කේන්දර නැති භිර්ගු නන්දන නාඩිය

ජනවාරි 26, 2024

පුදුම හිතෙන විස්මිත ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්‍රදායේ දී පුද්ගල පලාපල විග්‍රහය සඳහා සාම්ප්‍රදායික ලෙස මහත් වෙහෙසක් දරමින් විවිධාකාර ජන්ම පත්‍ර නිර්මාණයක් නොමැත. දශා ශේෂ නොමැත. ගෝචර දශා ගණනය කිරීම් නැත.

කලියුගය ආරම්භයේ දී කාකභුජන්දර මහා වාක්‍යය - කෞමාර නාඩි - අගස්ති වාක්‍යය ආදී විශ්මිත ග්‍රන්ථ අතරෙහි භිර්ගු නන්දන නාඩියද විද්‍යාමාන වෙයි. මේවා ලියැවී පවතින්නේ, තෙළිඟු ද්‍රවිඩ සංස්කෘත වැනි භාෂාවන්ගෙන් යුක්ත ශ්ලෝක පාඨ තුළය.

2011 වර්ෂයේදී ජීවිතයෙන් සමුගන්නා ලද ආර්.ජී. රාවෝ නම් පඬිතුමා භාෂා ප්‍රවීණයෙකු ලෙස එකී ග්‍රන්ථ ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කර තිබිණ. ඒ වාගේම තවත් බලවත් විද්වතෙකු වන කේ.එන්. රාවෝප් යන පඬිවරයාද එකී ග්‍රන්ථ ඉංගී‍්‍රසියට පරිවර්තනය කිරීමට මහත් වෙහෙසක් දැරීය. ඔවුන් එසේ නොකළා නම් අදටත් භිර්ගූ නන්දන නාඩි සම්ප්‍රදායේ ඉන්දියාවෙන් තල්පත් ඉරු අතරේ සැඟවී පවතිනු ඇත.

එකී ඉංගී‍්‍රසි පරිවර්තනයක් සිංහලට පරිවර්තනය කර සිංහල දන්නා ශාස්ත්‍රඥයින් අතරේ ප්‍රචලිත කිරීමට මහත් වෙහෙසක් දැරූ අතුල මංචනායක සූරීන් සිහිපත් කළ යුතුමය. 2011 වර්ෂයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දී දෙසීයකට ආසන්න පිරිසකට පර්යේෂණාත්මකව මාගේ භිර්ගූ නන්දන සම්ප්‍රදාය ගුරුදේවෝත්තම අතුල මංචනායක සූරීන් නොවන්නට ශ්‍රී ලංකාවට භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත ක්‍රමවේදය අදටත් රහසක් වන්නට ඉඩ තිබිණ.

එතුමා පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනවලට එළඹීමට අපූරු ක්‍රමවේද ඔස්සේ ගමන් කළා පමණක් නොව ග්‍රන්ථ රාශියක් සිංහලෙන් පළකිරීමටද ක්‍රියා කර තිබිණ. මේ ලිපි පෙළ තුළින් ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම්වලට පිවිසෙන ඔබට එකී ග්‍රන්ථද සොයා ගෙන පරිශීලනය කිරීමෙන් දැනුම වර්ධනය කර ගත හැකිය.

උපන් දිනයම පමණක් භාවිතා කොට ඡ්‍යොතිෂ විචාරයක් ගෙන ඒම නිසා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි, සත්ව, රජෝ ආදී වශයෙන් එක් එක් රාශිවල පවතින ගුණයෙන් දැන සිටීම අත්‍යවශ්‍යය. ඒ නිසා එකී විස්තර අඩංගු චක්‍රයක් අංක 07 දරන රූප සටහනින් ඉදිරිපත් කරනු ලැබේ.

තවද උත්පත්ති දිනයේ දී ග්‍රහයින් ගමන් කළ ගෝචර සමුච්චයද වැදගත් වන්නේ ඉදිරි මඟ පෙන්වීම්වලදී අවශ්‍ය වන ග්‍රහ පෙළ ගැස්වීම් සඳහාය. අපගේ උදාහරණය වන 2024.01.01 එකී ස්ඵුට දැක්වෙන වගුව අංක 03 දරන සටහනින් දක්වා ඇත.

 

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.