ඔබේ විවාහය සිදුවන කාලය දැන ගන්න

පෙබරවාරි 9, 2024

යම්කිසි ජන්මියකුගේ ජන්ම පත්‍රය බලා විවාහය සිදුවනු ලබන කාලවකවානුව දැන ගැනීම පිණිස සුබසෙත පුවත්පත පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරමි.

යම්කිසි ජන්මියෙකුගේ ජන්ම පත්‍රය බලා විවාහය සිදුවනු ලබන්නේ හත්වැන්නේ සිටින ග්‍රහයාගේ දශා කාලය තුළදීය. නොමැති නම් දෙවැන්නේ සිටින ග්‍රහයාගේ දශා කාලය තුළදීය. එසේ නොමැති නම් හත්වැන්නේ දකින ග්‍රහයාගේ දශා කාලය තුළදීය. සඳු හෝ සිකුරු දකීනම් විවාහය ඉතා ඉක්මනින් සිදු වනු ඇත. එසේම හත අධිපති හා දෙක අධිපතියන්ගේ දශා ගත කරන කාලය මංගල යෝග උදාවනු ඇත. එම අවස්ථාවක සෙනසුරුගේ ලග්න හෝ ජන්ම ඒරාෂ්ටක අපලයක් ඇතිවුවොත් ඒ අවස්ථාව වෙනස් වේ.

ලග්න අනුව මංගල යෝග උදාවන කාලවකවානු

මේෂ ලග්නයට - සිකුරු මහ දශාව අන්තර් දශා කාලය තුළදී.

වෘෂභ ලග්නයට - බුධ, කුජ මහ දශාව අන්තර් දශාව කාලය තුළදී.

මිථුන ලග්නයට - සඳු, ගුරු මහ දශා අන්තර් දශා කාලය තුළදී.

කටක ලග්නයට - ශනි, රවි මහ දශා අන්තර් දශා කාලය තුළදී.

සිංහ ලග්නයට - බුධ, ශනි මහ දශා අන්තර් දශා කාලය තුළදී.

කන්‍යා ලග්නයට - සිකුරු, ගුරු මහ දශා අන්තර් දශා කාලය තුළදී.

තුලා ලග්නයට - කුජ මහ දශාව අන්තර් දශාව කාලය තුළදී.

වෘශ්චික ලග්නයට - ගුරු, සිකුරු මහ දශාව අන්තර් දශා කාලය තුළදී.

ධනු ලග්නයට - ශනි, බුධ මහ දශා අන්තර් දශා කාලය තුළදී.

මකර ලග්නයට - සඳු මහ දශා අන්තර් දශා කාලය තුළදී.

කුම්භ ලග්නයට - ශනි, රවි මහ දශා අන්තර් දශා කාලය තුළදී.

මීන ලග්නයට - බුධ, කුජ මහ දශා අන්තර් දශා කාලය තුළදී.

ජන්ම පත්‍ර බලා විවාහය සිදුවන සීමාව මහ දශාව අන්තර් දශා කාලය බලා විවාහ වන්නේ නම් ඔබේ විවාහය ඉතා සාර්ථක වනු ඇත.

 

ඡ්‍යොතිෂ හා වාස්තු විද්‍යාවේදී,

දේශීය වෛද්‍යවිද්‍යා සූරී,

එච්.එම්. කිත්සිරි බණ්ඩාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.