕනෑ නැහැ. අඟහරුව තමයි රුචක යෝගය හදන්නේ. ජාතක රත්නාකරයේ මෙහෙම තිබෙනවා.

රුව කෙයි උපනුත් මද රත්පැහැ වෙති

ඇග වෙර විරයෙද සතරන් දැනුමැති

යහපත් පැවතුම දි මෙහි තුටුවෙති

රජෙකුට බදු යම ඉසුරෙන් යුතුවෙති

 

පාරම්පරික ඡ්‍යොතිර්වේදී /ගුප්තවේදී

සම්මාන /සහතික ලාභී

ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප

අභිසෙස් අභිමාන් රාජ්‍ය සම්මාන 2020

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.