ක්‍රිෂ්ණමුර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මෙහෙම බලන්න

දෙසැම්බර් 15, 2023

ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය අනුව ජන්ම පත්‍රය මඟින් පෙන්වන වෙනත් කරුණු ගැන විශ්ලේෂණය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු පිළිබඳව අවධානය කරන්න. උපතේදී පැවති දශා ශේෂය කුජ ග්‍රහයාට අවුරුදු 03 මාස 07 දින 13 කි.

බාල සහෝදර සහෝදරියන්

ජන්ම පත්‍රයේ 3 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි සහ 3 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් ජන්මියාට බාල සහෝදර සහෝදරියන් ලැබෙයි.

දේපල, ඉඩකඩම් සහ යාන වාහන

ජන්ම පත්‍රයේ 4 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි සහ 4 වැනි භාව නිවේදක ග්‍රහයකු වන්නේ නම් මූලික අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ජන්මියාට දේපල, ඉඩ කඩම් සහ යාන වාහන ලැබෙයි.

ජන්මියාට හිමි විනෝදාංශ

ජන්ම පත්‍රයේ 5 වැනි භාවය සකස්වී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය පාලනය 

කරන ග්‍රහයන්ගේ භාව නිවේදකත්වය සහ 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා සහ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම් ගෙන සිටි රාශිය අනුව ජන්මියාට හිමි විනෝදාංශ අඳුනාගත හැකිය.

දරුපල වාසනාව

ජන්ම පත්‍රයේ 5 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා ජන්ම පත්‍රයේ 5 වැනි, 2 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වන්නේ නම්, ජන්මියාට දරුපල වාසනාව ලැබෙයි.

ජන්ම පත්‍රයේ 2 වැනි, 5 වැනි සහ 11 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟ වනවිට, ජන්මියාට දරුපල ලැබෙයි.

සෞඛ්‍ය තත්ත්වය

ලග්න භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි සහ 6 වැනි භාවවලට සම්බන්‍ධතාවයන් දක්වන්නේ නම්, රෝගාබාධවලට ගොදුරු වෙයි. ජන්ම පත්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, රෝගාබාධවලින් පීඩා ලබයි. මෙම නිවේදක ග්‍රහයන් 8 වැනි භාවයට සම්බන්‍ධ වන්නේ නම්, රෝගාබාධ හේතුකොටගෙන, ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබයි. 12 වැනි භාවයටද සම්බන්‍ධ වන්නේ නම්, රෝහල් ගතවී ප්‍රතිකාර ලබයි. ජන්ම පත්‍රයේ 1 වැනි සහ 5 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, රෝගාබාධවලින් සුවය ලබයි.

ලග්නය අනුව සහකරුවන් ලබන ආකාරය

ජන්ම පත්‍රයේ 7 වැනි භාවය සකස් වී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය පාලනය කරන ග්‍රහයන්ගේ භාව නිවේදකත්වය සහ 7 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා සහ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම්ගෙන සිටි රාශිය අනුව ජන්මියාට සහකරුවන් ලබන ආකාරය අඳුනාගත හැකිය.

පීඩා ඇති කරන හදිසි අනතුරුවල ස්වභාවය

ජන්ම පත්‍රයේ 8 වැනි භාවය සකස්වී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය පාලනය කරන ග්‍රහයන්ගේ භාව නිවේදකත්වය සහ 8 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා සහ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම්ගෙන සිටි රාශියේ ස්වභාවය අනුව ජන්මියාට පීඩා ඇති කරන හදිසි අනතුරු අඳුනාගත හැකිය.

උගත් බව සහ අධ්‍යාත්මික සංවර්ධනය

ජන්ම පත්‍රයේ 9 වැනි භාවය සකස්වී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය පාලනය කරන ග්‍රහයන්ගේ භාව නිවේදකත්වය සහ 9 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා සහ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම් ගෙන සිටි රාශිය අනුව ජන්මියාගේ උගත් බව සහ අධ්‍යාත්මික සංවර්ධනය අඳුනාගත හැකිය. ජන්ම පත්‍රයේ 9 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි, 4 වැනි සහ 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි.

ලග්නය අනුව ජීවන ක්‍රමය සහ රැකියාව

ජන්ම පත්‍රයේ 10 වැනි භාවය සකස්වී ඇති රාශිය, නක්‍ෂත්‍රය සහ උපස්ථානය පාලනය කරන ග්‍රහයන්ගේ භාව නිවේදකත්වය සහ 10 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා සහ එම ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි ග්‍රහයා ලැගුම්ගෙන සිටි රාශිය අනුව ජන්මියාට හිමි රැකියාව අඳුනා ගත හැකිය.

ජන්ම පත්‍රයේ 2 වැනි, 6 වැනි සහ 10 වැනි භාව නිවේදක ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලසීමාවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන විට, ජන්මියා රැකියාවක නිරතවෙයි.

වැඩිමහල් සහෝදර සහෝදරියන්

ජන්ම පත්‍රයේ 3 වැනි භාවයේ උපස්ථානය අධිපති ග්‍රහයා 1 වැනි සහ 3 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන්නේ නම් ජන්මියාට වැඩිමහල් සහෝදර සහෝදරියන් සිටියි.

ඡ්‍යොතිර්වේදී ජී. එච්. ඩබ්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.