ජීවිතයේ දුක,සැපක් කරගන්නේ කෙසේද?

මාර්තු 15, 2019

මිනිස් ජීවිතය මහා දුක් ගොඩක් යැයි ප්‍රකාශ කරන අය අපි අතර ඕනෑ තරම් සිටින බව රහසක් නොවේ. එහෙත් එය පරම සත්‍යයක් නම් නොවේ. ජීවිතය දුක් ගිනිගොඩක් කරන්නේ අන් කවරෙකු නොව තමාමය. ජීවිතයකට දුක කඳුළ හා සුසුම උරුම දෙයකි. නමුත් මේ ගැනම සිත සිතා මනෝ භාවය කඩා බිඳ දැමීම හරිද? අපි සෑම විටම ධනාත්මක පැතිකඩක් හරහා බැලිය යුත්තේ තෙවැනි ඇසිනි.

ජීවිතය හා සිත ගැන අවබෝධාත්මකව බලනවිටදී අපට උසස් රසවින්දනයක් ආශ්වාදයක් ලැබිය හැකි ය. මිනිස් ආත්මයක් ලබා උපන් අපට ඇයි මුළු ජීවිතයම අන්ධකාර මාවතකට යොමුකර එහි ගමන් කරන්නේ. මෙහිදී සොබාදහම කිසිසේත්ම අමතක කර කතා කළ නොහැක. එය ගහට පොත්ත මෙනි.

නිරන්තරයෙන්ම සොබාදහම අප වෙත සිය අවධානය යොමුකර සිටින බව අමතක නොකරන්න. අපගේ සිත සතුටින් හා සැනසිල්ලෙන් පිරී ඇත්නම් ඔබ වෙත ලැබෙන සියලුම අවස්ථාවන්ගේ සතුට දෙගුණ තෙගුණ කර අප වෙත ලබාදීමට සොබාදහම සමත් ය. තවද ඔබ වේදනාවෙන් කනස්සල්ලෙන් යුතුව සිටී නම් නිසැක වශයෙන්ම ඔබ මානසික පීඩනයකට ගොදුරුවන අයෙකුම වනු ඇත. හිමිදිරි පාන්දර සිටම දුක්කරදර වධවේදනා චිත්ත පීඩාවන් ගැනම සිතන්නට පුරුදු වුවහොත් මුළු දවසම අශුභ තත්ත්වයට පත්වීම පුදුමයක් නොවේ.

කිසිම අයුරකින් ඔබේ මනසට අශුභවාදයට ගොඩවෙන්න ඉඩ නොතබන්න. හැමවිටම ඔබත් ඔබේ පවුල් සංස්ථාවත් මිතුරු මිතුරියනුත් සමඟ සතුට සමගිය හා අන්‍යෝන්‍ය සහ සබඳතාවය පවත්වාගෙන යාමට සිත දිරිමත් කර ගන්න. බැහැ යන්න ශබ්දකෝෂයෙන් අයින්කරන්න.

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී ටී.හෙන්රි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.